බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසරණ සමෘද්ධි ලාභීන්ගේ නියමු ව්‍යාපෘතිය සුන්… ඇමති මැරයෝ මැණික් කොල්ල කති!

by editor
සැප්තැම්බර් 27, 2021
in පුවත්
මැණික් කොල්ලයට එරෙහිව අගෝස්තු මස පැවැත්වූ උද්ඝෝෂණය...

මැණික් කොල්ලයට එරෙහිව අගෝස්තු මස පැවැත්වූ උද්ඝෝෂණය...

Share on FacebookShare on Twitter

අඩු ආදායම් ලාභීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය යටතේ ක්‍රියාත්මකවන සමෘද්ධි ප්‍රජාමූල සමිතියක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා එක්ව අඩු ආදායම් ලාභීන්ගේ ආදායම් තත්වය නැන්වීම සහ රාජ්‍ය ආදායම  අරමුණු කරගෙන නුවරඑළිය මවුන්ජින් වත්තේ රජයේ භූමියක දියත් කර ඇති මැණික් ගැරීමේ ව්‍යාපෘතියක් එම අධිකාරිය භාර රාජ්‍ය ඇමති සහ ප්‍රබල කැබිනට් ඇමතිවරයෙකුගේ මාමණ්ඩියක් විසින් ස්වකීය මැරයින් යොදා බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇතැයි අඹගමුව ප්‍රාදේශීය සභාව පවසයි.

පොදුජන පෙරමුණේ බලය සහිත අඹගමුව ප්‍රාදේශීය සභාව  මේ  මැරයන්ගේ බලහත්කාරකමට එරෙහිව යෝජනාවක් සම්මත කරගෙන ඇති බවත්  හෙට ( 27) ඔවුන්ට එරෙහිව විරෝධතාවයක් දක්වන බවත් වාර්තා වේ

ගම්මුන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

320/F වටවල  ග්‍රාම නිලධාරී වසමේ මවුන්ජින් වත්තේ මහවැලි ගඟ ආශ්‍රිතව රජය සතු ඉඩමක ඇරඹූ මෙම ප්‍රජාමූල නියමු ව්‍යාපෘතියේ අරමුණ වූයේ අඩු ආදායම් ලාභී ප්‍රදේශ වාසී අසරණයින්ගේ ආර්ථික තත්වය ඉහළ දැමන අතර රජයේ ආදායම වැඩි කිරීමය. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය හා එක් වී මේ ව්‍යාපෘතිය දියත් වී තිබිණි.

මේ අතර පිටස්තර පුද්ගලයෙක් ප්‍රජාමූල සමිතියක් හරහා    මෙම ව්‍යාපෘති භූමියේ පර්චස් 40ක ඉඩක් සඳහා  මැණික් ගැරීමේ බලපත්‍රයක් සකස් කරගෙන පැමිණ තවත් කණ්ඩායමක් සමග එක්ව බලපත්‍ර නීති උල්ලංඝණය කරමින්  දිවා රෑ නැතිව කොටස් 09කින් සමන්විත මේ වටිනා මැණික් භූමියේ  අක්කර 2ක   පුරාම  මැණික් ගැරීම ආරම්භ කර තිබේ.

බලපත්‍ර නීති උල්ලංඝණය කරමින් සිදුකරන මේ අනීතික කටයුත්තට එරෙහිව ගම්වාසීන් පෙළ ගැසී මේ  ජාවාරම කරගෙන යන පුද්ගලයින් කීපදෙනෙක් අල්ලාගෙන තිබේ.

ඔවුන් ගම්වැසි පුද්ගලයින්ට තර්ජන කර ඇත්තේ තමන් රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ ගේ මිනිසුන් බවත්  තමන්ට අත තිබ්බොත් සිදුවිය හැකි දේ බලා ගත හැකි බවත්ය.

මැරයින් මැණික් ගරන කලාපය…

සිද්ධිය සම්බන්ධව මේ කණ්ඩායම පොලිසියට පැමිණිලි කළත් වටවල පොලිසිය නිසි ලෙස රාජකාරි කර තිබුණේ නැත. අවසානයේ දී ගම් වැසියෝ උද්ඝෝෂණයක නිතර වී තිබුණහ. ඒ 2021. 08. 09 දා… වටවල පොලිසිය සිදුකර තිබුණේ මේ මැණික් අපරාධකරුවන්ට එරෙහි වනවා වෙනුවට උද්ඝෝෂණය කළ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන උසාවියට දැමීමය.

මේ අතර ප්‍රාදේශීය සභාව මගින් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ තවත් අධ්‍යක්ෂවරයෙක් මේ ජාවාරම ගැන දැනුම්වත් වී ඇත. ඔහු අණ්ඩුවේ හවුල්කාර පක්ෂයක කැබිනට් ඇමතිවරයෙකුගේ නියෝජනයක් ලෙස මෙම අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වූවෙකි.

සිද්ධිය වන තැනට මේ අධ්‍යක්ෂවරයා ගොස් කතා කරන්නට ගිය විට  ලොහාන් රත්වත්තෙ ඇමතිවරයාගේ හිතවතුන් බව කී මැරයින් ඔහුට අල්ලාගෙන පහර දී ඇත.

“ මේ ගැන දිස්ත්‍රික් ලේකම් තුමාට, ප්‍රාදේශීය ලේකම් තුමාට,  2021.07 25 ලිඛිතව මේ සංගම්වල අය විරෝධතාවය දක්වලා තිබුණා. ඊට පස්සෙ උද්ඝෝෂණ කළා. මේ බලපත්‍රය ව්‍යාපාරිකයන්ට ලබා දුන් සමිතියටත්,  මේ ක්‍රියාවටත් අපි දිගින් දිගටම විරෝධතාවය දැක්වුවා. එත් රාජ්‍ය නිලධාරීන් කට හොල්ලන්නෙ නෑ.  මේ වෙනකොටත් මෙතනින් වටිනා මැණික් ප්‍රමාණයක් අරන් ගියා කියලා අපි විශ්වාස කරනව.“

“අපි පාරට බහිනවා. ලොහාන් රත්වත්තෙ ඇමති  ගෙ ගෝලයො පුද්ගලික ආරක්ෂකයො කියන අය පාතාලයෝ වගේ… නීතිය ඒ අය අතට අරන්.  තව කොළඹින් ආව මැරයො පිරිසක් ඉන්නවා. ඇහුවාම කියන්නෙ   ඇමතිගෙ අය කියලා.  පොලිසියත් බීරො වගේ… අපිට වෙන කරන්න දෙයක් නෑ. අපි මේ ගැන පක්ෂ මූලස්ථානෙටත් දන්වලා තියෙන්නේ….“

අඹගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

ගම්මු ඔවුන්ගේ උද්ඝෝෂණ ව්‍යාපාරය හෙට ආරම්භ කරන බවත් එම ප්‍රකාශකයා කියනු ලැබුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඩීසල් නැව වෙලාවට නාවොත් ලොක්ඩවුන් කල් දමන්න වේවි – රනිල් කියයි

Next Post

කොවිඩ්වලින් පසු එන දරුවන්ගේ මාරකය –  බහු ඉන්ද්‍රීය අකර්මන්‍යතාව හිස ඔසවන හැටි විශේෂඥවරු කියති.. 

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.