බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ”… ලෝකයම එක්ව අද ලෝක දුම්කොළ විරෝධී දිනය සමරති!

by editor
මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක දුම්වැටි විරෝධී දිනය අදය.  මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කළ  ලෝක දුම්කොළ විරෝධී දිනයේ තේමාව දැනෙන සුලුය.  “අපට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවේ”. මෙවර තේමාව එයය. මෙම තේමාව තුළින් වඩා පෝෂ්‍යදායී, තිරසාර, විකල්ප වගාවන් කෙරෙහි ලොව පුරා දුම්කොළ වගාකරුවන්ගේ අවධානය යොමු කිරීමත්, විකල්ප අලෙවිකරණ අවස්ථා කෙරෙහි යොමු වීමට ඔවුන් දිරි ගැන්වීමත් ඉලක්ක කෙරේ.

ගැටුම්, දේශගුණික විපර්යාස, Covid-19 වසංගතය සහ ඉහළ නගින ආහාර මිල යනාදී කරුණු රැසක් මගින් ඇතිකරන ලද ගෝලීය ආහාර අර්බුදයකට මේ වන විට මුලු ලෝකයම මුහුණ පා සිටී. ඉතිහාසයේ වාර්තාවන දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදය සමග ශ්‍රී ලංකාවේ මෙම තත්වය වඩාත් උග්‍ර අතට හැරී තිබේ. මෙම අර්බුදයත් සමග ශීඝ්‍රයෙන් ඉහළ යන ආහාර මිල හමුවේ රටේ මහජනතාව දැඩි ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ පා සිටිති, ලෝක ආහාර වැඩසටහන ඉදිරිපත් කර ඇති දත්ත අනුව, ශ්‍රී ලාංකිකයන්ගෙන් මිලියන 6.3ක් ආහාර අනාරක්ෂිතතාව කෙරෙහි ලඟා වෙමින් පවතී.

සෞඛ්‍ය සේවය මත පැටවෙන අනිසි බර

මෙම දුෂ්කර ආර්ථික තත්වය හමුවේ දුම්කොළ භාවිතය හේතුවෙන් අප රටේ ආර්ථිකය සහ සෞඛ්‍ය සේවය මත පැටවෙන අනිසි බර පැහැදිලිවම අනවශ්‍ය එකකි.   සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ වසරකට අකල් මරණ 20,000කට, එසේ නැතහොත් දිනකට මරණ 55කට හේතුව  මාරාන්තික නිශ්පාදනයක් වන දුම්කොළය,

තවද, ශ්‍රී ලාංකිකයන් දිනකට රු. මිලියන 400ක් සිගරට් සඳහා වියදම් කරයි.   සිගරට් භාවිතය නිසා රජය වසරකට දැරිය යුතු ආර්ථික හා සෞඛ්‍ය පිරිවැය රුපියල් මිලියන 84,320කි. අධ්‍යයන මගින් සොයාගෙන ඇති පරිදි, බහුතරයක් දුම් පානය කරන්නන් අයත් වන්නේ අඩු ආදායම්ලාභී කණ්ඩායමටය. මේනිසා, වෙහෙස වී උපයන මුදල් දුම්පානය වෙනුවෙන් නිකරුනේ වැය කිරීම ඔවුන්ගේ පවුල් තවදුරටත් අගාධයට ඇද දැමීමට රුකුල් දෙන අතර, එබඳු පවුල්වල ආහාර අනාරක්ෂිතතාව කෙරෙහි ද හේතු වේ.

ඉහවහා යන බඩගින්නHunger

වර්තමාන තත්වය හමුවේ මහජනයාහට අවශ්‍ය ආහාර මිස දුම්කොළ නොවන නිසා, ආහාර අර්බුදයෙන් ගොඩ එනු පිනිස දුම්කොළ භාවිතයෙන් නිදහස් වෙමින් එම මුදල් අත්‍යාවශ්‍ය පෝෂ්‍යදායි ආහාර සපයා ගැනීම සඳහා යොදාගැනීම කෙරෙහි අවධානය යොමු කල යුතුයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම කාරණයන්ට අමතරව, දුම්කොළ වගාව පරිසරයට ද බොහෝ හානිදායක වේ. දුම්කොළ වගාවේ අනිසි ප්‍රතිඵල වන දරුණු පංශු ඛාදනය, පස නිසරු වීම හා ජල සම්පත ක්ෂය වීම නිසා භූමියේ ඵලදායිතාව අඩු වන අතර, අධික රසායනික පොහොර භාවිතය සමස්ත පරිසර පද්ධතියටම අහිතකර බලපෑම් එල්ල කරයි.

එම රසායන ද්‍රව්‍ය ගොවීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සෞඛ්‍ය තත්වය කෙරෙහිද විශාල තර්ජනයක්ව පවතී. දුම්කොළ මගින් පාංශු පෝෂක ශීඝ්‍රයෙන් අවශෝෂණය කරගන්නා නිසා, සරු පසෙහි පෝෂක ක්ෂය වීමක් සිදු වන අතර, අවසානයේ එම පස වෙනත් අත්‍යාවශ්‍ය භෝග වගාව සඳහා නුසුදුසු තත්වයට පත් වේ.

දුම්කොල සමාගමේ බලපෑම

2017 වර්ෂයේදී එවකට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න   විසින් ශ්‍රී ලංකාව 2021 වන විට දුම්කොළ පාලනය පිළිබඳ සඳහා වු ජාත්‍යන්තර සම්මුතියේ (FCTC) 17 සහ 18 යන වගන්තීන්ට අනුකූලව දුම්කොළ වගාවෙන් ඉවත්වන බවට ජාත්‍යන්තර සමුළුවකදී ප්‍රකාශයක් සිදු කරන ලදී. මෙය දුම්කොළ වගාකරුවන් හට විකල්ප ජීවනෝපායන් කෙරෙහි යොමු වීමට කදිම අවස්ථාවක් වුවද, එම එකඟතාවයට පැමිණ අවුරුදු 5කට පසුවත් මෙම තීරණය අදටත් ක්‍රියාත්මක වී නොමැත. පැහැදිලිවම දුම්කොළ කර්මාන්තයෙහි මැදිහත්වීම මේ පසුපස ඇති බලවේගයයි.

දුම්කොළ කර්මාන්තය විසින් නොයෙකුත් ක්‍රමෝපායන් ඔස්සේ ප්‍රතිපත්ති සම්පාදකයින් කරා ලඟා වෙමින් ප්‍රතිපත්ති තීරණ දුර්වල කිරීමටත්, දුම්කොළ වගාව පවත්වාගෙන යමින් ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටත් දිගින් දිගටම කටයුතු කරන බව නොරහසකි. දුම්කොළ කර්මාන්තය ගොවීන් හට ජීවනෝපාය සලසන මාර්ගයක් ලෙස නිරතුරුවම තමන් පිළිබඳ පුරසාරම් දෙඩුවද සැබෑ තත්වය කිසිසේත්ම මෙය නොවේ. දුම්කොළ වගාව තිරසාර වගාවක් ලෙස හුවා දැක්වීමට ඔවුන් දරන උත්සාහයද බොහෝ නිෂ්ඵලය.

එමෙන්ම සිගරට් භාවිතය සහ ඒ හා බැදී ඇති හානිය අවම කිරීමට සිගරට් භාවිතය අවම කිරිමේ පාලන ප්‍රතිපත්ති මේ මොහොතේ අප රටට අත්‍යවශ්‍ය වේ. සුරාබදු ඉහල දැමීම මගින් සිගරට් නිශ්පාදනයන්හි මිල උපරිම මට්ටම දක්වා ඉහල දැමීම දුම්කොළ පාලනය වෙනුවෙන් ගත හැකි වඩාත්ම ඵලදායී උපායමාර්ගය බව හඳුනාගෙන ඇත. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාව තුළ දුම්වැටි බදු රටේ උද්ධමනයට අනුකූලව සකස් කෙරෙන විද්‍යාත්මක මිල සූත්‍රයක් ක්‍රියාත්මක නොවේ. ඒ වෙනුවට අප රටෙහි ක්‍රියාත්මක වන්නේ දුම්වැටි බදු ඒවායේ දිගට සාපේක්ෂව තීරණය වන සංකීර්ණ, යල්පැනගිය ක්‍රමවේදයකි.

මුදල් අමාත්‍යාංශය හරහා ක්‍රියාත්මක වන අනිසි බලවේගයන් හේතුවෙන් රට තුළ විද්‍යාත්මක සහ තාර්කික දුම්වැටි බදු ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීම පමා වෙමින් පවතී. මෙම තත්වය හමුවේ පසුගිය වසර 5 තුළ රජයට අහිමිව ගිය දුම්වැටි බදු ආදායම ආසන්න වශයෙන් රු. බිලියන 200ක් පමණ වේ. ලංකා දුම්කොළ සමාගමේ කොටස් වලින් 84.13%කට අයිතිවාසිකම් කියන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම අප රටට අහිමි වූ එම මුදල් ඔවුන්ගේ ලාභය වශයෙන් රැස් කරගෙන ඇත. මෙම තත්වය දුෂ්කර ආර්ථික ව්‍යසනයක සිටින්නාවූ අප රටෙන් මුදල් විදේශයන්ට ඇද ගනිමින් අප රට තවදුරටත් දරිද්‍රතාව කරා ඇද දමන්නකි.

කළ යුත්තේ කුමක් ද?

cigarette-tax

දුම්වැටි භාවිතය මගින් සිදු වන ආර්ථික, සෞඛ්‍ය හා සමාජීය හානිය අවම කිරීමට රජයේ සුරාබදු ආදායම ඉහල දැමීමටත්, නිවැරදි මිල සූත්‍රයක් හරහා රට තුළ විද්‍යාත්මක සහ තාර්කික දුම්වැටි බදු ප්‍රතිපත්තියක් ස්ථාපිතකරන ලෙස සියලු ප්‍රතිපත්ති සම්පාදකයන්ට මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කර සිටිමු.

තවද, දුම්කොළ වගාවෙන් ඈත්ව එම ගොවීන් වඩා ඵලදායී ජීවනෝපායන් කෙරෙහි යොමු කරවීමට දැරූ මන්දගාමී උත්සාහයද ශීඝ්‍ර කිරීමට දැන් කාලය පැමිණ ඇත. ශ්‍රී ලංකාව තුළ දුම්කොළ හානියට තිත තබා, කෘෂිකර්මාන්තය තවදුරටත් දියුණු කරමින්, වඩාත් පෝෂ්‍යදායි තිරසාර වගාවන් කෙරෙහි යොමු වෙමින්, ආනයනික නිශ්පාදන මත රඳා නොපවතින ස්වයංපෝෂිත හෙටක් වෙනුවෙන් එකාවන්ව නැගී සිටින මෙන් මේ පිළිබඳ වගකිවයුතු පාර්ශවයන්  සහ සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිමු.

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය –

Tags: නවතම
Share69Tweet43
Previous Post

සඳුදා යුග දිවිය ඇරඹූ චරිත් අසලංක ඇෆ්ගන් තරගාවලිය  වෙනුවෙන්  හෙට ශ්‍රී ලංකා සංචිතයට එක් වෙයි!

Next Post

වෛද්‍ය ෂාෆි කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරිවේද ප්‍රධාන වෛද්‍ය නිලධාරියා ලෙස යළි වැඩ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.