සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අනුරගේ ඉන්දීය සංචාරය ගැන ඉන්දියාවෙන් ඇසුණු කතා….

by editor
පෙබරවාරි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය රජයේ නිල ඇරයුමක් ප්‍රකාරව ඉන්දියාවේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර  දිසානායක ඇතුළු දූත පිරිස සහ ඉන්දීය රජයේ නායකයින් අතර ඇති වී තිබෙන සාකච්ඡා පිළිබඳ එරට ජනමාධ්‍යය තුළ යම් කථිකාවක් ඇති කර තිබේ. ශ්‍රී ලංකාවේ ජනමතයේ රූපණය ඉන්දියාව විසින් කියවා ගන්නා ආකාරය මේ සංචාරය තුළ සටහන්ව ඇතැයි  ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පෙන්වා දෙයි. 

ද හින්දු පුවත්පත වාර්තා කරන්නේ නවදිල්ලියේ ආරාධනයෙන් මේ දිනවල ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ   නායක අනුර කුමාර දිසානායක සඳුදා විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් සහ ජාතික ආරක්ෂක උපදේශක (එන්එස්ඒ) අජිත් දොවාල් හමුවූ  බවත් ඒ  මෙම   විපක්ෂ දේශපාලනඥයා සමඟ ඉන්දීය රජයේ ඉහල මට්ටමේ සම්බන්ධය පිලිබඳ ඇඟවීමක් බවත්ය.

අනුර කුමාර දිසානායක ඇතුළු දූත පිරිස, නවදිල්ලිය, අහමදාබාද් සහ ත්‍රිවානන්තපුරම් ආවරණය කරමින් දින පහක් පුරා, නගර තුනක සංචාරය කරන්නේ     තීරණාත්මක මැතිවරණ වර්ෂයකදී දේශීය දේශපාලන ක්ෂේත්‍රය තුළ ඔහුගේ ඉහළ යන ජනප්‍රියත්වයට සමගාමීව වීම කැපී පෙනෙන වැදගත්කමක් සහිත බව   හින්දු  පුවත්පත පෙන්වා දෙයි.

නවදිල්ලිය ජනතා විමුක්ති පෙරමුණේ නායකයාට ආරාධනා කළ පළමු අවස්ථාව මෙය බවද හින්දු පුවත්පත පවසයි.

ඔහු සමඟ හමුවීමෙන් පසුව, විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර්  X සමාජ මාධ්‍ය වේදිකාවේ පැවසුවේ මෙවැන්නකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අද උදෑසන ශ්‍රි ලංකාවේ ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවීම සතුටක්.

“අපගේ ද්විපාර්ශ්වික සබඳතාව සහ එය තවදුරටත් ගැඹුරු වීමෙන් ලැබෙන අන්‍යෝන්‍ය ප්‍රතිලාභ පිළිබඳව හොඳ සාකච්ඡාවක් පැවැත්වුනා. ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ ඉදිරි මාවත ගැන ද කතා කළා.

Neighbourhood First සහ SAGAR ප්‍රතිපත්ති සමඟින් ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවේ විශ්වාසවන්ත මිතුරෙකු සහ විශ්වාසවන්ත හවුල්කරුවෙකු වනු ඇත. ” අමාත්‍යවරයා පැවසීය.

 

Pleased to meet @anuradisanayake, Leader of NPP and JVP of Sri Lanka this morning.

A good discussion on our bilateral relationship and the mutual benefits from its further deepening. Also spoke about Sri Lanka’s economic challenges and the path ahead.

India, with its… pic.twitter.com/5cJJwaTB3o

— Dr. S. Jaishankar (@DrSJaishankar) February 5, 2024

ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමග කළ සාකච්ඡාව ගැන හින්දු පුවත්පතට අදහස් දක්වමින් දූත මණ්ඩල සාමාජික විජිත හේරත් පවසා තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කලාපීය ආරක්ෂාව පිළිබඳවත් ද්වී පාර්ශවික ගැටලු සම්බන්ධවත් සාකච්ඡා කළ බවය.  අතීතයේ ඉන්දියානු ව්‍යාප්ත වාදයට එරෙහිව දැඩි ලෙස විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකාව කෙරෙහි උනන්දුවක් දක්වන විවිධ ජාත්‍යාන්තර ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වීමට ඇති සූදානම සංඥා කරමින් සිය ස්ථාවරය වෙනස් කර ඇති ආකාරය හින්දු පුවත්පත අනාවරණය කරයි.

This afternoon (05) at Sardar Patel Bhavan, I met the National Security Adviser of the Government of India, Mr. Ajit Doval.

At this meeting, we discussed regional security and bilateral relations between Sri Lanka and India.

Comrade Vijitha Herath, the National Executive Member… pic.twitter.com/HTk3UeGwcu

— Anura Kumara Dissanayake (@anuradisanayake) February 5, 2024

ඔවුන් පවසන්නේ නවදිල්ලිය ජනතා විමුක්ති පෙරමුණට සත්කාරකත්වය දැක්වීම ශ්‍රී ලංකාවේ දැඩි අවධානයට ලක් වි ඇති බවය. 2022 දි ශ්‍රී ලංකාවේ ඇතිවූ දැවැන්තම මහජන නැගිටීමෙන්  ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහවීමත්, අනතුරුව ඇතිවූ ගැඹුරු ආර්ථික අර්බුදයත් සමග ප්‍රධාන දේශපාලන ධාරා දෙක පිළිබඳව කලකිරී සිටින බොහෝ පුරවැසියන් තෙවැන්නා වූ ජනතා විමුක්ති පෙරමුණ වෙත මෙවර මැතිවරණයේ දී බලය ලබා දීමට උත්සුක වීමත් සමග ඔහුගේ කැපී පෙනෙන ජනප්‍රියත්වයක් ප්‍රකට වන බව හින්දු පුවත්පත කියයි. ප්‍රාදේශීය මත විමසුම්වලදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක කෙරෙහිම ජනතාව කලකිරී ඇති බවත්, අනුර කුමාර දිසානායකගේ ජනප්‍රියත්වයේ පැහැදිලි වැඩිවීමක් දක්නට ලැබෙන බවත් හින්දු පුවත්පත කියයි.

මෙම සංචාරය සම්බන්ධව ටයිම්ස් ඔෆ් ඉන්දියා වාර්තා කරන්නේ දැඩි ලෙස ඉන්දීය විරෝධී අතීත ජනතා විමුක්ති පෙරමුණේ මතවාදය වඩාත් අවධාරණය කරමිනි.  රට තුළ දේශපාලයේ සිදුවන විචලනය නිරික්ෂණය කරමින් මෙම සංචාරය ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ජාතික ජන බලවේග නියෝජිත පිරිසට ලැබී ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

“ශ්‍රී ලංකාවේ මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ දූත පිරිසක් ඉන්දියාවට යවයි. ජාතික ජන බලවේගයේ  කොටසක් වන පක්ෂය සැලකිය යුතු මහජන සහයෝගයක් ලබාගෙන ඇති අතර අනුර කුමාර දිසානායක විසින් මෙහෙයවනු ලැබේ. ජනතා විමුක්ති පෙරමුණට ශ්‍රී ලංකාවේ ඉන්දීය විරෝධී ව්‍යාපාර සහ කැරලි මෙහෙයවූ ඉතිහාසයක් ඇත.  ටයිම්ස් ඔෆ් ඉන්දියා සිය වාර්තාවේ සඳහන් කළේ එසේය.

මෙම සංචාරයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකට අමතරව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ, ජාතික විධායක සභිකයින් වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සහ මහාචාර්ය අනිල් ජයන්ත යන නියෝජිතයන් සහභාගී වී සිටිති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට පුරා ඇවිදිමින් යකඩ දොරෙන් ආරක්ෂිත සේප්පුත් කඩා කෝටි ගණන් සොරකම් කළ සැඟවුන කම්බහොරා කොටුවුන හැටි!

Next Post

කළහ කළ කන්දකාඩු රැඳවියන් 14ක් රක්ෂිත බන්ධනාගාරයට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.