චීන ජනාධිපති ෂී ජින්පින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලිපියක් එවා තිබේ. මෙම ලිපිය ඊයේ (14) ශ්‍රි ලංකාවට පැමිණි චීන රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයකු වන චෙන් ෂොහු විසින් ජනාධිපතිවරයාට භාර දෙන ලද අතර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වන්නේ නැත.
මෙම නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රමුඛ කණඩායම ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී ශ්‍රි ලංකාව මේ වනවිට චීනයෙන් ඉල්ලා සිටින සහ වඩාත් බලාපොරොත්තු වන කරුණ වන ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියට එකඟ වී එය කඩිනම් කරවන ලෙස ඉල්ලා ඇති බව සඳහන් වේ.
චීනය ඇතුළු ශ්‍රි ලංකාවට ණය ලබා දුන් රටවල් සහ ආයතන තවමත් ශ්‍රි ලංකාවේ ණය ප්‍රතිව්‍යූගහකරණයට අදාල එකඟතාවන්ට පැමිණීමට නොහැකි වීම තුළ අනපේකෂිත අර්බුදයකට ශ්‍රි ලංකාව පත්වෙමින් සිටින අතර මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්නා ණය මුදල තවදුරටත් ප්‍රමාද වන ලකුණු පෙන්නුම් කරන බව සඳහන් වේ.
18 වැනිදා දක්වා ශ්‍රිං ලකාවේ ගත කරන මම චීන නියේජිත පිරිස පිටත්ව යන දාට පසුදාම එනම් ලබන 19 වැනිදා ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය ජේ ජයශංකර් දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකාට පැමිණෙන අතර ඔහුද ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ඉනදීය රාජ්‍ය තාන්ත්‍රික අරංචි මාර්ග සඳහන් කරයි.







