සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි වැටිච්ච තැන ගැන ගෝඨාභයත් ළඟ තියාගෙන රනිල් රටට කියයි!

Makes an announcement to the country on the predicament the country is facing in the presence of President Gotabaya Rajapaksa

by editor
ජූලි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

රට 2018 වසරේ පැවති ආර්ථික මට්ටමට ගමන් කිරීමට වසර 2026 දක්වා කල් ගත වනු ඇති බවත් අපට ලෝකය හමුවට යා යුතුව ඇත්තේ බංකොලෙත් රටක් ලෙස බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මීට කලින් ශ්‍රි ලංකාව අවස්ථා ගණනාවක ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවට ගොස් තිබුණත් මෙවර අපට ආධාර ඉල්ලන්නට යාමට සිදුව ඇත්තේ බංකොලොත් වූ රාජ්‍යයක් ලෙස බවද අගමැතිවරයා සඳහන් කළ අතර ඔහු මේ ප්‍රකාශය කරද්දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ද ඔහුට ආසන්න අසුනේ පාර්ලිමේන්තුවේ රැඳී සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ කළ සාකච්ඡාවල ප්‍රගතිය පිළිබඳව බලාපොරොත්තු සහගත බවක් ඇතැයි   ප්‍රකාශ කළ අගමැතිවරයා මෙවර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි විස්තීරණ ණය ආධාර සඳහා යා යුතු ගමන දුෂ්කර වංකගිරි ගමනක් බව ද පෙන්වා දුන්නේය. එහිදී තවදුරටත් අදහස් දක්වූ අගමැතිවරයා

“ ශ්‍රි ලංකාව ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලට මීට කලින් ගොස් තිබුණත් මෙවර ශ්‍රි ලංකාව යන ගමන ඊට  වඩා වෙනස්.  තත්ත්වය බරපතලයි. අපි ඉස්සර ගියේ සංවර්ධනය වෙමින් පවත්නා රටක් හැටියට. දෙපාර්ශවයට අතර කතා බහකින්  ආධාර ලබා ගැනීමට. එය  එක් සරල රේඛාවක් දිගේ යනවා වගේ.

මෙවර  අපි සාකච්ඡා සඳහා සහභාගී වන්නේ බංකොලොත් රටක් ලෙස. දුෂ්කර තත්ත්වකටය මුහුණ දෙන්න වෙනවා. එකඟත්වය අනුමැතිය ලබා ගන්න පුළුවන්. අපට සිද්ධ වෙනවා ණය තිරසාර භාවය ගැන සැලසුම් වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඔවුන් සෑහීමකට පත් වුණාම තමයි අපට මාණ්ඩලික එකඟතාවක් සඳහා ගිවිසුම් ගත වන්නට පුළුවන්.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ඒක  වංකගිරියක යනව වගේ දුෂ්කර ගමනක්. කෙසේ වෙතත් අපට ඔවුන් සමඟ සාකච්ඡා  ඵලදායී ලෙස අවසන් කිරීම සතුටට කරුණක්. ණය ප්‍රතිව්‍යූහගත කිරීම ණය තිරසාර භාවය සඳහා අප වැඩකරගෙන යනවා. මේ කටයුතු අවසන් වුණාම  අගෝස්තු මාසයේ දී මාණ්ඩලික එකඟතාවට එන්න හැකි වේවි.

එම එකඟතාව සඳහා මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට එකඟ වූ පසු වසර හතරක් සඳහා විස්තීරණ ණය ආධාර වැඩපිළිවෙළකට යාමට බලාපොරොත්තු වනවා. .

මේ එකඟතාව සමඟ ඉන්දියාව චීනය ජපානය වැනි අපට මිත්‍ර රටවල් එකතුව ආධාර සමුළුවක් සංවිධානය කිරීමට  සාකච්ඡා කරනවා. ඔවුන්ගෙන් ණය ලබා ගත හැකි ක්‍රමවේදයක් සකසා ගැනීමට බලාපොරොත්තු වනවා. අපට සහන ලබා දුන් ඉන්දියාවටත් ගෝලීය අර්බුදය නිසා සහන සීමා කිරීමට සිදුව තිබෙනවා

අපේ මහ බැංකුවට අනුව රටේ ආර්ථික වර්ධන වේගය 2022 වසරේ – 4ත් -5ක්.  අයි.එම් එෆ් පුරෝකථනය අනුව සෘණ 6ක් 7ත් අතර. අපේ රටේ ආදායම බිඳ වැටිලා. ඒ සමඟ අපට 2027 වනවිට ඩොලර් බිලියන 28ක් ණය පමණක් ගෙවන්න තිබෙනවා. මේ තමයි සැබෑ තත්ත්වය.

අපේ ජාතික ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 140ක්. 2030 දී එය සියයට  95ක් කරන්න අප සැලසුම් සකස් කර තිබෙනවා.  අපේ ආදායම දළ දේශීය  නිෂ්පාදිතයෙන්  7.3ක්. එය  2026 සියයට 14ක් කරන්න සැලසුම් තිබෙනවා.

 

Share69Tweet43
Previous Post

රට ගොඩ දා නොබෙල් ත්‍යාගයත්   ගන්න රනිල් අගමැති ධුරය අත හැර අනුර කුමාරට දීමට සූදානම් !

Next Post

ඉන්ධන පෝලිමක තවත් මරණයක්….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.