බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

පකිස්ථානය විශාල පරාජයක… ඉන්දියාව කඩුළු 07කින් දිනුම්…

by editor
ඔක්තෝබර් 14, 2023
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ඉන්දියා පකිස්ථාන තරගයක් යනු ක්‍රිකට් වලටත් ටිකක් එහාට ගිය එකකි.  ක්‍රීඩාව නරඹනන්නට එය  වෙනම දේශපාලනික, වාර්ගික, ආගමික මූලයන් සහිතව හසුරුවන වෙනස් ආකාරයේ යුද්ධයකි. ඒ හේතුවෙන්ම ඉන්දියා පකිස්ථාන තරගයක ජය පරාජය තීරණාත්මකය. පරාජය බොහෝ දුරට ක්‍රීඩකයන්ගේ නිවෙස් ගිනි ගන්නා ආකාරයේ අපරාධයක් වන අවස්ථා තිබේ.

ලෝක කුසලානයක ඉන්දියා පකිස්ථාන තරගයකදී මේ තත්ත්වය වඩාත් තීව්‍ර වේ. ඒ නිසාම කිසිම කණ්ඩායමක් කුජීත වී පැරදීම භායනයකය.

එහෙත් අද ඒ දේ වුනේය. මුල සිටම අනුමාන කළ පරිදි ඉන්දියාවේ ජයග්‍රහණය සියයට 68ක සීමාවේ ඇති බව පුරෝකථනය විය. එහෙත් ඉන්දියාව හමුවේ පකිස්ථානය ලකුණු 192කට දැවී යෑමත්, ඉන්දියාව පන්දු ඕවර 30.3ක දී කඩුළු 03ක් පමණක් දැවී එම ඉලක්කය ඉක්මවා යෑමත් පකිස්ථාන කණ්ඩායම අපේක්ෂා නොකළ මට්ටමේ ප්‍රහාරයකි.

තරගය පැවැත්වුනේ අහමදාබාද් හි  නරේන්ද්‍ර මොදි ක්‍රීඩාංගනයේ ය. කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායම පකිස්ථානයට පන්දුවට පහරදීමට ආරාධනා කරමින් පන්දු රැකීම තේරුවේය.

ඉන්දීය පන්දු යවන්නෝ  සැලසුම් කළ ලෙසම පකිස්ථාන ඉනිම කුඩු කර දැමූහ. පකිස්ථාන ඉනිමේ වැඩිම ලකුණු ප්‍රමාණය නායක බබාර් අසාම්ගෙනි. ඔඔහු පන්දු 58කට ලකුණු 50ක් ලැබුවේය,

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ශ්‍රී ලංකා  පන්දු යවන්නන්ට ක්‍රිකට් එපා කළ ආකාරයේ මහා ප්‍රහාරයක් එල්ල කළ කඩුළු රකින ක්‍රීඩක මොහොමඩ් රිස්වාන් පන්දු 69ක දී ලකුණු 49ක් රැස් කළේය.  ඉමාම් හක් ලකුණු 36ක්, ආරම්භක පිතිකරු අබ්දුල්ලා ෂාෆිකියු ලකුණු 20ක් ලැබුවේය.

අනෙක් කිසිවෙක් ලකුණු 12කට වඩා ලබා ගත්තේ නැත. ක්‍රීඩයකින්  05 දෙනේක හිටියේ ලකුණු 10 සීමාවට පහලිනි.

පන්දු ඕවර 42.5කට පකිස්ථාන ඉනිම නිමා වන්නේ ලකුණු 191ක් ලබා ගනිමිනි.

මේ තණතීරු ගැන බොහෝ විචාරකයෝ පවසා තිබිණි.  ජයග්‍රහණයක ලකුණක් දකින්නට ලකුණු 300 ඉක්මවා ලබා ගත යුතු බව පුරෝකථනය කළ පිතිකරණයට යෝග්‍ය කදිම තණතිලිවල පන්දු යැවීම වෙනම කාලාවකි.

ඉන්දීය පන්දු යවන්නෝ මේ කලාව මහා ශික්ෂණයකින් පිහුණු කර ඇති බව පෙනුණි. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්පිට් බුම්රා පන්දු ඕවර 07ක් යවා ලබා දුන්නේ ලකුණු 19කි.  කඩුළු 02ක් ලැබුවේය.

මෙහොමඩ් සිරාජ්, හර්දික් පාණ්ඩ්‍ය, කුල්දීප් යාදේව්, රවීන්ද්‍ර ජඩේජා කඩුළු 02 බැගින් බිඳහෙලූහ.

හඹා යන්නට පැමිණි ඉන්දියානු කණ්ඩායම අනුකම්පා විරහිතව පකිස්ථාන පන්දු යවන්නන්ට පහර දුන්හ. රෝහිත් ෂර්මා පන්දු 63ක් තුළ හයේ පහර 06ක් සහ හතරේ පහර 06ක් සමගින් ලකුණු 86ක් ලැබුවේය.  ශ්‍රෙයාස් අයියර් නොදැවි ලකුණු 53ක් කේ.එල් රාහුල් නොදැවී ලකුණු 19ක් ලැබුවේය.

ශුබ්මන් ගිල් ලකුණු 16ක් සහ විරාට් කෝලි ලකුණු 16ක්  බැගින් ලැබූහ.

පන්දු ඕවර 30.3ක දී ඉන්දීය කණ්ඩායම කඩුළු 07 ජයග්‍රහණයක් වාර්තා කරමින් තරගය නිමා කළේය. ශහීන් ෂා ඇෆ්රිඩි කඩුළු 02ක් සහ හසන් අලි කඩුල්ලක් ලැබුවේය.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ජස්පිට් බුම්රා තරගයේ වීරයා විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අපරාධකරුවෙක් රටින් පන්නන්න ගේම් ගැසූ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන රෙජිස්ට්‍රාර්වරිය 25 තෙක් රිමාන්ඩ්…

Next Post

වතු කම්කරුවන්  ලංකාවට පැමිණ වසර 200ක් සැපිරීමට තමිල්නාඩුවේ  සංවිධානය වූ  සමුළුව තමිල්නාඩු අධිකරණය තහනම් කරයි…

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.