බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලස් කොමිසමේ ලිපි ජනාධිපති අනුර දකින්නේ කොහොම ද?, මේ විමර්ශනවල සාධාරණත්වය ගැන විශ්වාස නෑ… හිටපු ජනාධිපති රනිල් අල්ලස් කොමිසමට ගොස් ඇවිත් කියයි!

by editor
අප්‍රේල් 28, 2025
in පුවත්
RANIL
Share on FacebookShare on Twitter

අල්ලස් කොමිසමට හැමදාම පුද්ගලයින් ගෙන්වන නමුත් තමන් එම කොමිසමට පැමිණෙන දවසේ පමණක් විශාල මාධ්‍ය ප්‍රමාණයකට දැනුම් දී තිබීමේ හේතුව තමන්ට නොවැටහෙන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසුවේය.

ඔහු කීවේ තමන් නීතිඥයින් ගේ සහාය ඉල්ලුවේ තමන්ට මේ කොමිසමේ විමර්ශනයෙන් සාධාරණයක් සිදුවේ යැයි විශ්වාස නොමැති නිසා බවය. කොමිසමේ ලිපි ලේඛණ පිට කාටවත් පෙන්වීමට තමන් විරුද්ධ බව කොමිසමේ නිලධාරීන්ට දැනුම් දුන් බව කී හිටපු ජනාධිපතිවරයා එම ලේඛන කොමිසමෙන් ජනාධිපති කාර්යාලයට ගෙන්වාගෙන එම ලිපි බලන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ක්‍රියාවට තමන් එකඟ නොවන බවද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඔහු ඒ බව කීවේ ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තමන් දුටු කොමිසමේ ලේඛනයක් සම්බන්ධව මඩකලපුව ජන රැළියක දී කළ කතාවක් සභාව තුළ ප්‍රතිවාදනය කරමිනි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව ප්‍රකාශ කළේ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් විශේෂ ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවය.

ඌව පළාත් හිටපු මහ ඇමති චාමර සම්පත් දසනායක ස්ථාවර බැංකු ගිනුම් දෙකක පවත්වාගෙන ගිය රාජ්‍ය මුදල් ගිනුම් කල් පිරීමට පෙර ලබා ගැනීම සම්බන්ධව සිදුවන මෙම විමර්ශනය සම්බන්ධව අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අපරාධය සංවර්ධනය සඳහා ප්‍රධාන ආණ්ඩුවෙන් ලබා දුන් රාජ්‍ය මුදල් වියදම් නොකර තැන්පත් ගිණුම්වල තැබීම බවය. එම තැන්පත් ගිනුම්වලින් මුදල් ලබා ගැනීම අපරාධයක් නොවන බව ඔහු පැහැදිලි කළේය..

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

හිටපු ජනාධිපතිවරයා අද (28) අල්ලස් කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතා මෙසේ ද පැවසුවේය.

අද මම අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට ගියා. විශේෂයෙන්ම නීතිඥ මහත්වරු මං එක්ක පැමිණියා. මං කටඋත්තරයක් දීලා දැන් එළියට ඇවිත් තියෙන්නේ.

මම ඉස්සරවෙලාම ප්‍රකාශයක් කළා. මොකද මම මෙතනදි කතා කරන්නේ ඇත්ත වශයෙන්ම කොමිෂන් සභාවෙ සියලු දෙනාට මෙතෙන්නට එන්න කියලා තිබ්බා. මම හිතනවා කිසිම විරුද්ධත්වයක් නෑ කියලා මම මේ කරුණු මෙතන කිව්වට.

මුලින්ම දැනුම් දුන්නේ මට අප්‍රේල් 11 දැනුම් දුන්නා අප්‍රේල් 10 දුන්න ප්‍රකාශය අනුව ඊට අදාල තොරතුරු මම දන්න නිසා ”  ඔබ විමර්ශනයට අදාල සිද්ධි දාමයට ඔබ යම් අවස්ථාවක දී මැදිහත් වී ඇති බවයි… ” එහෙම කියලා තිබුණෙ.

මම ඊලඟ සතියෙ කොළඹ හිටියේ නැති නිසා. අපි සිංහල අවුරුදු ගන්නවනේ. මම දන්නේ නෑ ආණ්ඩුව පැත්තෙන් සිංහල අවුරුද්ද එහෙම තියනව ද කියලා. අපිට සිංහල අවුරුද්ද තියනවා. ඊලඟට මගේ නිතිඥ මහත්මයා රට ගිහින් හිටියේ. එහෙම කිව්වැද්දි මට දෙවැනි ලියුමක් ආවා ඊට පස්සේ . ඇත්ත වශයෙන්ම රොනල්ඩ් පෙරේරා මැති තුමා ලියුමක් එව්වා අධ්‍යක්ෂකට එතුමා 28 වැනිදා වෙනකම් නෑ කියලා.

කෙසේ හෝ 21 වැනිදා මට ලියුමක් හම්බවුනා ඒකෙ කිව්වා මට 25 වැනිදා එන්න කිව්වා. මම හිටියට එතුමා නෑනේ. එතුමා රෙෂාන් ගමගේ මැතිතුමා ලියලා කිව්වා එතුමා නෑ කියලා. මම පුදුම වුනා මට එන්න කිව්වා කියන එකට.

මොකද දිසානායක මැතිතුමා ලියුමකින් කියලා තිබුණා අධ්‍යක්ෂ ජනරාල් තුමාට 28 වෙනකම් කොළඹ නෑ කියලා. ඉතින් එතන කිව්වා කාරණා දෙකක්. එකක් මම දන්න තොරතුරු කියන්න. ඊලඟට කිව්වා 2023 දූෂණ විරෝධී පනතේ 126 වගන්තිය ප්‍රකාරව සාධාරණ හේතුවක් ද යන්න වැඩිදුර විමර්ශන කටයුතු කරනවා කිව්වා. ඒ නිසා එන්න කිව්වා.

මම කිව්වා මේක අනුව මම සැකකාරයෙක් අපරාධයක් සිදුකරලා තියන. ඒකට නීතඥ මහත්මයා මම ලඟ ඉන්න ඕන කියලා. ඒකට ඒගොල්ල කිව්වා නෑ නෑ කියලා.

ඊට පසසේ 22 දා සභාපති ඉද්දවෙල මැතිතුමාට ලියලා තිබුණා රෙෂාන් ගමගේ මැතිතුමා. ඊලඟට 25 වැනිදා ලියුමක් හම්බවෙලා තිබුණා. ඒකේ කියලා තියෙන්නේ මැදිහත් වීම නෙමෙයි. අනවශ්‍ය විදිහට මැදිහත් විම. මම කිව්වා මේක අනුවත් මට අපරාධ පරීක්ෂණයකට මුහුණ දෙන්න වෙයි කියලා නීතිඥයෙක් උවමනයි කියලා. ඒ ගොල්ල කිව්වා නීතිඥයෙක් උවමනා නෑ කියලා.

කොහොමහරි මේක දාලා… ඊලඟට මම කිව්වා හැමදාම මේ ප්‍රදේශයට මිනිසුන් කැඳවනවා. මම එනකොට විතරයි මාධ්‍යයට දැනුම් දීලා තියෙන්නේ කියලා. ඒකෙ හේතුව දන්නේ නෑ.

ඊලඟට මම විරුද්ධ වුනා මේ තියන ලිපි ගොනු පිට අයට පෙන්වන එකට. මගෙන් ඇහුවා කාටද පෙන්වලා තියෙන්නෙ කියලා. මම කිව්වා අප්‍රේල් 11 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා මඩකලපුවේ කරන කතාව කිව්වා.

15 වැනදා එන්න කියලා තියෙන්නේ අල්ලස් කොමිසමට. දැන් මම දැක්කා ලියුමක් ලියලා තියනවා අල්ලස් කොමිසමට අවුරුදු කනවලු. ඒ කියන්නේ එතුමා ලියුම දැකලා තියනවා. ( වීඩියෝව ක්‍රියාත්මක කර පෙන්වයි.)

ජනාධිපති තුමා ඒ කියන්නේ මේ කොමිසමේ ලිපි ජනාධිපති තුමාගේ කාර්යාලයට අරගන්නවා කියලා. මම කිව්වා මට සාධාරණයක් වෙයිද දන්නේ නෑ. ඒ නිසා මම කිව්වා මගේ නීතිඥ මහත්වරුන්ට කොමිසම මුන ගැසෙන්න වෙලාවක් දෙන්න කියලා.

කොහොම කොමිසමේ ඒවා ජනාධිපති කොමිසමේ දේවල් කතා කරන්නේ. කොහොම ද මේක වෙන්නේ. ක්ලීන් ශ්‍රී ලංකා ද මොන ලංකාද කියලා දන්නේ නෑ. මම ප්‍රශ්නවලට පිළිතුරු දුන්නා.

මම කිව්වා මම දන්න තරමට මේ රටේ මහ ආණ්ඩුවට පලාත් සභා සඳහා මුදල් යොදවන්න පුලුවන් විසර්ජන පනත නීතිය අනුව. විසර්ජන නීතියක තියනවා වියදම් කරන්න පුලුවන් සම්පූර්ණ ප්‍රමාණය. ණයට ගන්න ප්‍රමාණය. ඒවා සම්පූර්ණයෙන් වියදම් කිරීමේ දී කොයි කොයි අංශවලට ද වියදම් කරන්නේ කියලා. එකක් කියනවා පුනරාවර්ථන වියදම් ද ප්‍රාග් ධන වියදම් ද කියලා. දෙක තියෙන්නේ එක එක ව්‍යාපෘති යටතේ කියනවා මේ අමාත්‍යාංශය මේ දෙපාර්තමේන්තුව මේ වැඩසටහනට මේ මුදල් යොදවන්න පුල්වන් කියලා. තමන්ට පුලුවන් ඒ මුදල් එක එක කාරණයකින් වෙනස් කරන්න. නමුත් තැන්පත් ගිනුම දාන්න පුලුවන් ඉඩ දුන්නොත් විතරයි.

පාර්ලිමේන්තුවෙ නැතිනම් පළාත් සභාවෙ විසර්ජන පනතකින් නැතිනම් නීතියකින් ඉඩ දෙන්නේ නැතිනම් ඒක තැන්පත් ගිනුම්වල දාන්න බෑ. මේ අවුරුදුවල මහ ආණ්ඩුවෙන් නම් තැන්පත් ගිනුම්වලට දාන්න ඉඩ දෙන්නෙ නෑ. මේ මුදල් දෙන්නේ එකතු කරන්නේ වියදම් කරන්න කියන්නේ වියදම් කළාම ඒ මුදල් ආර්ථිකයට යනවා. ආර්ථිකයට මුදල් ගියාම තමයි ආර්ථිකය නැගලා එනනේ.

ඉතින් මේ මුදල් ඔක්කොම අරගෙන අපි තැන්පත් ගිනුම්වල දැම්මාම මොකක්ද යන්නේ. අනික තැන්පත් ගිනුම්වල දාලා වැඩක් නෑ. බැංකුවලට මුදල් දෙන්න හේතුවක් නෑ. ආණ්ඩුවෙ වැඩ කටයුතු කරන්නෙ නැතිනම් ආර්ථිකය දුවන්නෙ නෑ. ආර්ථිකය දුවන්නේ නැතිනම් මුදල් ගන්න බෑ. ඒ නිසා මේ ක්‍රමවේදය අනුව වැඩ කරන්නේ.

මේ අවස්ථාවේ විශේෂයෙන්ම අපි මුදල් හොයා ගන්නේ. ණයට ගන්නවා. බැඳුම්කරවලින් ගන්නවා. පොලිය ගෙවනවා. කවුද ඒවට ආපහු ගෙවන්නේ. ගෙදර ගිහින් බලන්න තමුන්නාසෙලා. එහෙමනම් මුදල් එවෙලෙම යොදවන්න ඕන වැඩ කටයුත්තට. අපි මුදල් අරන් ඔබතුමාලා ගෙවන ගමන් කවුරු හරි මුදල් අරන් තැන්පත් ගිනුමක තියලා මහ ඇමති තුමා රට යනවා. මේක කරන්න ද. මේවා කරන්න බෑ.

මගෙන් ඇහුවා මේ මුදල් ගැන. මේ අනුව අපි කියනවා නම් මුදල් එකතු කිරීම ගැන භාණ්ඩාගාරයේ ලේකම්ට විරුද්ධව නඩු දාන්න වෙයි මුදල් ඔක්කොම පිටකොටුවට ගිහින් වැඩි පොලියට දුන්නෙ නැති එකට. අයවැයක් තියෙන්නේ ආණ්ඩුවෙ වියදම්වලට. ආණ්ඩුවෙ වියදම් තියෙන්නේ ආර්ථිකය ගෙනියන්න. ආණ්ඩුව වියදම් කරන්නෙ නැතිනම් කොහොම ගෙනියන්නේ.

මේ සැරේ ට්‍රිලියන ගණනක් අපි වියදම් කරනවා. වියදම් කරන්නේ නැතිනම් ආර්ථිකය දුවන්නෙ නෑ. ප්‍රධානම දේ පඩි ගෙවන එක. ඒ දිනයට පඩි ගෙවන්න ඕන. මුදල් නැතිනම් ණයට අරන් හරි ගෙවන්න ඕන. ඒ ඔක්කොම කල් දාන්න ද තැන්පත් ගිනුම ඉවර වෙනකම්.

මට පේන හැටියට මේ තැන්පත් ගිනුම්වලින් මුදල් ඉවත් කරන එක අපරාධයක් නෙමෙයි. අපරාධය තියෙන්නේ තැන්පත් ගිනුම්වලට මුදල් දාන එක තමන්ගේ පුද්ගලික අවශ්‍යතාවයට. එතන මට පෙනුනේ නෑ කියලා අඩුපාඩුවක්. ඒ ස්ථාවරය තමයි තිබුණ නීතිය. ඒ මුදල අරගත්තා.

මුදල තැන්පත් ගිනුමක දැම්මා. ඒ මුදල අයින් කළාම මාස දෙකකට ඉස්සරවෙලා මේකෙන් අලාභය ලබනවා කියලා කියනවා. මම කියන්නේ කවුද කිව්වෙ තැන්පත් ගිනුමක දාන්න කියලා. අපි මෙතන වියදම් ගෙවන්න කියලා මුදලක් දුන්නොත් ඒ මුදල වියදම් ගෙවන්නෙ නැතිව තැන්පත් ගිනුමක දැම්මොත් මොකක්ද වෙන්නේ. අපරාධ නඩුවක් වෙන්නේ. මේක මට තේරෙන්නෙ නෑ. මම මේක හොඳට පැහැදිලි කළා.

මම දන්න තරමට මේකෙ නඩුවක් නෑ. අනික මේ චක්‍රලේඛන නීතිය පදනම් කරලා දාන්නේ නැතිනම් ඒක නීතිය නෙමෙයි. 2008 එක නීතියට පටහැනිව කළේ. කිසිම පදනමක් නෑ ඒ දැම්ම ඒවට.

අපි ඉඩ දුන්නා 2022 දී හොඳම බැංකුවලට මුදල් දාන්න. මුදල් දාලා හොඳම පොලිය ලබා ගන්න. ඒක අයින් කාරලා ආණ්ඩුවෙ ඒවට දාන්න කිව්වා. ආණ්ඩුවෙ තියෙන්නෙ වානිජ බැංකු දෙකයි. ඉතිරි කිරීමේ බැංකුව වාණිජ බැංකුවක් නෙමෙයි. ඉතිරි කිරීමේ බැංකුව ඉතිරිකිරීමේ බැංකුවක්. ඊට අමතරව පුලුවන් වාණිජ බැංකුවල වැඩ කරන්න. අනෙක් බැංකු දෙක වානිජ බැංකු.

සාමාන්‍ය පොලියට අඩුම පොලිය දෙන්න පුලුවන් මුදල් අඩුපාඩු වුනොත් ගෙවන්නේ තියෙන්නෙ ආණ්ඩුවට. ඔතනයි තියන ප්‍රශ්නය. මෙතනින් මුදල් අයින් කරනවා කියන එක අපරාධයක් නම් ඒ කාලේ මුදල් ලේකම්ට විරුද්ධව නඩු දාන්න ඕන වැඩිපුර පොළිය ලැබුණ තැනින් අයින් කරලා රජයේ බැංකු දෙකට දැම්ම එක.

2007 පදනම් කරගත් නීතියක් නෑ. නමුත් මහ ඇමතිවරයා ඇවිත් කියනවා පළාත් සභා පනතේ තුන්වැනි කොටස යටතෙ දැම්මොත් එයා තමයි මේ මුදල් ගෙනියන්න බලය තියෙන්නේ කියලා. මොකද නීතියෙන් කියන්නෙ මහ ආණ්ඩුවෙන් මුදලක් දුන්නොත් ඒක කොහොමද මහ ආණ්ඩුව ආපහු ගන්නේ කියලා.

මේ හුඟක් අඩුපාඩුකම් තිබුණ 2023 දි රාජ්‍ය මුදල් පාලනය කළමනාකරණ කෙටුම්පතින් අපි විසඳුවා. දැන් ඒ ප්‍රශ්නයක් නෑ. මම මේ කරුණු ඔක්කොම ඒ අයට දැනුම් දුන්නා.

දැන් බලලා මොනව වෙනවද දන්නෙ නෑ. කාට පෙන්වනව ද මං දන්නේ නෑ. කොහොමහරි මෙච්රයි මට කියන්න තියෙන්නේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහනුවර ආරක්ෂිතයි… රෝග අවදානමක් නෑ…

Next Post

චීන අසුචි පොහොර නැවේ නඩුව… කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් රිමාන්ඩ්…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.