සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home අලි මිනිස් ගැටුම

අලි මිනිස් ගැටුමට උත්තරයක් ලැබෙයි… අලින්ට වැට බඳින මී මැසි වැටක් රුහුණු විශ්වවිද්‍යාලය සාර්ථකව හඳුන්වා දෙයි… ( වීඩියෝ සහිතයි )

by editor
නොවැම්බර් 16, 2025
in අලි මිනිස් ගැටුම, පුවත්, විද්‍යා හා තාක්ෂණ
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • අලි මී මැසි වැට සහිත වගාව මග හැර යන අයුරු සීසීටීවී කැමරාවල සටහන් වෙයි…

  • පරාගනය හොඳන් සිදුවන නිසා අස්වැන්න සියයට 30කින් වැඩි වෙලා…. පිරිසිදු මී පැණි නිසා තවත් විශාල අමතර ආදායමක්…

අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවම කිරිම සඳහා මීමැසි පාලන වැටක් හඳුන්වාදිමට  රුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨය හා දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරිය  එක්ව සිදුකළ පර්යේෂණයකදි සමත්ව ඇත.

අලි ඇත් උවදුර දුරුකරණ මීමැසි පාලන වැට ලෙස මෙම පර්යේෂණ ව්‍යාපෘතිය නම්කොට ඇති අතර මෙම ව්‍යාපෘතිය ජනගත කිරීම දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දි සිදුකරණු ලැබිය.

මීමැස්සන්ගේ ශබ්දයට හා පැමිණිමට අලි ඇතුන් භීයක්  දක්වන බව මෙම පර්යේෂණයේ දි අනාවරණය වි ඇත. රුහුණු විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන  මොහාන් පෙරේරා සිසුවා විසින්   මෙම පර්යේෂණ ව්‍යාපෘතිය පිළිබඳ යෝජනාව ඉදිරිපත්කොට ඇත. ඉන් පසු රුහුණු විශ්වවිද්‍යාලය මගින්  මේ පිළිබද   පර්යේෂණ හා සංවර්ධන ව්‍යාපෘතියක්  සිදුකිරිම සදහා අවශ්‍ය මුල්‍ය හා යටිතල පහසුකම් ලබාදෙන ලෙස දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියෙන්  ඉල්ලිමක් කොට තිබේ.

මොහාන් පෙරේරා සිසුවා රුහුණු විශ්වවිද්‍යාලයේ  කෘෂිකර්ම පිඨයේ  මහාචාර්ය  ලසන්ත අධිකාරම්, රුහුණු විශ්වවිද්‍යාලීය භෞතික විද්‍යා    අධ්‍යයන අංශයේ   අංශ ප්‍රධානි  ආචාර්ය ජේ.එස්.පි බෝධික,   සහ රුහුණු විශ්ව විද්‍යාලයේ  කෘෂිකාර්මික ජීව විද්‍යා අංශයේ අංශ ප්‍රධානි  ආචාර්ය  අමානි මාන්නක්කාර  සමග එක්ව මෙම පර්යේෂණය සිදුකරණු ලැබිය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපති  එස්.ඩබ්ලිව්.ජි.ජි සරත් අමරසේකර, අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය  ජේ.ඒ.එස් ජයසිංහ, කාර්මික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි  ඩි. නිශාන්ත චතුරංග   විසින් මෙම පර්යේෂණය සඳහා  දකුණු පළාත් කාර්මික සංවර්ධන අධිකාරියේ පුර්ණ සහයෝගය ලබා දි  ඇත.

මී-මැසි-අලි-වැට
මි මැසි පෙට්ටි වගා භුමිය තුල ස්ථාපිතකොට ඇති අයුරු

පරීක්ෂණය සිදුකළ අයුරු…

මෙම  පර්යේෂණය කිරිම සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ  අක්කර හයක පමණ වපසරියකින් යුතු කොමඩු වගා භුමියක් තෝරාගෙන තිබුණි. එම ප්‍රදේශය නිරන්තරයෙන් අලි ඇතුන් ගැවසෙන ප්‍රදේශයක් වන අතර  අලි වැටට  ඉදිරියෙන්   මිටර් හතෙන් හතට මීමැසි පෙට්ටි 20ක් ස්ථාපනය කිරිමට කටයුතු කරනු ලැබීය.

මී-මැසි-අලි-වැට
රුහුණු විශ්වවිද්_යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන මොහාන් පෙරේරා

“මී මැසි පාලන වැට අලි වැටට තවත් අදේශකයක් නෙවෙයි.  මේ සඳහා අලි වැට මෙන්ම මීමැසි පාලන වැටත් තියෙන්න ඕන. තවත් අතුරු භෝගයක් තිබුනහොත් තමයි මෙම  ව්‍යාපෘතිය සාර්ථක වන්නේ. මොන වැටවල් තිබුණත් අලියාට වගාභුමිය හොඳින් පෙනවා.

මී මැසි පාලන වැට  ස්ථාපනය කිරිමෙන් පසු  අලි ඇතුන් එම වගා භුමිය මගහැර යන බව නිරික්ෂණය වුනා. එහි සවිකොට තිබු සි.සි.ටි.වි කැමරා  පද්ධතිය තුළ අලි ඇතුන් වගා භුමිය මගහැර යන බව හොඳින් දක්නට ලැබුනා. අලින් වැට කඩන එකත් නතරවුනා” .

මී-මැසි-අලි-වැට
අලි වැට මග හැර යන අයුරු…

මෙම පර්යේෂණ  ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කළ  රුහුණු විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන  මොහාන් පෙරේරා කීවේය.

මී මැසි වැටවල් ඉදිකිරිමෙන්  අලි ඇතුන්ගෙන් වගාවන්ට සිදුවන හානි අවමකරගත හැකි බවත් මෙම පර්යේෂණය සාර්ථක බවද රුහුණු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසති.

“මෙම ව්‍යාපෘතිය සාර්ථකයි. ඒ විතරක් නෙවෙයි. මීමැසි පරාගනය තුළින් කොමඩු වගාවේ අස්වැන්න සියයට 30ක් පමණ ඉහළගොස් ඇති බව වගාකරු අපි සමග සඳහන් කළා. මීවද වලින්  අමතර ආදායමක් ලබාගැනිමට හැකිවෙලා තියෙනවා. මෙම පර්යේෂණය තවදුරටත් දියුණු කරලා අනිකුත් ප්‍රා දේශවලට ද හඳුන්වාදිය යුතුයි…”

මී-මැසි-අලි-වැට
වැඩු වුන කොමඩු අස්වැන්න…

දකුණු පළාත්  කාර්මික සංවර්ධන අධිකාරියේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි  ඩි. නිශාන්ත චතුරංග  පවසයි. මෙම පර්යේෂණ ව්‍යාපෘතිය ජනගත කිරිමේ අවස්ථාවට  ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි, දකුණු පළාත් ධිවර අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා   ඇතුළු පිරිසක්   එක්ව සිටියහ.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වව්නියාව ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය තුළ බෝවන රෝගයක් පැතිරෙයි…

Next Post

සෞඛ්‍ය ඇමති නලින්ද ඉපදුන බව කියන පිඹුර මූලික රෝහල වැසී යෑමේ තර්ජනයක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.