සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපරාධකරුවෙක් රටින් පන්නන්න ගේම් ගැසූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය 25 තෙක් රිමාන්ඩ්…

by editor
ඔක්තෝබර් 14, 2023
in පුවත්
Colombo-Fort-Magistrate-Court
Share on FacebookShare on Twitter

දෙරණ –

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය එළඹෙන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ, සැකකාරියව අද (14) අලුත්කඩේ අංක 7 මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියව ඊයේ (13) දිනයේදී කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් වංචා විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත්කරමින් ආගමන විගමන පාලකයවරයාට අත්තනෝමතික ලෙස ලිපියක් යොමු කිරීම සහ අදාළ නඩු ගොනුව අස්ථානගත කිරීම හේතුවෙනි.

සැකකාරිය  අද අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන නිලධාරීන් පැවසුවේ, ජීවිතාරක්ෂණ සමාගමකින් රුපියල් ලක්ෂ 30කට අධික මුදලක් ව්‍යාජ ලේඛන සකසා වංචා කිරීම හේතුවෙන් වංචා විමර්ශන කාර්යාංශය අත්අඩංගුවට ගත් පුද්ගලයාට එල්ලවූ චෝදනා 8න් 7කට වරදකරු කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා සිරදඬුවම් පමුණුවා තිබුණේ පසුගියේ පෙබරවාරී මස 15වනදා බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එදිනම අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් යොමුකරමින් අදාළ සැකකරු ඇප ලබාගෙන තිබු බවද ඔවුන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට එම නඩු ගොනුව මහාධිකරණය වෙත යැවීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු ලේඛන භාර නිලධාරිණිය සෙවූවද එය හමුවී නොමැත.

පසුව ඇය විසින් එය ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරියට දැනුවූවද ඇය එය මගහැර සිට ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසීය.

එවන් පසුබිමක සැකකාර රෙජිස්ට්‍රාර්වරිය පසුගිය 12 වනදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ යතුරු ලියන තැනැත්තියට විදෙස්ගමන් තහනමක් ඉවත් කිරීම සම්බන්ධයෙන් වන ආකෘති පත්‍රයක් නඩු අංකයක් ද සමගින් ලබාදී එය ටයිප් කර දෙන ලෙස පවසා තිබේ.

ඒ පිළිබඳව සැක සිතී යතුරුලියන තැනැත්තිය, ලේඛනභාර නිලධාරිණියට මේ පිළිබඳව දැනුම්වත් කර තිබේ.

අදාළ ලේඛනයේ ඇති නඩු අංකය හා අස්ථානගත වී ඇති නඩු අංකය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී අදාළ අංක දෙකම එකක් බව තහවුරුවී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

ඒ අතුරතුර ආගමන විගමන පාලකවරයා වෙත සැකකාර රෙජිස්ට්‍රාර්වරිය ෆැක්ස් පණිවිඩයක් යවා අදාළ සැකකරුගේ විදෙස් ගමන් තහනම ඉවත්කළ බව පවසා ඇති බවද විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් වූ කොළ කැබලි කිහිපයක් සැකකාරියගේ කසළ බඳුනෙහි තිබී සොයාගෙන ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ, ඊයේ දිනයේදී නඩුව කැඳවා අදාළ සැකකරුට විදෙස් ගමන් තහනම ඉවත් කළ බවට සඳහන් කරමින් සැකකාරිය විසින් ආගමන විගමන පාලකවරයාට අත්තනෝමතික ලෙස දැනුම්දී ඇති බවය.

ඒ අනුව අපරාධ පරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දීමෙන් පසුව සිදුකළ විමර්ශනයේදී සැකකාරිය අත්අඩංගුවට ගත් බව අධිකරණය හමුවේ විමර්ශන නිලධාරීන් සඳහන් කළේය.

එමෙන්ම අස්ථානගත වූ නඩු පොත තවමත් සොයාගැනීමට නොහැකි වී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම අවස්ථාවේදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකාරියට වසර 25ක සේවා කාලය තුළ කිසිඳු චෝදනාවක් එල්ලවී නොමැති බවය.

අනතුරව කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ, අතුරුදන් නඩු ගොනුව සැකකාරිය සතුව නොමැති නම් ඇයට විදෙස්ගමන් තහනම ඉවත්කිරීමට අදාළ කරුණු ලබාගැනීමට හැකියාවක් නොමැති බවය.

එමෙන්ම සැකකාර රෙජිස්ට්‍රාර්වරිය විසින් සැකකරු සමග අවස්ථා ගණනාවකදීම දුරකතන මාර්ගයෙන් සම්බන්ධවී ඇති බවත් දුරකතන දත්ත පරීක්ෂා කිරීමේදී ඇය විසින් ඔහුට විනාඩි 20ක පමණ දුරකතන ඇමතුමක් එක් අවස්ථාවකදී ලබාගෙන ඇති බවට අනාවරණය වූ බවත් විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සඳහන් කළේය.

වැඩිදුරටත් විමර්ශන නිලධාරීන් පැවසුවේ, සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අම්මලාගේ විලාපය…

Next Post

පකිස්ථානය විශාල පරාජයක… ඉන්දියාව කඩුළු 07කින් දිනුම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.