මාධ්‍ය හමුවකදී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ බව කියන හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබේ.
තීන්දුව ප්‍රකාශයට පත්වීමෙන් පසුව ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් එම නඩුවේ පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා තම සේවාදායකයාට එරෙහිව ද්වේශසහගත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් ඒ වෙනුවෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17(2) වගන්තිය යටතේ වන්දි අයකර දෙන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනෙකුට පෙබරවාරි මස 21 දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (02) නොතීසි නිකුත් කර තිබේ.
අසාද් සාලි මහතාට එරෙහිව පැමිණිලි කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහොමඩ් මුසම්මිල්, නිමල් පියතිස්ස සහ ජයනන්ද වැල්ලබඩ යන අයට එරෙහිව එලෙස නොතීසි නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ පැමිණිල්ල සලකා බැලීම සඳහා නඩුව පෙබරවාරි මස 21 වනදා කැඳවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මොහොමඩ් මුසම්මිල් ඇතුළු පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තුන්දෙනා වෙත නොතීසි නිකුත් කළේය.