සඳුදා, ජූනි 29, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අල්ලස් අරන් ඇතුළට ගිය SSP සතීස් ගමගේ 16 තෙක් රිමාන්ඩ්!

by editor
සැප්තැම්බර් 2, 2025
in පුවත්
former-cid-dig-prasad-ranasinghe-arrested-bribery-commission
Share on FacebookShare on Twitter

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතීස් ගමගේ තවදුරටත් ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස   අද (02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම නියෝග කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් සහ පොලිසිය වෙත සේවය ලබා ගැනීමට පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් රුපියල් එක්කෝටි හතළිස් ලක්ෂයකට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක  ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඊට අමතරව සැකකරු විසින් අල්ලස් ලෙස ලබා ගත් එක්කෝටි දාසය ලක්ෂයකට අධික මුදලක් තවත් පුද්ගලික බැංකු ගිණුමක තිබී සොයා ගත් බවත්  එම බැංකු ගිණුම මීට පෙර විමර්ශනය කළ බැංකු ගිණුම් තුනට අමතරව මුදල් බැර කර තිබෙන නව ගිණුමක් බවත් එම නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

මෙම එක්කෝටි දාසය ලක්ෂයක මුදල ඔහුගේ රියදුරු වන විජේසිංහ සහ පොලිස් කොස්තාපල්වරයකු වන අසිත නම් පුද්ගලයන් දෙදෙනකු විසින් බැර කර ඇති බවට කරුණු අණාවරණය වී ඇති බවත් විමර්ශන නිලධාරීයා අධිකරණයට දැනුම් දුන්නේය.

සැකකරුගේ රියදුරා විසින් මුදල් 67 වතාවකත්, පොලිස් කොස්තාපල්වරයා විසින් අවස්ථා තුනකදීත් අදාළ ගිණුමට මුදල් බැර කර ඇති බව සඳහන් කළ අල්ලස් කොමිසමේ නිලධාරියා මෙම  සැකකරුගේ දියණියගේ සහ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම්වලද අල්ලස් වශයෙන් ලබා ගත් මුදල් තිබෙන බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වි ඇත.

RelatedPosts

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

බැවින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් පැවසීය.

ඉකුත්  14 වනදා මෙම නඩුකරයේ ප්‍රධාන සාක්ෂිකරුවකු වන අනුර නානායක්කාර නැමැත්තා සාධාරණ හේතුවක් නොමැතිව අක්මීමන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධව අල්ලස් කොමිසම විසින් විමර්ශනයක් සිදු කරන බවත් මෙම සැකකරු විසින් සාක්ෂිකරුවන්ට සෘජුව හා වක්‍රව බලපෑම් කර ඇති කළ බවට කරුණු අණාවරණය වී ඇති නිසා මොහු ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා අසාධාරණ බව සඳහන් කළේය.

සැකකරු අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඔහු සුදුසු ඇපයක් මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ සැකකරුගේ තනතුර හා තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී ඔහු මෙම අවස්ථාවේදී ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදු විය හැකි බවය.

ඒ අනුව සැකකරු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් අල්ලස් කොමිසමට කියම කළේය. ( අද දෙරණ)

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපති තුමනි… මණ්ඩතිව් ග්‍රවුන්ඩ එකේ පරිස්සමින් ප්ලේ කරන්න… හිට් විකට් වෙයි!

Next Post

එල්.ටී.ටී.ඊ. යෙන් රට බේරාගන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ හිටපු නාවික හමුදාපති හිරේට යවා නාවික හමුදා බෝට්ටුවකින් ජනපති කච්චතිව් යනවා… නාමල් කියයි!

Related Posts

පුවත්

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026
පුවත්

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ඇමරිකානු යුද මධ්‍යස්ථාන වෙත ඉරානය ප්‍රහාර එල්ල කළ ආකාරය...
පුවත්

ට්‍රම්ප්ගේ අනතුරු ඇඟවීමට ඉරානයෙන් රිදෙන්න ප්‍රතිචාර…  තවදුරටත්   සටන් විරාමයක් නැති බව ඉරානය කියයි…

ජූනි 28, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!

ජූනි 28, 2026 - Updated on ජූනි 29, 2026

මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!

ජූනි 28, 2026

පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

ජූනි 28, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මයේ අප්පා…. ඔය ඇති… ගෙදර වරෙන්!
  • මෙවන් විපතක් සතුරෙකුටවත් නොවේවා…ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි සත්කාර ඒකක මට්ටමේ ප්‍රතිකාරයකට යොමු කළ ප්‍රහාරයකින් පසු කියන කතාවක්!
  • පුද්ගලික ආරවුලදී තරුණ සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මාධ්‍ය ලේකම්වරයා ඝාතනය කෙරේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.