බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අසරණයින්  සිය ගණන් මරා දමමින් අදත් ගාසාවේ ලේ ගලයි… මානව හිමිකම් ගැන දොඩවන බටහිර හෙළුවෙන්…   

by editor
දෙසැම්බර් 5, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඊශ්‍රායල හමුදා අඟහරුවාදා දකුණු ගාසා තීරයේ ප්‍රධාන නගරයට දිගු කලක් බලා සිටි මහා ප්‍රහාරය අද  දියත් කළේය.  ප්‍රතිඵලය වූයේ අසරණ නිරායුධ සිවිල්   පලස්තීන වැසියන් ගණන් කර නැති  විශාල සංඛ්‍යාවක් මිය යෑමය.  අති විශාල ගණනක් තුවාල ලබා තිබේ. ඔවුන්ගෙන් රෝහල්    රෝහල් පිරී ගොස් ඇත.

පසුගිය සතියේ සටන් විරාමයක් බිඳ වැටීමෙන් පසු සිදු වූ  මෙම  භූමි ප්‍රහාරය සටන් කාලය තුළම සිදුවූ විශාලතම ප්‍රහාරය ය.    නිවැසියන් පැවසුවේ ඊශ්‍රායල යුද ටැංකි ප්‍රථම වරට ඛාන් යූනිස් හි නැගෙනහිර ප්‍රදේශවලට ඇතුළු වී ඊශ්‍රායල දේශසීමා වැටෙන් එගොඩ වී බටහිර දෙසට ගමන් කළ බවයි.

ඇතැමෙක් ඛාන් යුනිස්ගේ නැඟෙනහිර මායිමේ පිහිටි බානි සුහයිලා නගරය තුළ ස්ථානගතව සිටිති.  තවත් සමහරුන් තවදුරටත් ඉදිරියට ගොස් හමාඩ් සිටි නම් කටාර් අරමුදල් සහිත නිවාස ව්‍යාපෘතියක් අද්දර ස්ථානගත ගතව ඇත.

ඊශ්‍රයාලයේ අලුත් නියෝගය –

ප්‍රදේශයෙන් පලා යන ලෙස නිවැසියන්ට නියෝග කිරීමෙන් දින කිහිපයකට පසු ප්‍රහාරය අතරතුර නවාතැන් තුළ රැඳී සිටින ලෙස දන්වමින්  උපදෙස් සහිත නව පත්‍රිකාවක්  අද (05)  ඊශ්‍රායල හමුදා   ගුවන් මගින් හෙලුවේය.

“ඉදිරි පැය කිහිපය තුළ, IDF (ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව) ත්‍රස්තවාදී සංවිධානයක් වන හමාස් විනාශ කිරීම සඳහා ඔබ පදිංචි ප්‍රදේශයට දැඩි ප්‍රහාරයක් දියත් කරනු ඇත”. ඛාන් යුනිස් හි හතරෙන් එකක් ආවරණයවන  නැගෙනහිර සහ උතුරු දිස්ත්‍රික්ක හයක පදිංචිකරුවන් අමතා ඇති පත්‍රිකාවල  ඊශ්‍රයාල හමුදා  සඳහන් කර ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

” පිටතට නොයන්න. ඔබේ ආරක්ෂාව සඳහා, ඔබ සිටින නවාතැන් හා රෝහල්වල රැඳී සිටින්න  පිටතට යාම අනතුරුදායකයි. ඔබට අවවාද කර ඇත.” එම පත්‍රිකාවල වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය මාසයේ  සතියක සටන් විරාමයට     පෙර ගාසා තීරයේ උතුරු අර්ධය අල්ලාගත් ඊශ්‍රායල හමුදා, දැන් එහි හමාස් පාලකයන් සමූලඝාතනය කිරීමේ ඉලක්කය සහිතව සිය ගොඩබිම මෙහෙයුම්    සෙසු ප්‍රදේශ වෙත ව්‍යාප්ත කරන බව පවසයි.

“අපි දැන් දෙවන අදියර සමඟ ඉදිරියට යනවා. දෙවන අදියර යුධමය වශයෙන් දුෂ්කර වනු ඇති” ඊශ්‍රයාල රජයේ ප්‍රකාශක Eylon Levy  රොයිටර් වෙත පවසා ඇත.

 හමාස් සංවිධානය විනාශ කිරීමේ අරමුණ සහිත මේ ගමනේ දී සිවිල් වැසියන් වෙත ලබාදෙන  උපදෙස් වලට අනුකූල වන තාක් සිවිල් වැසියන්ට සිදුවන හානිය අවම කිරීම සම්බන්ධයෙන් ඊශ්‍රායලය “නිර්මාණාත්මක ප්‍රතිපෝෂණ” සඳහා විවෘත බව ඔහු පැවසීය.

දුර්ග තරණය කරමින් මරණය සොයා යන ඊශ්‍රයාල යුද ටැංකි…

බිම මත විසිරුණු  ළමා සිරුරු

ඛාන් යුනිස් හි ප්‍රධාන රෝහලවන්නේ   නසාර් රෝහලය.  තුවාල ලැබූවන් විශාල ප්‍රමාණයක් ගිලන් රථවලින්, මෝටර් රථවලින්,  ට්‍රක් රථයකින් සහ බූරුවන් බැඳි කරත්තවලින් අද උදේ  රැගෙන එමින් තිබිනි.  තුවාල සහිතව දිවි ගලවාගත්   සිවිල් වැසියන් ප්‍රකාශ කර තිබුනේ අවතැන්වූවන් නවාතැන් ගෙන සිටි පාසලකට එල්ල කළ ඊශ්‍රයාල ප්‍රහාරයකින් තමන්ට මේ විනාශය සිදුවූ බවය.

සෑම වාට්ටුවක් තුළම  සෑම බිම් අඟලක් අඟලක් පාසාම  තුවාලකරුවන් අතුරා සිටි ආකාරය රොයිටර් වාර්තා කළේය. රෝහල පුරා රැව් දෙමින් තිබුණේ  ඥාතීන්ගේ  විලාප හඬය.   .

රෝගියාගෙන් රෝගියාට යුහුසුළුවන වෛද්‍යවරුන් අතරින් එක්  වෛද්‍යවරයෙක් ට්‍රැක් කිට් එකකින් සැරසී සිටි කුඩා පිරිමි දරුවෙකුගේ මළ සිරුරන්    රැගෙන ගොස් කොනක තැබුවේ, ලේ තැවරුණු ටයිල්   හරහා දෑත් විහිදුවමිනි.   ඉවත දැමූ වෙළුම් පටි සහ රබර් අත්වැසුම් වලින් වටවී, තුවාල ලැබූ පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙකු වැතිර සිටියහ.  ඔවුන්ගේ අත් පා බිඳී ගොස් තිබිණි.

නිවස කඩාවැටීමෙන් තවමත් දූවිල්ලෙන් වැසී සිටි තරුණ දැරියන් දෙදෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටියහ. ඔවුන්ගේ  පවුල බිඳවැටුණු නිවසේ සුන්බුන් අතර වැලලී ගොස්ය.

“මගේ අම්මයි තාත්තයි  සුන්බුන් යට ඉන්නවා,” එක් දැරියක් කෑ ගැසුවාය.    “මට මගේ අම්මා ඕනේ, මට මගේ අම්මා ඕනේ, මට මගේ පවුල ඕනේ.” ඇය හඬා වැටුනු ආකාරය රොයිටර් වාර්ගා කර තිබුනේ මහත් කම්පනයකිනි.

රෝහලින් පිටත සිටි මිනිස්සු   අවමංගල්‍ය කටයුතු සඳහා රැගෙන යාමට සුදු සහ ලේ වැගිරෙන රෙදිවලින් මළ සිරුරු ඔතාගෙන රැගෙන ගියහ. මළ සිරුරු දුසිම් ගණනක්   බිම ගොඩ ගසා තිබිණි. යතුරුපැදි කරත්තයක එම මළ සිරුරු  පහක් හෝ හයක් අයෙක් රැගෙන ගිය ආකාරය සජීවි සිද්ධිය දකිමින් රොයිටර් පුවත් සේවය ලියා තැබුවේය.

එක් 70 හැවිරිදි වියපත් මවක් කෑ ගසා කීවේ මිය ගිය අයගේ ගොඩගැසූ සිරුරු අතර තම පුතාගේ     ලේ තැවරුණු අත    දුටු බවය.

“මේ ඔහුගේ රුධිරයයි. මේ ඔහුගේ වටිනා රුධිරයයි. අල්ලාහ් ඔහුගේ ආත්මයට දයාව ලැබේවා. මගේ පුතේ… . මට   ඔහුගේ සුවඳ ඕනේ…, ඔහුගේ සුවඳ,   දෙවියනේ… අනේ දෙවියනේ… “ ඒ වියපත් මාතාව හඬා වැටුනාය.

ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක Ashra al-Qidra පැවසුවේ අවම වශයෙන් සිවිල් වැසියන්ගේ මළසිරුරු 43ක්වත් එදින උදෑසන නසාර් රෝහල වෙත රැගෙන පැමිණි බවය.

රෝහල්වල තත්ත්වය –

අද නසාර් රෝහල වෙත ගෙනා තුවාල ලද තරුණියක්…

“දකුණු ගාසා තීරයේ රෝහල් සම්පූර්ණයෙන්ම බිඳ වැටෙමින් පවතිනවා.    රෝහල්වලට පැමිණෙන තුවාල කරුවන්ගේ  ප්‍රමාණය හා ඔවුන්ගේ තත්ත්වය  සමඟ කටයුතු කළ නොහැකියි.” ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශක Ashra al-Qidra පැවසීය.

පලස්තීන ප්‍රවෘත්ති සහ තොරතුරු ඒජන්සිය (WAFA) වාර්තා කරන්නේ ජබාලියා කෑම්ප්හි කමාල් අද්වාන් රෝහල අවට බෝම්බ ප්‍රහාර ගණනාවකට ලක් වූ බවය.

මියගිය සිවිල් වැසින් 108ක් සහ තුවාල ලැබූ සිය ගණනක් කමාල් අද්වාන් රෝහල වෙත රැගෙන ගිය බව එම පුවත් සේවය කියයි. අද දිනයේ ප්‍රහාරවලින් අවතැන් වූ 7000කට අධික පිරිසක් සිටිති. විදුලිය විසන්ධි වී තිබේ. කමාල් අද්වාන් රෝහල තුළ කිසිම ජීවිතාරක්ෂක ශල්‍යකර්මයක් කෙරෙන්නේ නැත. ඊට අවශ්‍ය පහසුකම් වෛද්‍ය කණ්ඩායම්වලට නැත. කමාල් අද්වාන් රෝහල අවට රෝහල තුළ ඇති කර ඇති තත්ත්වයමත  එහි සමූහ ඝාතනයක් විය හැකි බවට වෛද්‍ය අංශ මේ වනවිට අනතුරු අඟවා ඇතැයි  පලස්තීන ප්‍රවෘත්ති සහ තොරතුරු ඒජන්සිය (WAFA) කියයි.

පලස්තීන නිල තොරතුරු ප්‍රකාශ අනුව උතුරු ගාසා තීරයේ මේ වනවිට ක්‍රියාත්මක වන්නේ රෝහල් 04ක් පමණි.  ගිලන් රථ 55ක් සේවයෙන් ඉවත් වී තිබේ. අවශ්‍ය වෛද්‍ය පහසුකම් රෝහල් තුළ නැත

මෙතෙක් සිදුවූ විනාශය

DEATH
ගාසා හි සමස්ථ මරණ ගණන සිදුවන හැටි….

ඊශ්‍රායලයේ බෝම්බ ප්‍රහාර   ගාසා තීරයේ මිලියන 2.3ක පදිංචිකරුවන්ගෙන් 80%ක් තම නිවෙස්වලින් පලවා හැර සිටිති.   බොහෝ දෙනා දකුණට පලා යති.   ජනාකීර්ණ දකුණු ප්‍රදේශ දැන් ඔවුන්ගේ සාමාන්‍ය ජනගහනය මෙන් තුන් ගුණයකින් වැඩි පිරිසකට නවාතැන් සපයා තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශ්වාසදායක ලෙස සලකනු ලබන ගාසා තීරයේ සෞඛ්‍ය නිලධාරීන්ගේ තහවුරු කළ තොරතුරු  අනුව මේ වනවිට සිවිල් පුද්ගලයන් 15,800 කට වැඩි පිරිසක් මියගොස් ඇත.     තවත් දහස් ගණනක්   සුන්බුන් යට වැළලී අතුරුදහන්ව සිටිති. දැන් ඒ ව්‍යසනයේ බිහිසුණුම උඡ්ඡස්ථානය ය.

සටන් විරාමය බිඳ වැටුණු දා සිට ඊශ්‍රයාලය මාර්ගගතව සිතියමක් පල කරමින්  භූමියෙන් ඉවත් විය යුතු ප්‍රදේශ පිළිබඳව ගාසා වැසියන්ට දැනුම් දෙමින් ඇත.

ඛාන් යුනිස්හි  නැඟෙනහිර කොටස සඳුදා එහි සලකුණු කර තිබිණි.  ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ නිවහන වන එම භූමිය අත්හැර අසරණ සිවිල් වැසියො ජීවිතය පමණක් අපේක්ෂාවෙන් පා ගමනින් ගමන් කරමින් සිටිති

“සාමාන්‍ය ජනතාව ආරක්ෂිතව සිටීමට කළ යුත්තේ අපගේ ට්විටර් ගිණුම්වලින්, අපගේ වෙබ් අඩවියෙන් නිකුත් වන උපදෙස්වලට සවන් දීම සහ ඔවුන්ගේ ප්‍රදේශවලට ගොඩබසින පත්‍රිකා දෙස බැලීමයි” යනුවෙන් ඊශ්‍රායල හමුදා ප්‍රකාශක Richard Hecht පවසා ඇත.

සියලු තැනම මරණයේ බිහිසුණු අඳුරය. ආරක්ෂාව සඳහා කිසිවෙකුගේ  කිසිම වගවීමක් නැත.   තමන්ට යාමට ආරක්ෂිත ස්ථානයක් ඉතිරිව නොමැති බව ගාසා වැසියෝ පවසති.

පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ නියෝජිතායතනයේ (UNRWA) නියෝජිත Adnan Abu Hasna,  සඳහන් කරන්නෙ දකුණින් දකුනට පළවා හරින ඛාන් යුනිස්හි වැසියන් මිලියනකට වඩා රාෆා දේශසීමා නගරය අසලට පැමිණෙනු ඇතැයි අපෙක්ෂා කරන බවය.

පවුල් දස දහස් ගණනක් මහ මගය. මේ වනවිට ඇද හැලෙන ධාරාණිපතා වර්ෂාවත් සමග පොලිතින් ලී කැබලිවලින් අටවා ගත් මඩු   සෑහෙන්නේ නැත.   , ”රෆා දේශ සීමාව හරහා ගාසා තීරයට දිනකට ඇතුළු වන ආධාර ට්‍රක් රථ 50 ත් 70 ත් අතර ප්‍රමාණයක් අවතැන් වූවන්ගේ අවශ්‍යතා සපුරාලීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැති බව Adnan Abu Hasna කියයි

“තත්වය පැයෙන් පැය නරක අතට හැරෙමින් තිබේ,” ගාසාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත රිචඩ් පීපර්කෝන් දකුණු ගාසාවේ සිට ලෝකයට කියයි.

බල්ලන් බලලුන් සේ නොදරුවන්, ගැහැණුන් නිරායුධ සිවිල් වැසියන් ඇස් පනා පිට මරා දමද්දී  ඇමරිකාව අතුළු බටහිර  ය අශික්ෂිත නිහඬවත පල කරති.

මේ මහා විලාපය හරහා මතුවී ඇති ලෝකයේ  මිදුනු නිහඬබව  තුළ කැකෑරෙන වේදනාව පුපුරා යන මොහොත ලංවෙමින් ඇති බව වටහා ගත යුතුය. ශිෂ්ඨාචාරයේ ගව් ගණනක් පසුපසට ගොස් කරන මේ ම්ලේච්ඡ සංහාරය නැවත ආපසු හැරෙන මොහොත ලෝකයේ විනාශකාරීම මොහොත වනු ඇති බව පමණක් විශ්වාස කරමු.

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බිංගිරිය පොලිසියේ ඕඅයිසී නීතිය අයාලේ යැව්වේ   බලපෑමකට ද?…

Next Post

ඩුබායි පැවැත්වෙන 19න් පහල ලෝක ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වෙයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.