කීර්ති ප්‍රනාන්දු –
ලෝක අමධ්‍යප දිනය අදට යෙදී තිබේ.
මධ්‍යාසාර භාවිතය හේතුවෙන් රට තුළ දිනකට පුද්ගලයින් 50 දෙනෙක් මිය යන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ සංවර්ධන අධ්‍යක්ෂ සම්පත් ද සේරම් පවසන්නේ මෙරට පුද්ගලයින් 20000කට ආසන්න පිරිසක් වර්ෂයක දී මධ්‍යසාර භාවිතයෙන් රෝගී වී මිය යන බවය.
එසේම මධ්‍යසාර භාවිතා කරන පුද්ගලයින් දරුණු ලෙස මානසික මෙන්ම කායික රෝගවලට ගොදුරුවන බවත්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හා පවුලේ ආර්ථික තත්වය ද බරපතල ලෙස විනාශ වීමට ලක් වන බව ද ඔහු පෙන්වා දෙයි.
මධ්‍යසාර භාවිතය නිසා රෝගීවන්නන්ට ප්‍රතිකාර දීමේ දී පැයකට රුපියල් කෝටි 02ක් වැයවන බවත් ඔහු පවසයි.







