අනුරාධපුර – පර්සි කුරුනේරු
අනුරාධපුර ඓතිහාසික අභයගිරිය චෛත්‍යරාජයාණන් වහන්සේට සපයමින් වැඩවසන පද්ම සහ සංඛ යන භෛරව දිව්‍ය රාජයාණන් වහන්සේලා උදෙසා සංවිධානය කරනු ලබන වාර්ෂික භෛරව දේව පූජා මංගල්‍යය 23 දා එම චෛත්‍යරාජයාණන් අභියසදී පැවැත්වේ.
අනුරාධපුර අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා මත අභයගිරිය රජමහා විහාරාධිකාරි අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් මෙම පිංකම සංවිධානය කොට ඇත .
මෙදින පෙරවරු 6.00 සිට රාත්‍රී 8.30 දක්වා එම පිංකම් මාලාව පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇත