ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයසංකර් ඉකුත් දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අමාත්‍ය සුල්තාන් අහමඩ් අල් ජාබර්ට එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාස සමුළුවේ සභාපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් සිය සුබ පැතුම් එක් කළේය.
මෙම පත්වීම සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් කියා සිටියේ, “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත සහ උසස් තාක්ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අහමඩ් අල් ජබර් මහතාට සුබ පැතුම් එක්කරනවා. බලශක්ති සහ දේශගුණික විපර්යාස පිළිබඳ ඔබේ පුළුල් අත්දැකීම මෙවර එක්සත් ජාතීන්ගේ කාලගුණ විපර්යාන සමුළුව සාර්ථකව නිමාකරගැනීමට ඉතා වැදගත් වේවි කියන කාරණය පෙරනිමිත්තක් විදහට මම දකිනවා. ″ යනුවෙනි.
එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ තමන් ගෝලීය පාරිසරික විපර්යාසය වැලැක්වීමට හැකි උපරිමියෙන් දායක වන බවයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය රටවල් 70ක් පුරා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 50කට වඩා වියදම් කර ඇති අතර ඉදිරි වසර දහය තුළ අවම වශයෙන් තවත් ඩොලර් බිලියන 50ක් ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත. එය ලොව විශාලතම සහ වඩාත්ම දැරිය හැකි සූර්ය බලශක්කි උත්පාදන වැඩසටහන් තුනක් සඳහා වීමට විශේෂත්වයකි.
අමාත්‍ය අල් ජාබර්ගේ පත්වීම එක්ස් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ශෙයික් මොහොමඩ් බින් සයෙට් අල් නායන් සහ අගමැති ශෙයික් මන්සූර් බින් සයෙට් අල් නායන්ගේ මඟ පෙන්වීම යටතේ සිදුවිය.







