සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකානු පුරවැසි බැසිල්ගේ මුදල් ඇමතිකම ගැන අභියාචනාධිකරණයේ දී විජේදාස ඇසූ ප්‍රශ්නය!

by editor
ජනවාරි 12, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • වෙනත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ දිවුරුම් දී ඇති පළමුවන වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයෙක් ලෙස නොව මෙරට සාමාන්‍ය කාර්යාලකය කාර්යාල කාර්ය සහායක තනතුරක් හෝ දැරීමට නීත්‍යානුකූලව සුදුසු නෑ…

බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක් ලෙස ඇමරිකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක දී ඕනෑම රටකට එරෙහිව අවි දරාගෙන  ආරක්ෂා කරන බවට දිවුරුම් දී තිබිය දී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  ආරක්ෂා කරන බවට දිවුරුම් දෙන්නේ කෙසේ දැයි  ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ අද (12)  අභියාචනාධිකරණය ඉදිරියේ දී  විමසුවේය.

ඔහු ඒ බව පැවසුවේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සහ කටයුතු කිරීම බල රහිත කරන නියෝගයක් ඉල්ලා   ඉදිරිපත් කර තිබුණු රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී ය.

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා   වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, බරපතල වංචා හා දූෂණ විමර්ශනට පත් කළ ජනාධිපති  කොමිසමේ හිටපු ලේකම්  ලැසිල් ද සිල්වා සහ නීතිඥ සුරාජ් වල්ගම විසිනි.

සෝබිත රාජකරුණා හා ධම්මික ගණේපොල අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද මෙම පෙත්සම  සලකා බැලිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බැසිල් රාජපක්ෂ අමරිකානු පුරවැසියෙක් ලෙස සිටිමින් ඇමරිකාවේ යහපත උදෙසා ලංකාව සමග ගිවිසුම් ඇතිකරගනිමින් සිටින බවත්,  ඇමරිකාවේ පිහිටි සමාගමකට යුගදනවි බලාගාරය ලබා දීම සඳහා මහා රෑ රහසිගත ගිවිසුම් ඇතිකරගැනීම  ආසන්නතම උදාහරණය බවත්ජ නාධිපති නීතිඥවරයා එහි දී කියා සිටියේය.

ඔහු සඳහන් කළේ මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක් කරනුයේ බැසිල් රාජපක්ෂගේ තනතුර නොව, මෙම තනතුරේ ඔහු පිහිටා කටයුතු කිරීමවන බවය.

වෙනත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ දිවුරුම් දී ඇති පළමුවන වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයෙක් ලෙස නොව මෙරට සාමාන්‍ය කාර්යාලකය කාර්යාල කාර්ය සහායක තනතුරක් හෝ දැරීමට නීත්‍යානුකූලව සුදුසු නැති බව ජනාධිපති නීතිඥවරයා  පැවසුවේය.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොසටර් ජෙනරාල්  මෙරිල් පුල්ලේ සඳහන් කළේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නැති බැවින් පෙත්සම විභාගයට නොගෙනම ඉවත් කරන ලෙසය.

කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධ නොතීසි වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ වෙත යැවීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.

පෙත්සම නැවත පෙබරවාරි මස 07 වැනිදා කැඳවීමට නියමිතය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවසාන තීරණය… “අයි. එම්. එෆ් යන්නේ නෑ…“ මහබැංකු අධිපති කබ්‍රාල් කියයි!

Next Post

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජමාතේ ඉස්ලාම් හිටපු නායකයාට ඇප

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.