සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයි එම් එෆ් යන මඟ ඇති වැල් පාලම් අභියෝගය

by Lankasara News
මැයි 31, 2022
in පුවත්
IMF
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ වේගයෙන් ඇදෙන ආර්ථික ආගාධය හමුවේ තිරිංග දමන්නට ගන්නා උත්සාහයන් අතරට එක්ව සිටින ලෝක බැංකුව ශ්‍රි ලංකාවට යම් තරවටුවක් කළේය. ඒ තරවටුව කළේ විදේශ අමාතයංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් පදනම් කර ගනිමිනි. මේ මාධ්‍ය නිවේදනය මඟින් ප්‍රකාශ කර තිබුණේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් හමුවූ ලෝක බැංකුවේ ශ්‍රි ලංකාව පිළිබඳව අධ්‍යක්ෂවරයා පවතින ආර්ථික අර්බුදයෙන් මිදීම පිණිස ඩොලර් මිලියන 700ක ආධාරයක් පිරිනමන බවය.

එහෙත් මේ නිවේදනය නිකුත්ව පැය දෙක තුනක් යන්නට මත්තෙන් ලේක බැංකුව දැඩි ව අවධාරණය කළේ මෙතෙක් එවැනි ආධාරයක් පිළිබඳව ශ්‍රි ලංකාවට කිසිදු පොරොන්දුවක් දී නැති බවය. එය එසේ වන්නේ නම් ඊට පෙර ශ්‍රි ලංකාවේ සාර්ව ආරථික ප්‍රතිප්තති රාමුව නිසි ලෙස සැලකිය යුතු බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබුණි.

මෙම නිවේදනයේ නොතිබුණද සමගි ජන බලවේග මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිලවා ඊයේ පැවති රූපවාහිනී වැඩසටහනකදී අනාවරණය කළේ ලෝක බැංකුව ශ්‍රි ලංකාවට යම් ණයක් ලබා දෙන්නේ නම් අනිවාර්යයෙන්ම මේ ණය ගෙවන බවට අපට වෙනත් යම් රටක් ඇපයට පෙනී සිටින මට්ටමට පැමිණ අති බවය. එය එක්තරා භයානක අනතුරකි.

මේ වනවිට ජාත්‍යන්තර වර්ගීකරණ තුළ අන්තයටම වැටී සිටින ශ්‍රි ලකාවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බීබීසියට හෝ රොයිටඑර් හො බ්ලූම්බර්ග් වෙත සම්මුඛ සාකච්ඡා ලබා දුන් පළියට ලෝකය තුළ විශ්වාසය ගොඩ නැගෙන්නේ නැත. ශ්‍රි ලංකාවේ ජනතාවට අගමැතිවරයා විශ්වාස කළ හැකි වුවද ජාත්‍යන්තර ප්‍රජාව විශේෂයෙන් ඩොලර් මිලියන ගණනින් ණය දෙන්නට කිසිදු ආයතනයක් හෝ පුද්ගලයෙක් හෝ අඩුම තරමේ රටක්වත් එන්නේ නැත. ඒ ඊට අවශ්‍ය පිළිගත හැකි දේශපාලනික සහ ආර්ථික දැක්මක් රට තුළ සථාපනය වීමත් එසේ නැතිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගන්නා ක්‍රමවත් ආර්ථික දක්මක් සහ ණය ස්ථායීකරණ වැඩපිළිවෙළක් ශ්‍රි ලංකාවට තිබිම අත්‍යවශය නිසාය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒ සුදුසුකම් ලබන තුරු ශ්‍රි ලංකාවට මුදල් එන්නේද යන්න ගැටලුවකි. අගමැතිවරයා ජාතිය අමතමන් ලබා දෙන බලාපොරොත්තු යථාවත් වන්නේ මේ පිරිවිතරයන්ට අනුව රට දිවුවහොත් පමණි. එබැවන් මේ වනවිට අගමැතිවරයා සහ වගකිව යුතු අංශ මේ පිළිබඳව යම් සාධනීය පියවර ගන්නා ආකාරයක් දැකිය හැකි වුවද දේශපාලනික පසුබිම තුළ නිසි ස්ථාවරතවයක් මෙතෙක් නිර්මාණය නොවීම හරහට සිටින්නටද බැරි නැත.

අද මුළු රටේම ඉලක්කය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. එය ඇත්තේ පෙනෙන නොපෙනන දුරකය. මේ දුර ගෙවා අරමුදල දක්වා යන දුර ගමන් කරන්නට අපට විශාල අභියෝගාත්මක කාලයක් ගත කරන්නට සිදුව තිබේ. අගමැතිවරයා සිය ජාතිය අමතා කළ කතාවකදී කීවාත් මෙන් ගෘෂා යන වැල් පාලමටත් වඩා අනතුරු දායක අවදානම් සහගත පාරක යන්නට සිදුව තිබේ. හේතුව මේ පාලම පනිනනට අවශ්‍ය පාලම් මූල්‍යනය (Bridge Financing) මේතාක් අභියෝගයක්ව ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය සහනයක් ගන්නා තෙක් යන ගමන අපට යා යුතු වන්නේ කොහෙන් හෝ ලබා ගන්නා ණය සහන මතය.

මෙතෙක් මේ ගමන වෙනුවෙන් බලාපොරොත්තුවක් දී ඇති මෙන්ම ලබා දී ඇති එකම රට වන්නේ ඉන්දියාවයි. මේ නිසාමදෝ ඉන්දිය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන්ට ශ්‍රි ලංකාවේ බලධාරීන් උදේ සවස කතා කරන තරමට ඔවුන් ගේ සහය ලබන්නට උත්සාහ ගන්නා බවක් පෙනෙන්ට ඇත.ඉන්දියාව මේ වනවිට ඩොලර් බිලියන පහට ආසන්න ණය සහ ආධාර ලබා දී ඇත.

ඊට අමතරව ශ්‍රි ලංකාවට දැනෙන ආධාරයක් ලබා දී ඇත්තේ ලෝක බැංකුවයි. එයද අලුතින් දන් ආධාරයක් නොවේ. ශ්‍රි ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් මෙතෙක් විවිධ ව්‍යාපෘති වෙනුවෙන් වෙන් කර ඇති මුදල් ඩොලර් මිලියන 400ක් හදිසි අත්‍යවශ්‍ය කටයුතු සඳහා පරිහරණය කිරීමට ලෝක බැංකුව ශ්‍රි ලකාවට අවසරය ලබා දී ඇත. එයින් ඩොලර් මිලියන 170ක් වෙන් කර ඇත්තේ දිලිඳු මට්ටමේ සිටින ජන පීඩාවට පත් ජනතාවට සහන ලබා දීම සඳහාය. එයට අමතරව ඩොලර් මිලියන 50ක් ඖෂධවලටත්, තවත් මිලියන 70ක් ගෑස් ගෙන්වීම සඳහාත් ඉතිරි ඩොලර් මිලියන 110 පොහොර සඳහාත් වෙන් කර ගැනීමට අදාළ අනුමැතිය ඇත.

එක දිනකට පමණක් පෙට්‍රල් පවතින තත්ත්වයට හිඳුණු ඉන්ධන සංචිත යළි යම් තරමකට හෝ ඉහළ නැංවීමට ද ඉන්දියානු ණය යෝජනා ක්‍රමයෙන් ලද ඩොලර් මිලියය 500ක ශක්තියක් වුණි. ඊට අමතරව තවත් ඩොලර් මිලියන 500ක්ද ඉන්දියාවෙන් ශ්‍රි ලංකාව බලාපොරොත්තු වන අතර තවත් ඩොලර් බිලියනයක්ද ණය ජෙනා ක්‍රමයක් ලෙසින් ශ්‍රි ලංකාවට ලබා දිම කෙරෙහි අවධානය යොමුව ඇත.

ශ්‍රි ලංකාවේ මේ අර්බුදය තවත් තීව්ර කරවු පසුබිමක් ගෝලීය ආර්තථිකය තුළද ක්‍රියාත්මක වී ඇත. ඒ යුක්රේන රුසියා අර්බුදය හේතුවෙන් ලෝකය තුළ ඇති වූ සැපයුම් දාමවල අක්‍රමවත් අවුල් සහගත සවභාවයයි. ඒ හේතුවෙන් ලෝකයේ ඉන්ධන මිල , පොහොර මිල ආහාර දුව්‍ය මිල සැලකිය යුත ලෙස ඉහළ ගොස් ඇති අතර මේ බලපෑම් වෙනත් රටවලට සාපෙක්ෂව ඉතා තදින් ශ්‍රි ලංකාවට දැනෙන්නේ මෙම රාජපක්ෂ රජය හිතාමතා සිදු කරන ලද ආර්ථික විනාශය හේතුවෙනි.

ෆොරීන් පොලිසි වෙබ් අඩවියට ශ්‍රි ලංකාව පිළිබඳව ලිපියක් ලියන විචාරකයකු වන මාක් මැලොච් බ්‍රවුන් පවසන්නේ ගෝලීය අර්බුදය පිළිබඳව සැලකීමේදී ශ්‍රි ලංකාව යනු නිමිත්තක් බවයි. ඔහු එම ලිපියෙන් පවසන්නේ ශ්‍රි ලංකාවට ජාත්‍යන්තරයේ ආධාර ලැබිය යුතු බවයි. විශෙෂයෙන් එඑක්සත් ජාතීන්ගේ සංවිධානය ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවල ආධාර ශ්‍රි ලංකාවට මෙන්ම මේ මොහොතේ ආර්ථික පීඩනයකට ලක්ව සිටින රටවල්ට අවශ්‍ය බව ඔහු පෙන්වා දෙයි.
එහෙත් ඔහු පවසන්නේ මෙ රටවල අතර විශේෂත්වයක් ඇති බවය.

ඔහු එය මෙලෙස පවසයි ශ්‍රී ලංකාව තුළ, සමාන තත්වයන්ට මුහුණ දෙන අනෙකුත් රටවල් මෙන්ම, එක්සත් ජාතීන්, ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව යන සියල්ලටම කෙටි කාලීනව අර්බුදය සමනය කිරීමට පියවර ගත හැකිය. එහෙත්, ආධාර වෙ වෙන දේවලට යෙදවීමේ යැවීමේ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක, භාණ්ඩ හා සේවා විනිවිදභාවයෙන් සහ වගකීමෙන් යුතුව බෙදාහැරීම සහතික කිරීම සඳහා සහ සියලු ප්‍රජාවන් වෙත ළඟාවීම සහතික කිරීම සඳහා ඔවුන් ඔවුන්ගේ සහයෝගයේ කොන්දේසි පෙළගැස්විය යුතුය. එසේ නොවුවහොත්, අවශ්‍යතා ඇති පුද්ගලයින් වෙනුවට දූෂිත දේශපාලකයන්ට ඒවා ලැබීමේ අවදානමක් ඇත.

මධ්‍ය කාලීනව, ශ්‍රී ලංකාවට ආර්ථික හා දේශපාලන අනාගතයක් නිර්මාණය කරන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම සඳහා පුළුල් සහයෝගයක් ඇති විශ්වසනීය රජයකට ඉඩ සලසන කඩඉමක් මෙම සහනයට ඇතුළත් විය යුතුය. මෙහිදී IMF ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. එය ශ්‍රී ලාංකික ජනතාව තම හවුල්කරුවන් ලෙස දැකිය යුතු අතර එහි පැකේජයේ කොටසක් ලෙස ඇතුළත් කර ඇති පාලන ප්‍රතිසංස්කරණ ඔවුන්ගේ කැමැත්ත පිළිබිඹු කරන බවට සහතික විය යුතුය. ලෝක බැංකුව, අනෙක් අතට, මෙම ප්‍රතිසංස්කරණ යථාර්ථයක් බවට පත් කිරීම සඳහා තාක්ෂණික සහාය සහ මූල්‍යකරණය සඳහා උපකාර කළ හැකිය. කෙසේ වුවද මේ සියල්ල තවමත් පිළිවෙළක් වී නැත. එවැනි පිිවෙළතක් වන තෙක් අවිනිශ්චිතතාව තුළ ශ්‍රි ලංකාව ගිලී ඇත.

Share69Tweet43
Previous Post

පක්ෂ 10 හදන සන්ධානයේ නායකයා විමල් වීරවංශ…  “හොඳම කෙනා තෝරගත්තා..“ වාසු කියයි!

Next Post

අරගලයට පහරදීමේ චෝදනා මත වසන්තා හඳපාන්ගොඩ අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.