සුමිත් පොතුපිටිය –
අපරාධයක් කිරීමට සූදනමින් සිටී මහ කළුපහන පොඩි මල්ලී නමැති අන්වර්ථ නාමයෙන් හදුන්වන පුද්ගලයකු ආරක්ෂක හමුදාවන් භාවිතා කරන ජීව අත්බෝම්බයක්, කඩු කිනිසි සහ තවත් පුපුරන ද්‍රව්‍ය තොගයක් සහ අලි හකු දෙකක් සමග ඊයේ (17) රාත්‍රි 10 ට පමණ අත්අඩංගුවට ගත්බව මීගහතැන්න පොලිසිය පවසයි.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් මත මීගහතැන්න ස්ථානාධිපති දැනුවත් කිරීමෙන් පසු ක්ෂණිකව ක්‍රියාත්මකවී සැකකරු ගේ නිවස වටලා විදෙස් රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් , පිස්තෝල පතුරම් 19 ක්, නොම්මර 12 පතුරම් 9 ක් , වෙඩි බෙහෙත් යොදා සකස් කල උන්ඩ 153 ක්, උල් පිහි දෙකක්, කඩුවක්, වායු රයිෆලයක් එම උණ්ඩ 111 ක් , අත් මේස් ඇතුළු තවත් උපකරණ සහ අලි හකු දෙකක් සොයාගත් බව පොලිසිය කීය.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මතුගම , මහ කළුපහන මල්ලිකාගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැව්රිදි මහ කළුපහන පොඩිමල්ලී නමැති අයෙකු බව පොලිසිය කීය.
සැකකරු සිදුකිරීමට සැලසුම් කල අපරාධය සම්බන්දයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලැබුණ තොරතුරක් මත , මීගහතැන්න ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චින්තක දහනායකගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජයසිංහ ඇතුළු නිළධාරීන් වැටලීම සිදුකර ඇත.