ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එල්.ටී.ටී.ඊ. යෙන් රට බේරාගන්න ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ හිටපු නාවික හමුදාපති හිරේට යවා නාවික හමුදා බෝට්ටුවකින් ජනපති කච්චතිව් යනවා… නාමල් කියයි!

by editor
සැප්තැම්බර් 2, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඩයස් පොරාවේ අතකොළුවක් වෙලා රට පාවා දෙන්න ආණ්ඩුව හැදුවත් අපි ඊට ඉඩ දෙන්නෙ නෑ… මේ රණවිරු දඩයම නැවැත්විය යුතුයි…

හිටපු නාවික හමුදාපතිවරයා සිරගෙට යවා නාවික හමුදා බෝට්ටුවකින්ම ජනපතිවරයා කච්චතිව් ගිය බවත්  ජනාධිපත්වරයාට  කච්චතිව් යන්නට නිදහස නිර්මාණය කර දුන්නේ රණවිරුවන්  බව සිහිපත් කරන්නට කැමැති බවත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ද ඇතුළු සියලු පක්ෂ වලට අද දේශපාලන පොරපිටියේ බල්ටි ගැසීමට හැකිව තිබෙන්නේ රණවිරුවන් ජීවිත පරිත්‍යාගෙන් යුද්ධය අවසන් කරදුන් නිසා බවය. එසේ නොවුනා නම් ජනපතිවරයාටද සිදුවන්නේ දකුණු ඉන්දීය නළු විජේ ගේ කතා අසා ෆිල්ම් එකක් බලාගෙන නිවසට වී ඉන්නට යැයි ද නාමල් පැවසුවේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අද (02) මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සහ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

නාමල් ඇතුළු පොදු ජන පෙරමුණේ ඉදිරි පෙළ නායකයින් මල්වතු අස්ගිරි මහා නායක හිමිවරුන් මුණ ගැසී තිබුණේ  හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම ඔස්සේ ආණ්ඩුව රණවිරු දඩයමක් ආරම්භ තිබෙන බව කියන්නටය. මෙම කණ්ඩායමට මහානායක හිමිවරුන්ට දන්වා තිබුණේ මේ තත්ත්වය තුළ රටේ භයානයක වාතාවරණයක් ඇතිවිය හැකි බවය.

මහා නායකය හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව නාමල් රාජපක්ෂ මාධ්‍යය අමතා මෙසේ ද කීවේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

“අද ජනතා විමුක්ති පෙරමුණද ඇතුළුව හැම පක්ෂයකටම දේශපාලන පොරපිටියේ බල්ටි ගහන්න පුළුවන් වෙලා තියෙන්නේ රණවිරුවන් යුද්ධය අවසන් කරලා නිදහස දිනා දීපු නිසයි. ඒ නිසා තමයි අද ජනාධිපති අනුර කුමාර දිසානායක කච්චතිව් ගියේ. නැත්නම් විජේ ගේ කතාව අහලා ෆිල්ම් එකක් බලාගෙන ගෙදරට වෙලා ඉන්න වෙනවා. එහෙම නැත්නම් කච්චතිව් වලට යන්න ප්‍රභාකරන් ගෙන් ඉන්විටේෂන් එකක් ගෙන්වා ගන්න වෙනවා. විශේෂයෙන්ම කච්චතිව් ආරක්ෂා කරන්නේ නාවික හමුදාවයි. නාවික හමුදාවේ හිටපු හමුදාපතිවරයා හිරගෙදර දාලා නාවික හමුදා බෝට්ටුවකින්මයි ජනපතිවරයා කච්චිතිව් ගියේ. ඒ ගිය එක ගැන සතුටු වෙනවා. එතුමාටත් කච්චතිව් යන්න නිදහස හදලා දුන්නේ රණවිරුවා කියලා මතක් කරන්න කැමතියි. “

“අද පැහැදිලිවම ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත උතුරේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය සමරන්න අවස්ථාව තිබෙනවා. ඒ පිළිබඳ නීතිය ක්‍රියාත්මක වූ බව කිව්වත් තාමත් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙලා නැහැ. අනිත් පැත්තෙන් නාවික හමුදාපතිවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුවට ගෙනල්ලා එයාව අදුරගන්න එල්.ටී.ටී.ඊ ත්‍රස්වාති බුද්ධි අංශයේ කෙනෙක් දානවා. මේ කාරණ එක්ක නැවත වරක් 2015-20 කාල සීමාවේ දී වගේ මේ ආණ්ඩුවත් රණවිරුවා දඩයම් කරමින් ඩයස්පෝරාව සතුටු කරන්න අවශ්‍යය මාවතක යන බව අපි පැහැදිලිවම දකිනවා.”

“නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව අපි කිසිදු ගැටලුවක් නැහැ. නමුත් නීතිය ක්‍රියාත්මක කරන්නේ දේශපාලන වුවමනාව ඉටුකර ගැනීමට නම් හෝ ඩයස්පෝරාවේ අවශ්‍යතාව මත නම් එතන ප්‍රශ්නයක් තිබෙනවා.තමන්ගේ පක්ෂයේ වේදිකාවෙන් ගෙනා කෙනෙක් පත්කරලා මේ ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට පොලිස් සේවයට අගෞරවයක් කළා. අමාත්‍යාංශ ලේකම් වරයා පත් කළෙත් තමන්ගේ දේශපාලන වේදිකාවෙන් ගෙනල්ලයි. මේ විදිහට පත් කිරීම් කරලා ආණ්ඩුවට අවශ්‍යය විදිහට පොලීසිය මෙහෙයවන්න උත්සහ කරනවා නම් ඒ කාරණයේ දී අපි විරුද්ධ වෙනවා. මේ රටේ ඉතිහාසය පිළිබඳ කැනීම කරනාවට වඩා වෙනත් කැනීම් වලට තමයි ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබෙන්නේ. මේ රටේ රණවිරුවා යුද අපරාධකරුවෙක් බව ඔප්පු කරන්න ආණ්ඩුව උත්සහා කරනවා නම් අපි ඊට එරෙහිව නැගී සිටිනවා.

“රනිල් අත්අඩංගුවට පත් වුණත් නැතත් එජාපය හා සමගි ජනබලවේගය එකතු විය යුතු බව මගේ පෞද්ගලික මතය යි. ඔවුන් අමනාප වී වෙන්ව සිටීම මේ රටේ ප්‍රජාත්න්ත්‍රවාදී දේශපාලනයට ගුණදායක නැහැ. පොහොට්ටුව හා ශ්‍රීලනිප එකතු වෙනවා නම් හොඳයි. එක මතවාදය ඉන්න දේශපාලන පක්ෂ එකතු වෙන්න ඕන. ඉදිරියේ දී ඒ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරනවා. “

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සී.බී රත්නායක,සංජීව එදිරිමාන්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අල්ලස් අරන් ඇතුළට ගිය SSP සතීස් ගමගේ 16 තෙක් රිමාන්ඩ්!

Next Post

NPP මැරයො අපේ ගම්පහ කාර්යාලය බලහත්කාරයෙන් අල්ලා ගත්තා… මේ ළදරුවන්ට ඔවුන් ආණ්ඩු බලය අරන් ඉන්න බව කවුරුහරි මතක් කරන්න – පුබුදු ජයගොඩ

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.