අද දිනය තුළ කිසිදු ප්‍රදේශය විදුලිය නොකැපෙන බව විදුලිබල මණ්ඩලයේ සමාන්‍යාධිකාරී ආර්.එම්. රණතුංග මාධ්‍යයට පවසයි. කෙසේ වෙතත් හෙට දිනය අනිද්දා (07) තුළ යම් යම් ප්‍රදේශයන්හි විදුලිය කැපෙනු ඇති නමුත් ලබන බදාදා (08) සිට විදුලි සැපයුම යථා පරිදි සිදුවනු ඇති බව ද ඔහු ප්‍රකාශ කරයි.
නොරොච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත්කරන තෙක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අවම වශයෙන් පැයක කාලයක් හෝ විදුලි සැපයීම අත්හිටුවීමට සිදුවිය හැකි බව විදුලිබල අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය.
දිවයින පුරා ඉකුත් 03වනදා සිදුවූ විදුලි බිඳ වැටීමත් සමග නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයේ විදුලි ජනනයද බිඳ වැටුණි.
විදුලිබල අමාත්‍යාංශය සඳහන් කළේ එම බලාගාරයෙන් සපයන මෙගාවොට් 900 පූර්ණ ධාරිතාව ජාතික පද්ධතියට එක්කිරීමට අනිද්දා සිට හැකි වන බවය.