තමන් සහභාගීවන ජාතික ජන බලවේගයේ යාපනයේ ජන රැළියට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඊයේ සවස දහස් ගණන් ජනතාව බස් රථවලින් යාපනය දක්වා රැගෙන ආ බවට දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ.සුමන්තිරන් සිය X ගිනුමේ සටහනක් තබමින් චෝදනා කරයි.
“මොකක් හරි අමුතු හේතුවකට ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ හවස බස්වල දහස් ගණනක් විතර යාපනේට ගෙන්වලා මෙතන කතා කළා… යාපනයට එක්ක ආවේ ඇයි?. ඔවුන්ගේ දිස්ත්රික්කවලට ගිහින් ඒ අයව අමතා කතා කරන්න තිබුණා. එතකොට ගමන් වියදම් ගොඩක් අඩු වෙන්න තිබුණා. . ආගන්තුක සිංහල මිනිසුන්ට ඔහුගේ කතාවේ පරිවර්තනයක් දෙමළ භාෂාවෙන් ලබා දී තිබුණා,” සුමන්තිරන් X ගිනුමේ පණිවිඩයක් පළ කළේය.
ඊයේ සවස වවුනියාවේ ද ජන රැළියක් පැවැත්වුන අතර වව්නියා නගරසභා ක්රීඩාංගනයේ ජනතාව පිරී සිටියේය. මේ වනවිට දකුණේ දේශපාලන පක්ෂ ජන රැළිවලට කෑම පැකට් සහ රුපියල් දෙතුන් දහසක් ලබා දී මිනිසුන් බස් රථවලින් ජන රැළිය පවතින ස්ථානයට රැගෙන යෑමේ තත්ත්වයක් ඇති වී තිබේ. සුමන්තිරන් හිටපු මන්ත්රීවරයා චෝදනා කරන්නේ අනුර දිසානායකත් ඒ තත්ත්වය උතුරේ දී අනුගමනය කරන බවය.







