අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපි නුවර පෙරහර නවත්වනවා කියලා බොරු ප්‍රචාර යවන්නේ සැතපෙන පිළිමවල පපුව පළලා නිධන් හොයපු නිධන් හොරු…. අනුර කුමාර දිසානායක කියයි!

by editor
අගෝස්තු 17, 2024 - Updated on අගෝස්තු 18, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සැතපෙන බුදු පිළිමවල පපුව පළා නිධාන ඇති දැයි සොයපු, දුටු ගැමුණුර රජුගේ කඩුව සොයාගන්නට විහාර දේවාල විනාශ කරපු, පුංචි සන්දියේ දී විනෝදයට දළ ඇතුන් මරා ඇත් දළ එකතු කරපු අපරාධකරුවන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ සංස්කෘතික උරුමය විනාශ කරනු ඇති බවත්, නුවර දළදා පෙරහර නවත්වනු ඇති බවත් කියැවෙන අමූලික බොරු පතුරුවමින් ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද (17) තංගල්ලේ පැවති ජාතික ජන බලවේගයේ මංගල රැළිය අමතමින් ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ මේ රටේ සංස්කෘතික උරුමයට ගරු කරන, ශිෂ්ඨාචාරයට ගරු කරන, පුරාවස්තු සංරක්ෂණය කර අනාගත පරම්පරාවට දායාද කරන, එකම ආණ්ඩුවක් ඇත්නම් ඒ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බවය.

” දැන් අපි දන්නාව සතුරා විශාල ලෙස කලබලටය පත් වි සිටිනවා. අවලාද, අසත්‍ය තොරතුරු බොරු ප්‍රචාර හැම තැනම පිඹ පිඹ යනවා. අද අපි අපේ අමරපුර මහා නිකායේ නායක හාමුදුරුවන් වහන්සේලා හම්බවුනා. උන්වහන්සේලා පෙන්වා දෙනු ලැබුවා අපේ රටේ බෞද්ධ සංස්කෘතිය පිළිබඳව බෞද්ධ ආගම පිළිබඳව ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් නොසැලකිල්ලට ලක්කරනවා යැයි කියලා අනික් අය කියනවා කියලා.

මම දැක්කා සමහර අය කියනවා අපි ආවම නුවර පෙරහර නතර කරනවා කියලා.

මතක තියාගන්න මේ රටේ සංස්කෘතිය ශිෂ්ඨාචාරය ආරක්ෂා කරලා අනාගතයට භාර දෙන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක්. මේ කියන්නේ කවුද. මේවා කියන්නේ නිධන් කඩපු අය. පුරාවස්තු කඩපු අය. ඒ අය තමයි දැන් සංස්කෘතික විනාශයක් ගැන කියන්නේ. මේ කියන්නේ සංස්කෘතික අරමුදල විනාශ කරපු අය.

මතක තියාගන්න. මේ රටේ පැරණි ශිෂ්ඨාචාරය සංරක්ෂණය කරලා එම ශිෂ්ඨාචාරයෙන් ලබාගෙන තියන ජයග්‍රහණ සුරක්ෂිත කරලා අනාගත පරම්පාරවට භාර දෙන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. මේ රටේ සියලු සංස්කෘතීන්, සියලු ආගම් අදහන ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරලා ආගම් අදහන පුරවැසියන්ට නිදහසේ අදහන්න, ඒ ආගම් පිළිබඳව නිදහසේ වැඩ කරන්නත් අවශ්‍යවන පරිසරය නිර්මාණය කරන්නේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

හැබැයි මේ චෝදනා එල්ල කරන අය කවුද. මේ චෝදනා එල්ල කරන අය අපේ රටේ සැතපෙන බුදු පිළිමේ පපුව පළලා නිදන් හොයපු අය. අපි දන්නවා ඒ කවුද කියලා. දුටු ගැමුණු රජ්ජුරුවන්ගේ කඩුව හොයන්න තැන තැන පන්සල් දේවාල කඩපු අය. පොඩි කාලේ ආසාවට ඇතුන් මරපු දළ එකතු කරපු අය. ඒ නිසා මේ රටේ ශිෂ්ඨාචාරයටත් මේ රටේ සංස්කෘතියටත් කරන්න පුලුවන් සියලුම විනාශයන් කරපු කණ්ඩායම් දෙකක් අපි ඉස්සරහා ඉන්නවා.

අද පැහැදිලි එක ව්‍යාපාරයයි තියෙන්නේ. ඒ ජාතික ජන බලවේගයේ ව්‍යාපාරය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ අර්බුදය අවස්ථාවේ වගකීම් භාර නොගෙන පැන ගියේ ඇයිදැයි  කියන්න… උත්තර නැතිනම් ඔබ දෙපළ මේ වේදිකාවට විත්  මා දෙපසින් වාඩි වෙන්න… ජනපති අනුරටයි සජිත්ටයි  කියයි….

Next Post

අදත් මහ වැසි… මිලි මීටර 150 ඉක්මවා යා හැකියි… කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.