බොරැල්ල ටිකල් පාරේ අයි ඕ සි ඉන්ධන පිරවුම්හලේ පෝලිමේ සිටි පුද්ගලයෙකු සිය සුඛෝපභෝගී මෝටර් රථයක් තුළ මිය ගොස් සිටිය දී බොරැල්ල පොලිසියට හමුවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ ඉන්ධන ලබා ගැනීම සඳහා ඊයේ රාත්‍රියේ ඉන්ධන පොලිමට පැමිණ ඇති බවක කියන අංගොඩ ගොතටුව පදිංචිව සිටි හේවාගම දිසානායකගේ සුජීව විකුම් ගුණරත්න (60) නැමැත්තෙකි.
මේ වනවිට මිය ගිය පුද්ගලයාගේ මෘත දේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා තැන්පත් කර ඇත.
බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ජේ එම් ර් ආර් සමරසිංහ ගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ.







