බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහවැලි ගොවීන්ට වී කිලෝවකට ඉතිහාසගත මිලක්… මහා පරිමාණ සහල් මෝල් හිමිකරුවෝ සම්බා වී කිලෝව 140කට මිලදි ගනිති!

කීරි සම්බා වී කිලෝව 144යි... නාඩු වි කිලෝව 104යි...

by editor
අගෝස්තු 22, 2023
in පුවත්
paddy
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පොළොන්නරු ඇතුළු මහවැලි බී කලාපයේ මෙවර යල කන්නයේ වගා කරන ලද වී අස්වනු නෙලීමත් සමග අද  (22) වනවිට  මහා පරිමාණ සහල් නිශ්පාදකයන් විසින් නිර්මාණය කරන වෙළෙඳපලේ වී මිල  සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

අද (22) උදෑසන වනවිට  කීරි සම්බා වී කිලෝව මිල රුපියල් 144 කටද, සම්බා වී කිලෝවක මිල රුපියල් 140 කට සහ නාඩු වී කිලෝවක මිල රුපියල්  104 ක මිලකටද පොලොන්නරුවේ පෞද්ගලික මහාපරිමාණ වී මෝල් හිමියන් විසින් මිල දී ගනිමින් සිටිති.

මෙම තත්ත්වයත් සමග තමන් මෙවර යල කන්නයේ නෙලාගන්නා වී අස්වනු වැඩිමිලට පෞද්ගලික වෙළෙඳුන්ට ලබාදීමට තරගකාරිත්වයක් පවතින බවත්, පොළොන්නරුවේ ඇතැම් මහා පරිමාණ වී මෝල් හිමියන් ද ගොවීන්ගෙන් ඉහල මිලකට වී ලබා ගැනීමට විශාල තරගකාරිත්වයක් දක්වන  බවත් පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන  නියෝජිතයෝ අප කළ විමසීමක දී පැවසූහ.

ඊයේ (21) වනවිට සම්බා හා නාඩු වී කිලෝවක මිල පහළ බැස තිබුණද, පොළොන්නරුව ඇතුළු මහවැලි බී හා සී කලාපවල යල කන්නයේ වී අස්වනු නෙලීමත් සමඟ අද (22) පෞද්ගලික වී මෝල් හිමියන්   වී කිලෝවක මිල මෙලෙස ශීඝ්‍රයෙන් ඉහළ නන්වා ඇත.

පෞද්ගලික වෙළෙඳපොලේ සීඝ්‍රයෙන් වී කිලෝවක මිල ඉහළ යෑමත් සමඟ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් වී අලෙවි මණ්ඩලය මගින් කිසිදු  ගබඩාවක් විවෘත කර නැත.

වී ගබඩා විවෘත කළද ඊට ගොවින් විසින් වී ලබානොදෙන බවද වී අලෙවි මණ්ඩලයේ නිලධාරීන් සඳහන් කරයි,

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගොවීන් පෞද්ගලික වෙළඳුන්ට වී ලබාදෙන පසුබිමක අප වී අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායකගෙන්  වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළ පිළිබඳ දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ පෞද්ගලික වෙළඳපොලේ වී කිලෝවකට වැඩි මිලක් ගොවියාට ලබාදෙන පසුබිමක වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කිරීම ඵලදායි නොවන  ක්‍රියාවක් බවය.

මෙවර මණ්ඩලය සඳහා වී මිලදී ගැනීමට වෙන්කර ඇත්තේ රුපියල් ලක්ෂ 2500 ක් බවත්, ඉන් පොළොන්නරුවට   ලක්ෂ පන්සීයක මුදලක් වෙන් කෙරුව ද මෙතෙක් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන්නේ ගොවීන්ට මණ්ඩලයට වී ලබා දීමට වඩා පුද්ගලික වෙළෙඳපලේ විශාල ලාභයක් සහිතව වී අලෙවි කිරීමේ අවස්ථාව සැලසී ඇති නිසා බවත් අලෙවි මණ්ඩලයේ පොළොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය කළමනාකරු පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මොරටු සංජීව ඝාතනයේ තවත් සැක කරුවන් 02ක් අත් අඩංගුවට…

Next Post

අභයගිරි සෑ රජුන්ට රැකවරණය සපයන ශංඛ – පද්ම බහිරව දිව්‍ය රාජයන් වන්දනා කරන වාර්ෂික පූජා මංගල්‍යය අද

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.