අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීමෙ දී තමන්ගේ පාර්ශවයෙන් ඉදිරිප් වූයේ ඩලස් අලහප්පෙරුම බවත් ඔහුවෙනුවෙන් ඡන්දය පාචිච්චි කළත් ඔහු පැරදුන බවත් හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ කියයි.
ජනාධිපතිවරණයෙන් පසුව එලියට පැමිණි මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා මාධ්‍ය අමතා එසේ පැවසීය.
“අපි ඉදිරපත් කළා ඩලස්. අපි එයාට ඡන්දය දුන්නා. පැරදුනා ඉතින්. කවුරු හරි දිනන්න එපෑයැ“ මහින්ද අමාරුවෙන් සිනහව වළක්වා ගනිමින් කීවේ එසේය.
“ එක එක මත තියනවානේ. කට්ටියක් කියන්නෙ මේක නෙමෙයි ජන මතය කියලා. අපි කියන්නෙ මේක තමයි ජන මතය කියලා.“
මහින්ද රාජපක්ෂ කීවේය.







