බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අයිතිකරුගේ නමට ව්‍යාජ හැඳුනුම්පතක් හදාගත් හොර කල්ලියක්  මහනුවර  වටිනා ඉඩමක් මීගමු ව්‍යාපාරිකයෙකුට විකුණලා…

by editor
ජූලි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ව්‍යාජ හැඳුනුම්පතක් ඇතුළු ලියකියවිලි සකස්කර  මහනුවර ධර්මරාජ විදුහල අසල පීරිස්වත්තේ පිහිටි ඉතා වටිනා ඉඩමක් මීගමුව ව්‍යාපාරිකයෙකුට ලක්ෂ 40කට අලෙවි කළ පුද්ගලයින් සිවු දෙනෙක් මහනුවර පොලිසියේ විශේෂ අපරධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලය අසල ඇති තමන්ගේ වටිනා ඉඩම විකුණා දැමීමට එහි හිමිකරු විසින් තීරණය කර ඔහුගේ ඉඩමේ ඔප්පුවේ පිටපතක් සිය හිතවතෙක් වෙත ලබා දී තිබේ.

එම පිටපත මෙම වංචාව කළ පුද්ගලයින් අතට පත් වී  ඇත. ඉන් පසු ඉඩම හිමිකරුගේ නමට ව්‍යාජ හැඳුනුම්පතක් සකස් කර ජවාරම් කරුවන්ගෙන් කෙනෙක් අනෙක් ලියකියවිලිද සකස් කරගෙන ඉඩම් හිමිකරු ලෙස පෙනී සිටිමින් ලක්ෂ හතලිහකට ඉඩම මීගමුව ප්‍රදේශයේ වෙසෙන ව්‍යාපාරිකයෙක් වෙත අලෙවි කර තිබේ.  සිතා ගත නොහැකි තරම් ලාභදායී වූ මෙම ගනුදෙනුවට ව්‍යාපාරිකයා මහත් උවමනාවෙන් සම්බන්ධ වී තිබිණි.

අනතුරුව රුපියල් 280000ක නීතිඥ ගාස්තුවක් ද ගෙවා ඉඩම නව හිමිකරුට ලියා දීමට ද වංචාකරුවන් කටයුතු කර ඇත.

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

අනතුරුව  ඉඩම ලියාපදිංචියට යොමු කර තිබේ.

මේ අවස්ථාවේදී මෙම ගනුදෙනුවේ ලේඛණ සම්බන්ධව ඉඩම් කාර්යාලයේ නිලධාරියෙකුට සැක සිතී ඇත. එම නිලධාරියා  ඒ බව නිතීඥ මහතාට සහ ඉඩම මිල දී ගත් පුද්ගලයාට දැනුම් දි තිබේ.  අනතුරුව කළ   සොයා බැලීමේ දී විකිණුම් කරුවන් වංචාවක් කර ඇති බව තහවුරු වී  ඉඩමේ සැබෑ හිමිකරු හමු වී ඇත.

මේ වනවිටත් ඉඩමේ සැබෑ හිමිකරු තමන්ගේ ඉඩම වංචාකරුවෙක් විසින් තමන්ගේම නමින් වෙන කෙනෙකුට විකුණා තිබුණ බව දැනගෙන සිට නැත.

තත්ත්වය දැනගත් වහාම ඉඩමේ සැබෑ හිමිකරු ඒ සම්බන්ධයෙන් මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් සිදුකර සිදුකර තිබිණි.

අනතුරුව ඉඩම මිලදී ගත් ව්‍යාපාරිකයා ද සමග ඔහු පොලිසියට ගියේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ පොලීසිය ඉඩම මිලට ගත් පුද්ගලයා විසින් මුදල් බැර කළ ගිණුම් පරීක්ෂා කිරීමේ දී අනාවරණය වී ඇත්තේ එක් සැකකරුවෙකු ව්‍යාජ හැදුනුම්පත උපයෝගි කර ගනිමින් බැංකු ගිණුම විවෘත කර තිබුන බවය.

ඉඩම් වංචාවෙන්  ඉතිරි වූ රුපියල් ලක්ෂ 36ක මුදල    මුදල් වංචාවට එක් වූ සිවු දෙනා  අතර බෙදාගෙන තිබේ. පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් ඔවුන් එම සියලු මුදල් වියදම් කර තිබුණු බවය.

අපරාධ සැකකරුවන්  මහනුවර, වත්තේගම හා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්ය.    වැඩිදුර විමර්ශන වල දී අනාවරණය වූයේ මේ ආකාරයෙන් ඔවුන් දිවයිනේ ප්‍රදේශ ගණනාවකම  ඉඩම් අළෙවි කර තිබෙන බව බවය. .

මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගිලෙමින් සිටි රුසියන් යුවලක් බේරා ගන්නට ගිය ජීවිත ආරක්ෂකයා දියේ ගිලී මරුට…

Next Post

අනුරාධපුර ශුද්ධ නගරයේ පොසොන් උළෙල වෙනුවෙන් පොසොන් කඩ වෙන්දේසියේ වංචාව හෙළි කළ මාධ්‍යවේදියාට පිහි පහරක්…

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.