සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අන්තරේ විරෝධය ජල සහ කඳළු ගෑස් ප්‍රහාර එල්ල කර විසුරුවා හරියි…

by editor
ජනවාරි 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමන්ඩලය ඇතුළු බහු ජන සිවිධාන විසින් දියත් කළ විරෝධතා පාගමනට සෞන්දර්ය හා රංග කලා විශ්වවිද්‍යාලය ඉදිරිපිට දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර පලවා හැරීමට රජය කටයුතු කළේය.

පුරා දින 150ක් තිස්සේ අත්තනෝමතිකව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිරගත කර සිටින වසන්ත මුදලිගේ නිදහස් කරගැනීම එහි මූලික අභිලාෂය විය.

වසන්ත මුදලිගේ අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම ශ්‍රී ලංකා රජය වහාම අවසන් කළයුතු බව ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 7ක් අද (16) අවධාරණය කර තිබිණි.

ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්,  මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA),  CIVICUS, පෙරටුගාමී ආරක්ෂකයින් (Frontline Defenders),  හියුමන් රයිට්ස් වොච්, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ක්‍රියාකාරී කණ්ඩායම, සාමය සහ යුක්තිය සඳහා වූ ශ්‍රී ලංකා ව්‍යාපාරය යන සංවිධාන ඒ අතර විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අදාළ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන 07 ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින්, පෙන්වා දී තිබුනේ අවිහිංසාවාදී විරෝධතාවලට සම්බන්ධ ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු අත්තනෝමතික මෙලෙස රඳවා තබා ගැනීම සඳහා ත්‍රස්ත මර්දන නීති අනිසි ලෙස භාවිතා කිරීම ප්‍රකාශනයේ නිදහස, ඇසුරු කිරීම සහ සාමකාමී රැස්වීම යන අයිතිවාසිකම් කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන බවය.

රජයට එරෙහි විරෝධතාකරුවන් “ත්‍රස්තවාදීන්” සහ “ෆැසිස්ට්වාදීන්” බවටත්, පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ යළි විරෝධතා මතුවුවහොත් හදිසි නීතිය සහ හමුදාව යළි යොදවන බවටත් ජනාධිපතිවරයා තර්ජනය කර ඇතැයිද අදාළ සංවිධාන විසින් පෙන්වා දී ඇති බව බීබීසිය වාර්තා කළේය.

මේ ජනතා උද්ඝෝෂණය සංවිධානය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ මහජන ක්‍රියාකාරිකයින් ගේ අභිලාෂයන් අතර අතර බඩු මිල බදු බර අඩු කරගැනීම, පාසල් උපකරණවල මිල පහත හෙළා ගැනීම, සමාජ ක්‍රියාකාරීන් මර්ධනයට එරෙහිවීම, ශිෂ්‍ය නායකයින් දඩයම නවත්වා අත්අඩංගුවට ගත් සියලුම ක්‍රියාකාරීන් නිදහස් කරගැනීම ද විය.

කෙසේ වෙතත් කොළඹ මාර්ග අවහිරකර උද්ඝෝෂණ පැවැත්වීම වළක්වමින් අධිකරණ නියෝග ලබා ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව බීබීසී සිංහල සේවය සමග කියා තිබුණේ කොම්පඤ්ඤ වීදිය හා මරදාන පොලිස් ස්ථාන මගින් එම අධිකරණ නියෝග ලබා ගෙන ඇති බවය.

ඒ අනුව යුනියන් පෙදෙස දෙසින් ගාලුමුවදොරට ඇතුලුවීම තහනම් කරමින් කොම්පඤ්ඤ වීදීය පොලිසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන තිබිණි.

කොළඹ රෝහල් චතුරශ්‍රය හා අවට රෝහල්වලට බාධාවක් වන පරිදි ඩීන්ස් පාර – සීමන් හංදිය දක්වා මාර්ග සහ පදික වේදිකා භාවිත කළ නොහැකි පරිදි අවහිර කරමින් පවත්වන උද්ඝෝෂණ හා පෙළපාලි තහනම් කරමින් මරදාන පොලිසිය විසින් ද අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

විරෝධතාවය කුළුගැන්වෙමින් තිබිය දී දැවැන්ත පොලිස් ප්‍රහාරක බලකායක් සහ කැරළි මර්ධන ඒකකයේ පිරිසක් යොදවා මෙම විරෝධතා ව්‍යාපාරයට පහර දී විසිරුවා හරිනු ලැබුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාජ්‍ය ආදායම් අහිමි කරන දේශපාන සහ නිලධාරී හොර නඩයේ පැටිකිරිය IMF සොයාගෙන… විමසනවිට කට උත්තර නැති වෙයි…

Next Post

එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස සමුළුවේ නව සභාපති ධුරයට පත්වූ එක්සත් ආරබි එමීර් රාජ්‍යට ඉන්දියාවෙන් සුබ පැතුම්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.