හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එක්සත් ජාතික පක්ෂයේ (එජාප) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වේ.
අර්ජුන රණතුංග මහතා ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයා ය.
එක්සත් ජාතික පක්ෂ නායකයා වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් රණතුංග මහතා පක්ෂයෙන් ඉවත් වීමට ගත් තීරණයට හේතු දක්වා ඇති අතර එම ලිපිය පහතින් දැක්වේ.








