ලලිත් චාමින්ද –
ගාල්ල නගරයට අද (16) පස්වරුවේ ඇදහැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග ගාල්ල වැක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා ඇතිවිය.
ගාල්ල වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ගාල්ල පොලිසිය අසල, ජුල්ගහ, සංඝමිත්තා විද්‍යාලය අසල ජලයෙන් යටිවි තිබුණි.
එමෙන්ම ගාල්ල බද්දේගම ප්‍රධාන මාර්ගයේ හිරිඹුර,බෙලිගහ, දංගෙදර යන ප්‍රදේශද ජලයෙන් යටවි තිබුණි. මේ නිසා දැඩි රථවාහන තදබදයක්ද ඇති විය.

ගාල්ල නගරයේ ගංවතුර පාලන ව්‍යාපෘතිය සඳහා උපදේශන සේවා වෙනුවෙන් රුපියල් මිලියන 21.49ක මුදලක් ගෙවා තිබු නමුත් මෙකි ව්‍යාපෘතිය අතරමග නතරකිරිම හේතුවෙන් ව්‍යාපෘතියේ අරමුණ ඉටුකරගැනිමට නොහැකිවි තිබුණි.
මෙම ව්‍යාපෘතිය යටතේ ගාල්ල නගරයේ ගංවතුර පාලනය සදහා තත්වය හඳුනාගත් ගංවතුර පාලන කාණු පද්ධති 16ක් ඉදිකිරිම සදහා අවශ්‍ය ඉඩම් පවරා නොගැනිම නිසා ඉදිකිරිම් කටයුතු කළ නොහැකි වූයේය.







