සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අම්පිටියේ දරුවා පුච්චලා තියෙන්නෙ කප්පමක් නුදුන් නිසා…

බියපත්ව සිටි මිනිස්සු සිය අවනඩු කියන්න ඉදිරිපත් වෙති... අපරාධකරු සම්බන්ධ පැමිණිලි ගලාගෙන එයි!

by editor
නොවැම්බර් 29, 2022
in පුවත්
fire
Share on FacebookShare on Twitter

සිය පියා ඉදිරිපිටම   අම්පිටියේ පාසල් දරුවාගේ සිරුරට භූමිතෙල් වත්කර  පුලුස්සා    ඇත්තේ සිද්ධියට සම්බන්ධ  අපරාධකරු විසින්   ඉල්ලූ කප්පම් මුදලක් නොගෙවීම හේතුවෙන් බව පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

දැනට අත් අඩංගුවට පත්වී ඇති අම්පිටියේ ඉහළතැන්නෙකුඹුර පදිංචි බූවැල්ලේ ගෙරද මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම් නැමැති 26 හැවිරිදි  සැකකාර    අපරාධකරු මේ පියා සහ පුතු එන මග රැක සිට  අදාල කප්පම් මුදල ඉල්ලා ඇතැයි වාර්තා වේ.

මුදල් නොදුන් නිසා  දරුවාට ගිනි තැබූ අපරාධකරු මේ සම්බන්ධව පොලිසියට පැමිණිලි කළහොත් එම පවුලම ගිනි තබා  මරා දමන බවට තර්ජනය  කර ඇතැයි ද, ඒ හේතුවෙන්  සිය දෑස් ඉදිරිපිට  දරුවා පිච්චූ අපරාධකරු හඳුනා ගැනීමට නොහැකි යැයි  පියා  පොලිසිය වෙත   කටඋත්තර ලබා දී  තිබුණේයැයි ද    හෙළි වී ඇත.

මේ වනවිට එම අපාරධය සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා       මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය  පොලිස්පතිවරයා විසින් යොදවා ඇති  විශේෂ පොලිස් කණ්ඩායම වෙත  උක්ත   අපරාධකරු  විසින් කලක සිට සිදු කරන ලද   අපරාධ ගණනාවක් සම්බන්ධ   පැමිණිලි ගලාගෙන එන්නට පටන් ගෙන ඇතැයි වාර්තා වේ.

ගම්වැසියන් මෙම පැමිණිලි මෙතෙක් පොලිසියට  ඉදිරිපත් කර නැත්තේ අත්අඩංගුවට පත් අපරාධකරු ඇතුළු අම්පිටියේ  අපරාධකාරී පුද්ගලයින්  සහ පොලිසිය අතර ඇති වී තිබුණු සමීප සම්බන්ධතා නිසා බව  හෙළි වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිගින් දිගටම සිදුකරන පැමිණිලි නොසලකා හැරීමත්,   පැමිණිලි කරන පුද්ගලයින්ගේ අනන්‍යතාවය පොලිසිය හරහාම අපරාධකරුවන් අතට පත්වීමත් හේතුවෙන් පොලිසිය පිළිබඳ ජනතා විශ්වාසය බිහිසුණු ලෙස පළුදු වී තිබුණු   බව   අද එම ප්‍රදේශයට ගිය විශේෂ පොලිස් කණ්ඩායම විසින් අනාවරණය කරගෙන ඇත.

මෙම අපරාධ රැසම හෙළි වන්නේ පාසල් දරුවාට ගිනි තැබූ  සාහසික අපරාධකාරී සිදුවීම  මාධ්‍ය මගින් දැඩි අවධාරණයකින් යුතුව වාර්තා කිරීමත් සමගය.

ගිනි තැබීමෙන්  බරපතල පිලිස්සුම් තුවාල ලද දරුවා රෝහල් ගත කළේ පසුගිය 26 වැනිදා වුවද ඒ සිද්ධිය ඊයේ (28) වනතුරු එළියට පැමිණියේ නැතිවීමට හේතුවත් මෙම බිය ගැන්වීම් බව අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම ප්‍රචාරය වීමෙන් පසුව මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මාධ්‍ය වෙත පවසා තිබුණේ  අපරාධකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවය.  සැකකරු පළාත හැර පලාගොස් ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කීවේය.

එසේ වුවද අද උදෑසන මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති  සංජීව ධර්මරත්න  විසින් සිදු කරන ලද සමාලෝචනයකදී අනාවරණය වී ඇත්තේ අද පෙරවරුව වන තුරුත් කිසිදු පොලිස් කණ්ඩායමක් අපරාධකරු  අත්අඩංගුවට ගැනීමට යොදවා  නැති බවය.

අනතුරුව නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් යෙදවූ විමර්ශන කණ්ඩායම් 04 පැය කීපයක් තුළ සැකකරු අත්අඩංගුවට ගත් අතර ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව කී   අම්පිටිය ඉහළතැන්නෙකුඹුර පදිංචි බූවැල්ලේ ගෙරද මලිත් නිසංසල සංජීව නොහොත් පැතුම්  නැමැති සැකකාර අපරාධකරු අදාල අපරාධය සිදු කළ 26 වැනිදායින් පසුවද අම්පිටියේ  සිය නිවසේ රැඳි සිට ඇති බව  හෙළි වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගරුඩා ශක්තියට ඉන්දියානු – ඉන්දුනීසියානු හමුදා වනගත වෙති

Next Post

තාක්ෂණ ලෝකයේ ප්‍රමුඛයෙකු බවට පත්වෙන ඉන්දියාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.