අද සහ හෙට දිනයන්හි බස්නාහිර, සබරගමුව පලාත්වලත්. ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 100ට වැඩි තද වැසි සහ සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවය හේතුවෙන් මේ තත්ත්වය ඇති වී තිබෙන බව එම නිවේදනයේ දැක්වේ.
ගිගිරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළිවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.







