-
මීට පෙර අවස්ථා ගණනක දී සිදුවූ සිදුවීම් නොසලකා හැරලා… ආරක්ෂක වැඩපිළිවෙළක් රොහල් තුළ ක්‍රියාත්මක කරලා නෑ… සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය නොවෙයි… එය රෝහල් පරිපාලනයේ වගකීමක්… අවුරුදු 15ක් දේශපාලන හයියෙන් වැඩ බලන අධ්‍යක්ෂකම කරන දුලාන් සමරවීරගේ නිරුවත එළියට…
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරිය ව්‍යසනයට ලක් කිරීමේ අපරාධය තරම් බරපතල තත්ත්වයක නොතිබුණද පිටස්තර පුද්ගලයින් ගේ බලපෑම් සහගත සිදුවීම් හතරකට ආසන්න ප්‍රමාණයක් සිදුවී තිබුණත් රෝහල් පරිපාලනය නිසි පියවර නොගැනීම හේතුවෙන් අවසානයේ දී මේ ඛේදවාචකය සිදු වූ බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස අද පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය. ඔහු පෙන්වා දුන්නේ රෝහලක ඇතිවන තත්ත්වයන් කළමනාකරණය කරගැනීමේ වගකීම රෝහල් පරිපාලනයට අයත් නිශ්චිත වගකීමත් බවත් එය නිසි ආකාරව ඉටු වී නැති බවත්ය.
අනුරාධපුර රෝහලේ වැඩ බලන ද්‍යෛ අධක්ෂවරයාගේ නිහීන ස්වරූපය සම්බන්ධව මේ වනවිට දීර්ඝ වශයෙන් කරුණු හෙළිදරවු වෙමින් තිබේ.සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක අද මාධ්‍ය හමුවක් කැඳවමින් මේ පරිපාලන ඛේදවාචකයේ ස්වරූපය පැහැදිලි කර දුන්නේය.
“අනුරාධපුර රෝහල කියන්නේ ලංකාවේ විශාලත්වය අතින් 5 වැනි විශාලත්වය සහිත රෝහල. එහි පරිපාලකයා පත් වෙන්න ඕන වෛද්‍ය පරිපාලන විභාග සමත් වුන සුදුස්සෙක්. එහෙම සුදුස්සන් ඕන තරම් ඉන්නවා. එහෙත් පහුගිය දේශපාලන බලහත්කාරය පාවිච්චි කරලා එතෙනට පත්කරලා තියෙන්නේ දේශපාලන හෙංචයියෙක්. ”
“2005 ට ආසන්න කාලයේ උතුරුමැද ආණ්ඩුකාර සමරවීරගේ පුත්‍ර රත්නයවන දුලාන් සමරවීර කියන පුද්ගලයා නියම සුදුසුකම් වලින් තොරව අවුරුදු 14-15ක කාලයක් දේශපාලනික හයිය පාවිච්චි කරමින් අනුරාධපුර රෝහලේ වැඩබලන රෝහල් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනවා. ” ඔහු පෙන්වා දුන්නේ මේ පුද්ගලයා විසින් අනුරාධපුර රෝහල අරාජික භූමියක් බවට පත් කර තිබුණු බවය. අද පත් වී ඇති තත්ත්වයට වෛද්‍යවරුන් දෙදෙනෙක් ඇමතිකම් උප ඇමතිකම් දරන මේ අණ්ඩුවත් වග කිව යුතු බව ඔහු පෙන්වා දුන්නේ මේ ඇමතිවරුන්ට තමන් යටතේ ඇති ආයතනවලට සුදුස්සන් පත් කරගැනීමට ඇති නොහැකියාව පෙන්වා දෙමිනි.
සෞඛ්‍ය ඇමතිවරයා අද වෛද්‍ය පරිපාලනයේ දුර්වලතාවය ගැන රටට හෙළි කරන්නේ මේ පසුබිමේ දී ය. ඔහු මෙසේ සිය අනාවරණය කළේය.
“මේ සිදුවීමට කලින් මේ තරම් බරපතල නොවුනත් මීට ආසන්න සිදුවීම් කීපයක් පසුගිය වසර කීපයේම මේ රෝහල් පරිශ්‍රයේ සමහර නිල නිවාස ආසන්නයේ ඉඩම්වල සිදුවී තිබෙනවා. භාණ්ඩ පැහැර ගැනීම, තර්ජනය කිරීම, රාත්‍රී කාලයේ වෛද්‍යවරියකගේ කාමරය තුළ අනවසර පුද්ගලයෙක් ඉඳලා බය කිරීමක් වගේ දේවල් සිදුවී තිබෙනවා.”
“මේවා සෞඛ්‍ය අමාත්‍යාංශයක් ලෙස විසඳිය යුතු දේවල් නෙමෙයි. රෝහල් පරිපාලනය මැදිහත් වෙලා ඒකට අවශ්‍ය කටයුතු සිදුකළ යුතුයි. නමුත් අපි දකිනවා පසුගිය වසර කීපයක් තුළ මේ වැඩ බලන අධ්‍යක්ෂවරයා රෝහල් පරිපාලනය මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අරන් නෑ. ”
“ඒ සිදුවීම් වර්ධනය වෙලා වර්ධනය වෙලා ඕන කෙනෙකුට මේකට ඇතුළු වෙන්න පුලුවන් තත්ත්වයකට මේ තත්ත්වය නිර්මාණය වෙලා තියනවා. ඒ අය තමන්ගේ වගකීම් ඉටු කළා නම් මේ සිදුවීම් මේ තරම් දුරදිග යන්නේ නෑ කියලා.”
“ඊලඟට රෝහලේ දැනට ඉන්න ආරක්ෂක සේවාවල අඩුපාඩු තියනවා. මේ රෝහල වර්ධනය වීමේ දී ප්‍රදේශයේ සුවිශේෂීත්වයක් තියනවා. යම් අනවසර පදිංචි කරුවන් නීති විරෝධී ක්‍රියා යම් තැනක සිද්ධ වෙනවා නම් ඊට එරෙහිව කටයුතු කිරීමට සමත් විදිහට රෝහල් ආරක්ෂක සේවාව කාර්යක්ෂම කළ යුතුව තිබුණා. එහෙම කරලා තිබුණේ නෑ.”
“විශේෂයෙන්ම රෝහල් පරිපාලනයේ අඩුපාඩුකම් සහ රෝහලේ ආරක්ෂක සේවාවල අඩුපාඩුකම් සම්බන්ධව ඉදිරියේ දී අපි ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා.”
“දුෂ්කර තත්ත්ව යටතේ ක්‍රිියා කරන සෞඛ්‍ය කාර්යමන්ඩලයට ආරක්ෂාව සහ නිල නිවාස පහසුකම් සපයන බව කියන්න කැමතියි. “







