බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අධිකරණ නියෝග නොතැකූ වව්නියාවේ කෝවිලක පූජකයාත් – සහායකයාත් අත්අඩංගුවට

by Lanka Sara Editor
මැයි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

වවුනියාවේ නෙඩුන්කේණී ආදී ලිංගේස්වර ශිව කෝවිලේ ප්‍රධාන පූජකයා සහ ඔහුගේ ආධාරකරුවකු නෙඩුන්කේණී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 11 දා වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

මෙම ශිව කෝවිල බලහත්කාරයෙන් ඉදි කරන ලද කෝවිලක් බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් වවුනියාව අධිකරණයේ නඩුවක් ගොනු කොට එම කෝවිල ඉවත් කරන ලෙසට නියෝගයක් ලබා දෙන ලෙස අධිකරණයෙන් මීට පෙරදී ඉල්ලා තිබුණි.

මේ නඩුව සලකා බැලූ අධිකරණය නියමිත පුරාවිද්‍යාත්ම සාධක තහවුරු කර ගන්නා තුරු එම කෝවිලේ සංවර්ධන කටයුතු සිදු නොකරන ලෙසත් මහා පරිමාණයෙන් පූජාවන් සංවිධානය නොකරන ලෙසත් වන්දනාමාන කටයුතු සඳහා පමණක් අවසර ලබා දෙන බවත් වවුනියාව අධිකරණය විසින් මීට පෙර දන්වා තිබුණි.

නමුත් මෙම කෝවිලේ ප්‍රධාන පූජකයා තවත් පිරිසක් සමඟ එක්ව එම කෝවිලේ සංවර්ධන කටයුතු යළි ආරම්භ කොට විශාල පූජාවක් පවත්වා තිබේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඊට අමතරව කෝවිලේ තිබූ ප්‍රතිමාවලට හානි සිදු කොට ඒවා ඉවත් කරන ලද්දේ පුරාවිද්‍යා නිලධාරීන් බවටද චෝදනාවක් ඉදිරිපත් කොට තිබේ.

මේ අවස්ථාවේදී පුරාවස්තුවලට හානි සිදුකිරීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා නිලධාරීන් නෙඩුන්කෙණී පොලිසියට පැමිණිල්ලක්ද දමා තිබුණි.

නෙඩුන්කේණී පොලිසිය මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී ප්‍රධාන පූජකවරයා සහ ඔහුගේ ප්‍රධාන ආධාරකරුවකු පළාතේ නීතිය හා සාමය උල්ලංඝණය වන ආකාරයට හා ජාතිවාදී අදහස් ඉස්මතු වන ලෙසට කටයුතු කොට ඇති බව පෙනී යාමෙන් පසුව ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබේ.

විශාල පිරිසක් මෙම කාර්යට හවුල් වී ඇති නිසාත් ප්‍රධාන පූජකවරයා හා ඔහුගේ ආධාරකරුවා වරද පිළිගැනීමත් නිසා ඔවුන් දෙදෙනාව නිදහස් කළ වවුනියාව අධිකරණය මින් ඉදිරියට අධිකරණ නියෝගවලට පටහැනිව කටයුතු නොකරන ලෙසට තරයේ අවවාද කොට ඇත.

Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකන් පාඩුව බිලියන 15.6 සිට බිලියන 4.4ක් දක්වා අඩුවෙලා!

Next Post

ධූමායනයේදී කෘමිනාශක තනුක කරන්න ඩීසල් වෙනුවට ජලය භාවිත කරන්නැයි යෝජනාවක්

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.