ඩුබායි හි පැවැත්වෙන ආසියානු ක්‍රිකට් ශූරතා තරගාවලිය සඳහා සිනෙත් ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ශ්‍රි ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායම අද උදේ 6ට දිවයිනෙන් පිටව ගියහ.
ශ්‍රි ලංකා කණ්ඩායම ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් සහ නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත විය.
අනිද්දා (08) ආරම්භවන මෙම තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම මුහුණ දෙන මුල්ම තරගය 09 වැනිදා ජපාන 19න් පහළ කණ්ඩායමත් සමග පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තහනමක් පැනවීමෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් සහභාගී වන ප්‍රථම ජාත්‍යන්තර තරගාවලිය මෙය ය.
ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පහත දැක්වේ.