තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කළේය.
එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු අයත්ය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා නිල වශයෙන් තහවුරු කර වාර්තා කළ මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 14,328කි.
මේ පිළිබඳ රජය නිකුත් කළ නිල නිවේදනය පහත දැක්වේ.








