සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රන් බුදු පිළිමයක් සොයා නිවසකට ඇතුළු වූ බොදුබල සේනාවේ යැයි කියන චීවරධාරියෙක් සහ 06ක් පොලිස් අත්අඩංගුවට…

by editor
දෙසැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාතෙමේන්තුවේ  නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රන් බුදු පිළිමයක් සෙවීම සඳහා මාවතගම නිවසකට  අයුතු ලෙස ඇතුළු වූ  බොදුබල සේනා සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරී භික්ෂුවක් යැයි හඳුන්වාදෙන චීවර ධාරියෙක් ඇතුළු පුද්ගලයින් 06 දෙනෙක් මාවතගම පොලිසිය විසින් ඊයේ (17) අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

තමන් රැඳී සිටින්නේ 615, නාවල පාර, රාජගිරියේ  සද්ධර්මරාජික විහාරයෙහි බවත් තමන් එහි රැඳී සිටිමින් බොදුබල සේනා සංවිධානය සමග ක්‍රියාකාරීව කටයුතු කරන බවත් කඩිගමුවේ චන්ද්‍රාලංකාර නැමැති 26 හැවිරිදි  මෙම චීවරධාරියා පොලිසියට පවසා තිබේ.  වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු අතුරුගිරියේ පන්සලකද රැඳී සිටින බවය.

මෙම  සැකකාර චීවරධාරියා  ඇතුළු අත්අඩංගුවටගත් අනෙක් සැකකරුවන් එම සංවිධානයේ ක්‍රියාකාරිකයන් බව ඔවුන් පොලිසියට පවසා ඇත.

චීවරධාරියා සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ රදාවාන කිතුලකන්ද පාරේ පදිංචිකරුවෙක් වන සෙහාන් මිලින්ද (25), දංඕවිට වේරගොඩ පදිංචිකරුවෙක් වන මධුරංග අබේවර්ධන (30), අතුරුගිරිය ගල්පොත්ත පාරේ පදිංචිකරුවෙක් වන සිනෙත් නිලන්ත (27), තක්කහින්න, කොට්ටපොල පදිංචිකරුවෙක් වන ජයාන් මධුසංක (18) සහ තඹුත්තේගම , කලුන්දෑවේ පදිංචිකරුවෙක් වන සුගත් රුවන් කුමාර (37) යන පුද්ගලයින්ය.

මෙම සැකකරුවන් අතර අත්අඩංගුවට ගත් චීවරධාරියාගේ  සහෝදරයා ඇතුළු ඥාතීන් කිහිප දෙනෙක් සිටින බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව කියමින්  මාවතගම ,මැද්දේගොඩ ,පිටකන්ද පාරේ නිවසට   ඇතුළු වී ඇත්තේ චීවරධාරියාට හිමි රන් බුදු පිළිමයක් එම නිවසේ සඟවා ඇති බව කියමිනි.

සිතූ පැතූ සම්පත් දෙන මෙම රන් බුදු පිළිමය තමන් සතුව තිබී තමන්ගේ රියදුරු ලෙස කටයුතු කළ දුලාන් නැමැත්තාට ලබා දුන් බවත්,  එම පිළිමය සොයාගෙන ඔහුගේ නිවසට මෙසේ තමන් ඇතුළු කණ්ඩායම කඩා වැදුණු බවත් එම චීවරධාරියා පොලිසියට පවසා තිබේ.

එහෙත්  දුලාන් නැමැති රියදුරාද මෙම පිළිමය ගැන මාස එකහාමරකට පෙර මාවතගම පොලීසියට පැමිණිල්ලක් කර තිබී ඇත.    එහිදී ඔහු පොලීසියට පවසා ඇත්තේ පරම්පරාවෙන් තමාට උරුමවී තිබුණු සොරකම්කර ඇති බවය.

මෙම  පිරිස නිවසට කඩාවදින විට දුල‍ාන් නැමැති රියදුරා නිවසේ සිට නැති අතර  නිවසේ සිට ඇත්තේ මෙම කාන්තාව සහ වයස අවුරුදු 15ක් පමණ   දරුවෙක් පමණක් බවද  පොලීසිය කියයි.

කෙසේ වෙතත් මේ සෝදිසි කිරීම ගැන සැක සිතූ නිවෙස් හිමි කාන්තාව මෙම පුද්ගලයින්   බඩුමුට්ටු පෙරළන අතර 119 පොලිස් හදිසි ඇමතුම් අංශය අමතා සිද්ධිය පවසා තිබේ.

එම ඇමතුමට අනුව මාවතගම පොලීසිය එහි පැමිණ විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිිසිය එන විට පුද්ගලයෙක් පලා ගිය බවත්,  ලක්ෂ හයක් පමණ වටිනා   රන් මාලයක් හා මුදු දෙකක් නිවසේ තිබී නැතිවී ඇති බවත්, එම රන් භාණ්ඩ මෙම පුද්ගලයා විසින් රැගෙන යන්නට ඇති බවත් නිවෙස් හිමි කාන්තාව පොලිසියට පවසා ඇත.

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිලියන 4.6ක අයිස් සහ හොරොයින් සමග දකුණු මුහුදේ අත්අඩංගුවට ගත් යාත්‍රා කොළඹට ගෙනෙයි…

Next Post

පා පන්දු ලෝක කුසලානය ආර්ජන්ටිනාවට… ජාතිය රංජනය කළ ලෝක කුසලානය දිනා දී මෙසී සමු ගනී…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.