-
වෙනත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ දිවුරුම් දී ඇති පළමුවන වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයෙක් ලෙස නොව මෙරට සාමාන්‍ය කාර්යාලකය කාර්යාල කාර්ය සහායක තනතුරක් හෝ දැරීමට නීත්‍යානුකූලව සුදුසු නෑ…
බැසිල් රාජපක්ෂ ඇමරිකානු පුරවැසියෙක් ලෙස ඇමරිකාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක දී ඕනෑම රටකට එරෙහිව අවි දරාගෙන ආරක්ෂා කරන බවට දිවුරුම් දී තිබිය දී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට දිවුරුම් දෙන්නේ කෙසේ දැයි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ අද (12) අභියාචනාධිකරණය ඉදිරියේ දී විමසුවේය.
ඔහු ඒ බව පැවසුවේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සහ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීම සහ කටයුතු කිරීම බල රහිත කරන නියෝගයක් ඉල්ලා ඉදිරිපත් කර තිබුණු රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේ දී ය.
මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් ලෙස නම් කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන්, බරපතල වංචා හා දූෂණ විමර්ශනට පත් කළ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ නීතිඥ සුරාජ් වල්ගම විසිනි.
සෝබිත රාජකරුණා හා ධම්මික ගණේපොල අභියාචනාධිකරණ විනිසුරුවරුන් හමුවේ අද මෙම පෙත්සම සලකා බැලිනි.
බැසිල් රාජපක්ෂ අමරිකානු පුරවැසියෙක් ලෙස සිටිමින් ඇමරිකාවේ යහපත උදෙසා ලංකාව සමග ගිවිසුම් ඇතිකරගනිමින් සිටින බවත්, ඇමරිකාවේ පිහිටි සමාගමකට යුගදනවි බලාගාරය ලබා දීම සඳහා මහා රෑ රහසිගත ගිවිසුම් ඇතිකරගැනීම ආසන්නතම උදාහරණය බවත්ජ නාධිපති නීතිඥවරයා එහි දී කියා සිටියේය.
ඔහු සඳහන් කළේ මෙම පෙත්සම් මගින් අභියෝගයට ලක් කරනුයේ බැසිල් රාජපක්ෂගේ තනතුර නොව, මෙම තනතුරේ ඔහු පිහිටා කටයුතු කිරීමවන බවය.
වෙනත් රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යටතේ දිවුරුම් දී ඇති පළමුවන වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍යවරයෙක් ලෙස නොව මෙරට සාමාන්‍ය කාර්යාලකය කාර්යාල කාර්ය සහායක තනතුරක් හෝ දැරීමට නීත්‍යානුකූලව සුදුසු නැති බව ජනාධිපති නීතිඥවරයා පැවසුවේය.
මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොසටර් ජෙනරාල් මෙරිල් පුල්ලේ සඳහන් කළේ මෙම පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණයට බලයක් නැති බැවින් පෙත්සම විභාගයට නොගෙනම ඉවත් කරන ලෙසය.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධ නොතීසි වගඋත්තරකාර බැසිල් රාජපක්ෂ වෙත යැවීමට කටයුතු කරන ලෙස පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
පෙත්සම නැවත පෙබරවාරි මස 07 වැනිදා කැඳවීමට නියමිතය.