බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට පුරා ඇවිදිමින් යකඩ දොරෙන් ආරක්ෂිත සේප්පුත් කඩා කෝටි ගණන් සොරකම් කළ සැඟවුන කම්බහොරා කොටුවුන හැටි!

by editor
පෙබරවාරි 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අතිශයින් සුරක්ෂිත යැයි උපකල්පනය කර දැඩි අවධානයකට ලක් නොවන අධි ආරක්ෂිත සේප්පු බිඳ රුපියල් කෝටි ගණනින් සොරකම් කළ ශූර චෞරයෙක්  අත් අඩංගුවට ගෙන ඔහු විසින් සිදුකළ විශ්වාස කළ නොහැකි සොරකම් 17ක් පිළිබඳ අනාවරණය කරගැනීමට පොලිස් විමර්ශකයෝ ඊයේ (05)  සමත් වූහ.

ඒ කතාව පෙළ ගැසෙන්නේ මෙසේය.

පසුගිය 30 දා රාත්‍රියේ  හලාව පොලිස් වසමේ හලාවත කොළඹ පාරේ පිහිටි පීපල්ස් ලීසිං ආයතනයේ අධි ආරක්ෂිත යකඩ සේප්පුව බිඳ 70,96,939.66 ( හැත්තෑ ලක්ෂ අනු හය දහස් නවසිය තිස් නවයයි ශත හැට හයක්)  කොල්ලා කා තිබුණේය. සේප්පුවේ ඇති මුදල් කොල්ල කා තිබුණේ ඩ්‍රිල් මෙෂිමක් වැනි උපකරණයකින් සේප්පුවේ ඝනකම් යකඩ ආවරණය කපා සිදුරු කිරීමෙනි.

සිද්ධිය පිළිබද   පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විමර්ශන ආරම්භ කළේය. අපරාධයට සැක පුද්ගලයෙක්  විමර්ශනය සිදුකළ නිලධාරින් පසුගිය 03 වැනිදා කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත්තේය.  මෙසේ අත් අඩංගුවට ගත්තේ තැනිපිටිය දෙනියාය ලිපිනයේ පදිංචි ප්‍රතාප සහන් සංජීව නැමැති 29 හැවිරිදි තරුණයෙකි. ඒ සමගම සේප්පුව බිඳ දැමිමට යොදා ගත්  හිලටි යන්ත්‍රයකට සවි කරන බම්බු කටර් තල., ග්‍රයින්ඩර් මැෂිමක්, තල, ගෙවල් බිඳිම සඳහා යොදා ගන්නා උපකරණ තොගයක් පොලිස් භාරයට ගනු ලැබුවේය.

කොල්ල කෑම් සදහා යොදා ගත් ආයුධ …

අපරාධයට අනුබලදීම සමිබන්ධව කොතලාවල කඩුවෙල පදිංචි කාන්තාවක් ද  සහ මැඩලවිලහේන පස්ගොඩ පදිංචි කාන්තාවක් ද අත් අඩංගුවට ගෙන තිබිණි

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මවිතකරන අපරාධ ලයිස්තුව

ඔහුගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීම ඇරඹිනි.  ඔහුගෙන් අනාවරණය වන්නේ මෙතෙක් කිසිම සැකකරුවෙක් අත් අඩංගුවට නොගත් දිවයින පුරා සිදුවුන අපරාධ 17ක තොරතුරුය. එම සෑම අවස්ථාවකම ඔහු විසින් බිඳ දමා තිබුනේ අධි ආරක්ෂිතව තැන්පත් කර තිබුණු මුදල් සහ ස්වර්ණාභරණය.

කුරණෑගල රෝමනි උකස් ආයතනයේ පිටුපස දොරේ ඉබි යතුරු කඩා ඇතුළු වී ආයතනයේ සේප්පුව සිදුරු කර රුපියල් එක් කෝටි අනු ලක්ෂයකට ආසන්න  වටිනාකමක් සහිත රන් භාණ්ඩ කොල්ල කා තිබිණි. අපරාධ කරුවෙක් අත් අඩංගුවට ගෙන තිබුණේ නැත. ඒ අපරාධය සිදුකර තිබුණේ මොහුය.

‍කොල්ලුපිටියේ ඩයලොග් ආයතනයේ කයඩ දොරටුව ග්‍රයින්ඩරයෙන් කපා ඇතුළු වි සේප්පුව සිදුකර ඒ තුළ තිබූ රුපියල් දෙලක්ෂ අසූ දහස් හත්සිය අසු හතරක මුදලක් සොරකම් කර තිබිනි.  සොරකම කර තිබුණේ මේ තැනැත්තාය.

කඳාන පොලිස් වසමේ යකඩ දොරටු ග්‍රයින්ඩරයෙන් කපා ඇතුළු වී සේප්පුව කපා රුපියල් හය ලක්ෂ විසි හත් දාස් හතිලක මුදලක් සොරකම් කරන්නේත්, ගල්ගමුව පොලිස් වසමේ බෑග් අලෙවිසලකට කඩා වැදී මුදලින් රුපියල් හත් ලක්ෂ හැත්තෑ හත් දහසක් සොරකම් කරන්නේත්, ගල්ගමුවේම දුරකථන අලෙවිසලක් බිඳ රුපියල් හතලිස් හතර දහස් නවසියයක මුදල් සහ දේපල සොරකම් කරන්නෙත් මොහුය.

මේ ප්‍රශ්න කිරීමේ දී  මාවනැල්ල, වරකාපොල, හංවැල්ල. සීදුව, අනුරාධපුරය, යක්කල, නවගමුව. රත්නපුර, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, කඩවත, වත්තල, පොලිස්වසම්වල වෙළෙදසල් සහ මූල්‍ය ආයතන බිඳ සිදුකළ සොරකම් 12ක් සම්බන්ධව සැකකරු අනාවරණය කළේය.

මෙතෙක් අපරාධකරුවෙක් හෙළි නොවුන කඳාන, කිරිබත්ගොඩ, පිලියන්දල, ජාඇල, මහරගම. නවගමුව, බොරලැස්ගමුව, දෙහිවල ප්‍රදේශවල අපරාධ ස්ථාන 16ක සටහන්ව තිබූ ඇඟිලි සලකුණුවලින් එම අපරාධ සඳහා  ද මෙම සැකකරු සම්බන්ධ බවට තහවුරු වි තිබිණි.

විශේෂත්වය වන්නේ මේ හෙළි නොවුන අපරාධ ගණනාවට අමතරව හෙළි කරගත් අපරාධ සඳහා අධිකරණවලින්  විවෘත වරෙන්තු 16ක් ද ඔහුට විරුද්ධව නිකුත් කර තිබීමය.

හිතුවොත් කොහොමහරි වැඩේ කරනවා

“කොහොමද මේ  අපරාධ සැලසුම් කරන්නේ…” විමර්ශකයින් සැකකරුගෙන් විමසා සිටි ප්‍රධානම ප්‍රශ්නය වූයේ එයය.

“ එහෙම එකක් නෑ.. ඇතුළට යන්න ඕන නම් යකඩ දොරක් හරි කපලා ඇතුල් වෙනවා..” ඔහු කියා තිබුනේ හිතුවොත් කොහොම හරි ගේම ගහන බවය.  විමර්ශකයින් අනාවරණය කරගෙන තිබුනේ සැකකරු ක්‍රමවේදය තෝරා ගන්නේ ස්ථාන්යේ ස්වරූපය සහ තමන්ට පහසුම ප්‍රවේශය අනුවය. ඔහු රාත්‍රී කාලයේ මේ අපරාධ සිදුකළේය.   තමන් කොල්ලකන ස්ථානය පිළිබඳ නිවැරදිම තොරතුරු නිරික්ෂණය කරගැනීම සඳහා දිවා කාලයේ දී ඔහු එම ප්‍රදේශයේ සමීපව හැසිරුනේය. ඒ සීසීටීවී දර්ශනයකින් හෝ සැකයක් උපදවා ගත නොහැකි ආකාරයටය.

අපරාධ ස්ථානයට ඇතුළු වීමේ දි ඔහුට පහසුම ආකාරය තෝරාගෙන තිබුණු අතර ප්‍රවේශයට කිසිම අකාරයක් නැතිනම් ඔහු නොපැකිලව යකඩ දොරටු කපා දැම්මේය.

මේ තරම් සල්ලි මොකට ද?

මේ තරුණයා දැඩි ලෙස කැසිනෝ සූදුවට ඇබ්බැහි වී සිටි අයෛක් බව ප්‍රශ්න කිරීමේ දි හෙළි විය. දිවා රෑ නැතිව ජීවිත අවදානම ද ගෙන මාරක අපරාධ කරමින් කොල්ල කෑ ධනය ඔහු කැසිනෝ සූදුපලේ දිය කර හැර තිබිණි.

රටක් තිගැස්වූ සැඟවුන අපරාධකාර සූදු අන්තුවා මේ වනවිට දිර්ඝ කොල්ලකෑම් හෙළිදරව්වක් සමග පොලිස් අත් අඩංගුවේය. ඔහු පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරග දිනවන දඟ පන්දු අරටුව – යළිත් වීරයා වූ නැකැත්ගෙදර තරුණයා!

Next Post

අනුරගේ ඉන්දීය සංචාරය ගැන ඉන්දියාවෙන් ඇසුණු කතා….

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.