බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රටේ අර්බුදය අවස්ථාවේ වගකීම් භාර නොගෙන පැන ගියේ ඇයිදැයි  කියන්න… උත්තර නැතිනම් ඔබ දෙපළ මේ වේදිකාවට විත්  මා දෙපසින් වාඩි වෙන්න… ජනපති අනුරටයි සජිත්ටයි  කියයි….

by editor
අගෝස්තු 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ පැවති බරතපතල ආර්ථික අර්බුද අවස්ථාවේ වගකිම් භාර නොගෙන පැන ගිය සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක කළ යුත්තේ එසේ පැනගියේ ඇයි දැයි තමන් අසන පැනයට පිළිතුරු ලබා දීම බවත් එසේ ලබා පිළිතුරු දිය නොහැකි ඔවුන් කළ යුත්තේ තම වේදිකාවට නැග තමන් දෙපස පුටු දෙකක වාඩි විම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මේ බව සඳහන් කර සිටියේ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ දී අද (17) පස්වරුවේ පැවති “පුළුවන් ශ්‍රී ලංකා” විජයග්‍රාහී මංගල ජන රැළිය අමතමිනි.

එළැඹෙන ජනාධිපතිවරණයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය තහවුරු කිරීමෙ වෙනුවෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන ජන රැළි මාලාවේ ආරම්භක ජන රැලිය අමතමින්  ජනාධිපති රනිල් වික්‍රමසිංහ   මෙසේද පැවසීය.

ජාතික කොඩි අත ඇතිව  සිටින ජනතාව

අද ඔබ සියලුදෙනා මෙම ස්ථානයට රැස්ව සිටින්නේ පක්ෂ ගැටෙන ඡන්ද ව්‍යාපාරයක් වෙනුවෙන් නොවෙයි. අද අප එක්ව සිටින්නේ සියලුදෙනා එක්වන මේ රටේ ජනතාවගේ අනාගතය තහවුරු කරන ව්‍යාපාරයක් වෙනුවෙන් බව කිවයුතුයි. අද මල්වැස්සක් වැස්සේ ඒ නිසයි. මෙතන බෙදෙන තැනක් නොවෙයි, මේ රට රැකීමට තුන් සිංහලය එකට එක්වන තැනයි.

පක්ෂ බේදයෙන් තොරව ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ගැස් සිලින්ඩරය ලකුණින් මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ ඒ නිසයි. අද මෙතන සිටින්නේ අනිත් නායකයන් බැහැ කියලා පැනලා යද්දි, පුළුවන් කියා රට බේරාගත් පිරිසයි. අද විවිධ පක්ෂවලට අයත් පිරිස මෙම ස්ථානයට රැස්ව සිටිනවා. එසේනම් මගේ ඡන්ද ව්‍යාපාරය වන්නේ මේ රටේ සියලුදෙනා එක් කර ගනිමින් ඉදිරියට ගොස් රටේ ජනතාවට යහපත් අනාගතයක් ගොඩනඟා දීමයි. මෙය මගේ අනාගතයවත්, මෙහි සිටින මැති ඇමතිවරුන්ගේ අනාගතය වෙනුවෙන්වත් ගෙන යන ව්‍යාපාරයක් නොවෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළක් බව කිවයුතුයි.

එදා විදුලිය තිබුණේ නැහැ, සියලුදෙනා අඳුරේ ජීවත් වුණා. ඉන්ධන තිබුණේ නැහැ, පයින් ගියා. ගෑස් තිබුණේ නැහැ, සිලින්ඩර් විතරයි තිබුණේ. ඒවත් පිපිරුවා. ඖෂධ තිබුණේ නැහැ, ජනතාව මහ පාරේ මිය ගියා. හෝටල් වැහුණා. කර්මාන්ත ශාලා කඩා වැටුණා. එවන් අවස්ථාවක මමත්, අගමැතිතුමා ඇතුළු මේ කණ්ඩායම රට භාරගත්තා. ඒ වෙනුවෙන් වෙන කිසිවෙක් ඉදිරිපත් වුණේ නැහැ.

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහත්තයා ඉල්ලා අස්වුණා. හිටපු ජනාධිපතිතුමා ද ඉල්ලා අස් වුණා.
විපක්ෂනායකතුමා පැනලා දිව්වා. අනුර දිසානායක මහත්තයා සොයා ගන්නවත් හිටියේ නැහැ. ඒ කාලයේ ඩොලරයක අගය රුපියල් 377යි. ලිට්‍රෝ ගෑස් සිලින්ඩරට රුපියල් 4901යි, ලාෆ් ගෑස් සිලින්ඩරය රුපියල් 6850, පෙට්‍රල් 92 ලීටරය රුපියල් 470යි, ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 460යි, භූමිතලේ ලීටරය රුපියල් 375යි, බස් ගාස්තු අවම ගාස්තුව රුපියල් 40යි,



මේ කාලයේ සජිත් ප්‍රේමදාස කොහෙද හිටියේ, අනුර දිසානායක කොහොද හිටියේ, ජනතාව විඳින දුක දන්නවා නම් එදා ආණ්ඩු බලය අරගෙන ඒ ප්‍රශ්නවලට විසදුම් ලබාදීමට තිබුණා. විපක්ෂනායකයා යුතුකම් දන්නවා නම් පැවති ආණ්ඩුව ඉල්ලා අස් වූ විට ආණ්ඩුව භාරගත යුතුයි. ඒ වගේම පළමු විපක්ෂය එය භාරගත්තේ නැත්නම් දෙවන විපක්ෂය එය භාරගත යුතුයි. ඒත් ඔවුන් කොහොද හිටියේ. අද ඔවුන් ජනතාවගේ ජීවන බර ගැන කථා කරනවා.

ගෑස් සිලින්ඩරය 6800 යන විට සජිත් කොහෙද හිටියේ, අනුර කොහොද හිටියේ කියා මම අහන්න කැමතියි. ඇයි එදා ඒ වෙනුවෙන් ක්‍රියාකළේ නැත්තේ කියා මම අහනවා. මේ වේදිකාවෙන් පටන්ගෙන අපි හැම වේදිකාවේදීම සජිත්ගෙන්, අනුරගෙන් එම ප්‍රශ්නය අහනවා. ඔවුන් පිළිතුරු ලබා දිය යුතුයි. පිළිතුර ලබා දෙන්න බැරිනම් ඔබ මැතිවරණයට ඉදිරිපත් වෙන්න එපා. ඔබ දෙදෙනාත් පැමිණ මේ වෙදිකාවේ දෙපස අසුන් ගන්න කියලා මම කියනවා.

දැන් ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 3690යි, රුපියල් 1220 කින් අඩුවී තිබෙනවා. ලාෆ් ගෑස් සිලින්ඩරය රුපියල් 3680යි, රුපියල් 2170කින් අඩු වෙලා තිබෙනවා. ඉතින් මගේ මැතිවරණ ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලබා ගැනීම පුදුමයට කරුණක් නොවෙයි. ඊට වඩා සුදුසු වෙනත් එක්ක නැහැ කියා මම ප්‍රකාශ කළයුතුයි. අපි පෙට්‍රල් ලීටරය රුපියල් 344ට අඩු කළා.

ඔටෝ ඩීසල් රුපියල් 317ට අඩු කළා. භුමිතෙල් රුපියල් 202 ට අඩු කළා. අවම බස් ගාස්තුව රුපියල් රුපියල් 28ක් කළා. විදුලි බලය පළමු ඒකක 30 රුපියල් 06යි. ඒකක 60 වන තෙක් රුපියල් 09යි. ඊට පස්සේ රුපියල් 18යි.

මේ පිළිබඳ මම සෑහීමකට පත් වෙන්නේ නැහැ. එදා රුපියල් 377ක් වූ ඩොලරය අද 303යි. මෙය ආරම්භය පමණයි. තව දුර යාමට තිබෙනවා. පොහොර මිටිය රුපියල් 40,000කට ගත්තා කියා ඔබ මතක් කළා. එය වැරදියි. එදා මේ රටේ පොහොර තිබුණේ නැහැ. මේ ආර්ථිකය හැදුවේ සජිත් ප්‍රේමදාස, අනුර දිසානායක, හර්ෂ ද සිල්වා හෝ සුනිල් හදුන්නෙත්ති නොවෙයි.

අපි පසුගි 2022, 2023 මේ රටේ ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා දුන්නා. ඒ වගේම ජනතාවට අස්වැසුම ලබා දුන්නා. මල්වතු ඔය ජලාශය වැඩ අප ඉදිරියේ දී ඔබ වෙනුවෙන් නියත වශයෙන්ම අවසන් කරන බව කිවයුතුයි. මේ රටේ ජනතාව විඳි දුක අපි දන්නවා. රට මේ තත්ත්වයට ගෙන ඒමට වැට් බදු වැඩි කිරීමට සිදුවුණා. අපි එය කැමැත්තෙන් කළේ නැහැ. අකමැත්තෙන් වුවත් එම තීරණ ගැනීමට සිදු වුණා. එයින් රටේ ආර්ථිකයට සහනයක් ලැබෙන බව අප දැන සිටියා.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!



අපි දුක් විදි රජයේ සේවකයන්ව අමතක කෙළේ නැහැ. 2024 ජනවාරි මාසයේ අපි රජයේ සේවකයන් වෙනුවෙන් රුපියල් 5,000ක් ලබා දුන්නා. අප්‍රෙල් මාසයේ 10,000ක් ලබා දුන්නා. 2025 පාදක වසර බවට පත්කරගෙන ජීවන වියදම් දීමනාව රුපියල් 25,000 ක් බවට පත් කර රාජ්‍ය සේවයේ ආරම්භක වැටුප 24%කින් ඉහළ නංවා ජීවන වියදම් දීමනාව සමඟ රුපියල් 55,000ක වැටුප් තලයක් ඇති කරනවා.

වසර දෙකකින් අපි රුපියල් 25,000ක් ලබාදුන්නා. බංකොලොත් නොවු එක රජයක්වත් මෙවන් සහනය ලබා දුන්නේ නැහැ. මෙම සහන ලබාදීමට හැකිවුයේ අපි නිසි ලෙස මෙම ආර්ථිකය පාලනය කළ නිසයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, ආබාධිත පුද්ගලයන් වෙනුවෙන් ලබාදෙන සහන අපි විශාල ලෙස ඉහළ නැංවුවා. එපමණක් නොවෙයි උරුමය වැඩසටහන ක්‍රියාත්මක කර ඔබ මෙතෙක් වගා කළ ඉඩම්වලට නීත්‍යානුකූල අයිතිය ලබා දී තිබෙනවා. මැතිවරණ නිසා තාවකාලිකව මෙම වැඩසටහන් නතර කළත්, මැතිවණයෙන් පසු වෙනම අධිකාරියක් පත් කර ලක්ෂ 20ක් වෙනුවෙන් මෙම උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන භාර දෙනවා. වසර දෙකකින් එම වැඩසටහන අවසන් කළයුතුයි. අවශ්‍යනම් ඒ වෙනුවෙන් නීති ගෙන ඒමට ද කටයුතු කරනවා.

අපි කිසිවෙක් අතහැර නැහැ. අයිතිය බෙදීමේ විප්ලවය අපි ආරම්භ කර තිබෙනවා. අපට මෙම සහන ලබාදීමට හැකිවුයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් වැඩසටහන සාර්ථක කරගත් නිසයි. ඒ වගේම ඔවුන්ගේ එකඟතා අනුව අප ඉදිරියට යනවනම් අපට තිබෙන ණය ගෙවීමේ දී ඩොලර් බිලියන 13ක සහනයක් හිමි වෙනවා. නමුත් මෙය වෙනස් කළොත් මෙම සහන අහිමි වෙනවා.

අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස කියනවා මෙය වෙනස් කරනවා කියලා. එවිට මේ රටේ ජනතාව නැවත ආර්ථික ගැටලු ඇති වෙනවා. ඉන්ධන නැති වෙනවා, ඖෂධ, ගෑස් නැති වෙනවා.
ඒ නිසා මම සජිත් සහ අනුරගෙන් අහනවා ඔබ මේ ප්‍රශ්නය විසඳන්නේ කොහොමද කියලා. එවන් තත්ත්වයක් ඇති වුවහොත් ඔවුන් නැවත පැන දුවනවා. රට බේරාගත හැකි එකම කණ්ඩායම අද මා සමඟ මෙම වේදිකාවේ සිටිනවා. මම පක්ෂයක් නැතිව මෙතනට ආවේ ඔබේ අනාගතය වෙනුවෙන්. අපි රට දියුණු කළයුතුයි. ඒ සඳහා වූ සැලැස්ම අප ළඟ තිබෙනවා.

ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ පාලන සමයේ සංස්කෘතික ත්‍රිකෝණය ඇති කර දඹුල්ල සහ සීගිරිය දියුණු කළා. පසුගිය මාසයේ යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය මෙරටට පැමිණ අවස්ථාවේ මම එතුමියගෙන් ඉල්ලා සිටියා ඒ අයුරින් අනුරාධපුරය නිර්මණය කර දෙන්න කියලා. ඒ වගේම අනුරාධපුරය බෞද්ධ මධ්‍යස්ථානයක් බවට පත් කර මහා විහාර විශ්වවිද්‍යාලය නැවත ඇතිකිරීමට අප කටයුතු කරන බවද ප්‍රකාශ කළයුතුයි.

අපි දියුණු වෙමු. නැවත පෙරදිග ධාන්‍යගාරය බවට මේ රට පත් කර ඉදිරියට යමු කියා මා සියලුදෙනාට ආරාධනා කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් ලඟට ගිය අයට ගැන කියන්න දෙයක් නෑ… මට තියෙන්නේ ඒ අයට හිනා වෙන්න විතරයි… මහින්ද කියයි!

Next Post

අපි නුවර පෙරහර නවත්වනවා කියලා බොරු ප්‍රචාර යවන්නේ සැතපෙන පිළිමවල පපුව පළලා නිධන් හොයපු නිධන් හොරු…. අනුර කුමාර දිසානායක කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.