ශ්‍රියානි විජේසිංහ –
මහරගම අපේක්ෂා රෝහල තුල ස්ථාපිත කර තිබෙන විභාග මධ්‍යස්ථානය තුල පිළිකාව වැලදුණු දරුවන් දෙදෙනෙකු මෙවර අපොස සාපෙළ විභාගය පෙනී සිටින බව ලංකාසර කළ විමසුමකදී රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර පැවසුවේය.
විභාගයට පෙනී සිටින දරුවන් දෙදෙනා වෛද්‍ය අධීක්ෂණය යටතේ විභාගයට පෙනී සිටින බවත් ඔවුන් දිය යුතු ප්‍රතිකාරයන් නියමිත පරිදි ලබා දීමට වෛද්‍යවරුන් කටයුතු කරන බවත් හෙතෙම කීවේය.
පිළිකා රෝගයන් වැලඳී ප්‍රතිකාර ලබන දරුවන් වෙනුවෙන් සෑම වසරකම අපොස සාමාන්‍ය පෙළ, උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානයක් අපේන්ෂා රෝහල තුළ ස්ථාපික කරන බවද මේ මෙය අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බවද අධ්‍යක්ෂවරයා සදහන් කළේය.