කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ආණ්ඩුවේ වසර පහ අවසන් වීමට පෙර අවසන් කරන බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.
හිටපු මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසූ පරිදි කිලෝමීටර් ලක්ෂයේ මාර්ග පද්ධතිය හදන්න වත්මන් ආණ්ඩුවට වසර සියයක් යන්නේ නැති බවත් ආණ්ඩුවේ ඉතිරි කාලයේදී එය අවසන් කර පෙන්වීමේ අභියෝගය භාරගන්නා බවත් හෙතෙම අවධාරණය කළේය.
මහාමාර්ග අමාත්‍යාංශ වැය ශිර්ෂයේදී ඊයේ (04) මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදු කල සම්පූර්ණ කතාව පහත දැක්වේ.
“මම ප්‍රථමයෙන් ස්තුතිවන්ත වෙනවා අප අමාත්‍යාංශය සම්බන්ධයෙන් කරුණු දක්වපු විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට. පක්ෂ දේශපාලනයෙන් තොරව මේ රටේ මහා මාර්ග පද්ධතිය හදන්න අපි තීරණය කරලා තියෙනවා. මම මේ අවස්ථාවේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට විශේෂ ස්තූතිය පුද කරන්න කැමතියි.
හිටපු මහා මාර්ග අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා කිව්වා කිලෝමීටර් ලක්ෂයේ මාර්ග පද්ධතිය හදන්න අපිට අවුරුදු සියයක් විතර යයි කියලා. එතුමන්ලාගේ කල්පනාව මේ මාර්ග පද්ධතිය හදන්න එච්චර කාලයක් ගත වෙයි කියලා. අපි කැමතියි ඒ අභියෝගය භාර ගන්න. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ මේ කිලෝමීටර් 100000 වැඩසටහන අපේ අවුරුදු පහ ඉවරවෙන්න කලින් අවසන් කරනවයි කියලා මම ප්‍රකාශ කරනවා. පරිණත නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් උපරිම සහයෝගය ඇතිව අපේ අවුරුදු පහ ඉවරවෙන්න කලින් අපි මේ කිලෝමීටර් 100000 වැඩසටහන අවසන් කරනවා.
කබීර් හෂීම් මැතිතුමා මෙතැන නැතිවුනත් ගෙදර ඉඳන් බලාගෙන ඇති අපි මොනවද මේ කියන්නෙ කියලා. එතුමා ටීවී එක ඉස්සරහට වෙලා දැන් බය වෙලා ඇති එතුමාගේ කාලයේ සිදු වූ දූෂණ වංචා ගැන අපි කතා කරයි කියලා. මම එතුමන්ලාගේ කාලයේ සිදු කල දූෂණ වංචා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එතුමන්ලා මේ පාර්ලිමේන්තුවේ ඉන්න වෙලාවක. අපේ ඉලක්කවලට මේ අවුරුදු පහ ඇතුලත යන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මගේ රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මැතිතුමා ට මාගේ ස්තූතිය මං මේ වෙලාවේ පුදකර සිටිනවා. අමාත්‍යංශ ලේකම් ප්‍රේමසිරි මැතිතුමාටත් මම විශේෂ ස්තූතිය පුද කර සිටිනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති තුමා ,අධ්‍යක්ෂ ජනරාල්තුමා ඇතුළු සියලුම නිලධාරීන්ට මම මේ අවස්ථාවේදී මාගේ ස්තූතිය පුද කර සිටිනවා.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා රාජ්‍ය බලය අරගෙන එතුමා දුන්න පොරොන්දු ඉතාමත් අමාරු කාලයකදි ඉෂ්ට කරගෙන යන නායකයෙක්. එතුමාගේ සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ දී ඉතා පැහැදිලිව සඳහන්ව තිබුණා එතුමා නවීන මාර්ග පද්ධතියක් නිර්මාණය කරනවා කියලා. කිලෝමීටර් ලක්ෂයක් වසර 5 ඇතුළත සංවර්ධන කරනවා කියලා. අධිවේගී මාර්ග පද්ධතිය කඩිනමින් අවසන් කරනවා කියලා. රුවන්පුර අධිවේගී මාර්ගය, කුලුණු මත ඉදිකරන අධිවේගී මාර්ගය , මහනුවර දක්වා ඉදිකරන අධිවේගී මාර්ගය , වරාය දක්වා ඉදිකරන අධිවේගී මාර්ගය යනාදිය වසර 5 ඇතුලත ඉදිකර අවසන් කරනවා. ප්‍රධාන මාර්ග වගේම ග්‍රාමීය මාර්ග සියල්ල සංවර්ධනය කිරීම අපේ බලාපොරොත්තුවයි. අපේ ජනාධිපතිතුමාගේ බලාපොරොත්තුව ගොවි ජනතාවගේ කෘෂි නිෂ්පාදන සියල්ල කඩිනමින් නගරය වෙත රැගෙන යාමයි. මහ ජනතාවට කඩිනමින් තමන්ගේ රැකියා ස්ථානය වෙත යාමටත්, පාසැල දරුවන්ට ප්‍රමාදයකින් තොරව පාසැල වෙතට යාමට
අපේ රටේ ජනතාව අපගෙන් බලාපොරොත්තු වුණේ අන්න ඒ දෙයයි. ශ්‍රී ලංකා ඉතිහාසයට දැවැන්තම සංවර්ධනය කරපු නායකයා තමයි අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමාට 2005 දී අභියෝග ගණනාවකට මුහුණ දෙන්න සිදුවුණා. අවසන් කරන්න බැහැයි කියල කියපු යුද්ධය අවසන් කරන ගමන් එතුමා මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන් සංවර්ධන ව්‍යාපෘතීන් ඉදිරියට කර ගෙන ගියා. ගම්වල තිබුණු බොරලු පාරට කැටගල් අල්ලලා කොන්ක්‍රීට් දාල ගමේ පාරවල් වල ත්‍රී රෝද රථ ගමන් කරන්න පුළුවන් යුගය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ මැතිතුමායි. අද මේ මඩ ගහනවා වගේම 2015දීත් එතුමන්ට මඩ ගැහුවා. බොරු ගොතලා 2015 දී බලය ගත්ත අය මහින්ද රාජපක්ෂ මැතිතුමාට වඩා මේ රට දියුණු කරනවා කියලා කිව්වා. ඒ ආපු අය මේ රටේ ආර්ථිකය විනාශ කලා. මහ බැංකුව අමු අමුවෙ හොරා කෑවා.
රටේ අහිංසක මිනිස්සුන්ගෙන් මුදල් හොරකම් කරපු ආණ්ඩුවක් තමයි පසුගිය යහපාලන ආණ්ඩුව. රටේ ජනතාවට අවුරුදු දෙකක් යද්දි යහපාලන ආණ්ඩුව තිත්ත වුණා. ජනතාව අන්තිමේදී යහපාලන ආණ්ඩුව පැරැද්දුවා. අවුරුදු දෙකක් යනකොට සමූපකාර ඡන්දයක් වත් දිනන්න බැරි තත්ත්වයට යහපාලන ආණ්ඩුව පත් වුණා. යහපාලන ආණ්ඩුවට කොවිඩ් අර්බුදය තිබුන් නැහැ. යුද්ධයක් අවසන් කරන්නට තිබුණේ නැහැ.
චීනයට දෙවනි උන ආර්ථික වර්ධනයක් තියෙන රටක් තමයි 2015 දී ඔවුනට භාර දුන්නේ. ඔවුන් හැම අතින්ම ආර්ථිකය විනාශ කළා. රැකී රක්ෂා නැති කරලා තරුණයන්ගේ අනාගතය විනාශ කළා. ෆොක්ස් වැගන් කර්මාන්ත ශාලාවක් හදලා තරුණයන්ට රැකියා ලක්ෂ දහයක් දෙනවා කියලා ඔවුන්ව රැවැට්ටුවා. ඡන්ද වලට බය උනා. පාර්ලිමේන්තුවේදී ඡන්දයක් ගැන නිකංවත් කතා කළේ නැහැ. අන්තිමේදී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පාරට බැහැලා ඡන්දය පවත්වන්න කියලා අපි මැතිවරණ කොමසාරිස් කාර්යාලයටත් ගියා. රටේ ජනතාවගේ ඡන්ද බලය ලබා දෙන්න අපිට සටනක් කරන්නට සිදුවුණා. ප්‍රාදේශිය සභා ඡන්දයේදී මහින්ද රාජපක්ෂ මහත්තයා හදපු මේ අලුත් පක්ෂයත් එක්ක ජනතාව එක්රැස් වුනා. ජයග්‍රහණය විජයග්‍රහණයක් බවට පත්වුණා. දැන් විපක්ෂය පෙන්වන්න හදන්නේ පාස්කු ප්‍රහාරය නිසයි ජයග්‍රහණය කළේ කියලා . සමුපකාර ඡන්දයක් වත් දිනා ගන්න බැරිවෙච්ච අය අද හදන්නේ සත්‍යය යටපත් කරන්න. බොරුව රජ කර…
බොහොම අමාරුවෙන් මෙතුමාව කරේ තියාගෙන රට වටේ ගිය තමයි දොරවල් කඩලා මෙතුමාව එලියට ගත්තේ. දැන් කියනවා ඡන්ද දෙකක් පරාද ප්‍රේමදාසව කොහොම හරි මේ රටේ ජනාධිපති කරනවා කියලා.රනිල් වික්‍රමසිංහ මහත්තයා ඡන්ද පැරදුණා වගේම තමයි ප්‍රේමදාස මහත්තයා දැන් ඡන්ද පරදින්න පටන් අරන් තිබෙන්නේ. විපක්ෂයෙ කෑලි කෑලි වලට කැඩිලා ඉවරයි. දැන් විපක්ෂයට නායකත්වය දෙන්න නායකයෝ ගණනාවක් බිහි වෙලා. ප්‍රේමදාස මහත්තයට විරුද්ධව කල්ලි තුන හතරක් දැන් පාර්ලිමේන්තුව ඇතුළේ බිහිවෙලා ඉවරයි.
අද මොවුන් පාර්ලිමේන්තුව එලියට ගිහිල්ලා තියෙන්නේ මොවුන්ට පාර්ලිමේන්තුවේ ඉන්න දෙන්නේ නැහැ පහර දෙනවා කියලා පාර්ලිමේන්තු සංගමයට කතා කරන්න, ජාත්‍යන්තර ප්‍රජාවට බොරු ලියන්න . සති ගානක් පාර්ලිමේන්තුව බොරු කියලා ඒ බොරු ටික අහුවෙද්දි පාර්ලිමේන්තුවෙන් මාරු වෙලා ගියා. ගේට්ටුව ගාව ඉන්න ගමන් රුපියල් දෙදහස් පන්සිය ගන්න ඕන නිසා හෙමින් ඇවිල්ලා පාර්ලිමේන්තුවේ වාඩිවෙලා ඉන්න විපක්ෂයේ මන්ත්‍රීවරුන් මම දැක්කා. ඒව මේ වීඩියෝ ක්ලිප් වල තියෙනවා. එලියට ගිහිල්ලා උද්ඝෝෂණය කරලා හෙමින් ඇවිලා වාඩිවෙලා ඉන්නවා. ඔන්න ඔහොමයි මේ රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂය අද කටයුතු කරන්නේ.
කබීර් හෂීම හිටපු මහා මාර්ග ඇමතිතුමා කියනවා මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස පලමුවන වතාවට ලාංකීය කොන්ත්‍රාත් සමාගම් වල දුන්නේ ඒ අය කියලා . මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලයේ තමයි ලාංකීය කොන්ත්‍රාත් සමාගම් 5කට මේ ඉදිකිරීම් කොන්ත්‍රාත් ලබා දුන්නේ. මුල ගල් පවා තියලා ලක්ෂ 27000 කට තමයි කිලෝමීටරයක් හදන්න එදා ලබා දුන්නේ. මේ මාර්ගය කි.මි 41 යි.
යහපාලනය මේක කැන්සල් කරලා එහි ඒගොල්ලන්ගෙ ම කැබිනට් මණ්ඩලය හිටපු දයා ගමගේට අයිතිය තිබෙන ඔලිම්පස් සමාගමට ලක්ෂ 15000 ක් වැඩියෙන් ලබා දුන්නා. 2015 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා පරාජය නොවුනා නම් මේ වෙද්දී මේ අධිවේගී මාර්ගය වගේම මහනුවරට සහ දඹුල්ලට ජනතාව යන්නේ අධිවේගී මාර්ගය වල. ඒගොල්ලෝ හිතාගෙන හිටිය ජනාධිපති තුමාගේ ඉංජිනේරුවරුන් දෙන්නෙක් තමයි මේ ඇස්තමේන්තු සකස් කරන්නේ කියලා. මේ ඇස්තමේනතු සකස් කරන්නේ ඉංජිනේරුවරු. ඉස්සර කිව්වේ රත්තරන් වලින් හදන්න පුළුවන් විදිහේ ඇස්තමේන්තු අධිවේගී මාර්ග හදන්නේ කියලා. මෙනවද යහපාලන ආණ්ඩුව එහෙම කියලා කෙරුවේ. ලක්ෂ 27000 එක ලක්ෂ 42000 ගානේ දුන්නා. නිකන් හදලා බලන්න කිලෝමීටර් 40 කට ලක්ෂ 15000 ගානේ වැඩි වුනහම බිලියන 60ක් 70ක් වැඩියෙන් දුන්නා. අරෙහේ මහබැංකුවට ගුහුවා. ගහලා පර්පචුවල් ට්‍රෙෂරිස් සමාගමේ බිලියන 8.5ක් ඉතුරු කර ගත්තා. මෙහෙන් බිලියන 50කට වැඩිය ගහලා. මේ වගේ පට්ට හොරු ටිකක් හිටියේ පහුගිය යහපාලන ආණ්ඩුවේ. ඒක තමයි ඇත්ත. ඊට පස්සේ ඇවිල්ලා දැන් මඩ ගගහා යනවා හැමතැනම. ඒ නිසා මම කියනවා මේ විදිහට බැලුවොත් එදා පටන්ගතු හැම අධිවේගී මාර්ගයක්ම නතර කෙරුවා විතරක් නෙවෙයි දැවැන්ත දූෂණයකට ලක් කෙරුවා. බිලියන 66කට ඇස්තමේන්තු කරලා තිබුණු පිටත වටරවුම් මාර්ගය මංතීරු 6කට තිබුණු මාර්ගය මංතීරු 4කට අඩු කරලා එම මුදලටම නැවත දුන්නා. කබීර් ඇමතිතුමා ඉන්න වෙලාවේදී මේකට මම උත්තර දෙන්නම්. මෙයාලා හදන්නේ මඩ ගහන්න. කොහෙන් හරි කෙලයක් අරං ඇවිල්ලා මඩගහනවා. පහර දෙනවා. අපේ හොදට වැඩ කරන මැතිඇමතිවරුන්ට මඩ ගහනවා. ඊට පස්සේ කිව්වා කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන බොරුවක් කිව්වා. කරලා තියෙන්නේ කිලෝමීටර් 5, 10, 15 වැනි ගණන් කරලා තියෙන්නේ කිව්වා. මේගොල්ලෝ කරපු රන්මාවත් ගැන මම කියන්නම්. මේ අය වෙන් කලේ බිලියන 10යි. ඒ බිලියන 10න් වියදම් කරලා තිබුනේ බිලියන 2.7යි. අපි ඉතිරි බිලියන 7.2 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දිනුව ගමන් අගමැතිතුමා මුදල් ඇමතිතුමා හැටියට එදා මේ 7.2 විතරක් නෙවෙයි බිලියන 49ක් ගියි ආණ්ඩුවේ ගෙවපු නැති සල්ලි ගෙව්වා. මහාමාර්ග එකට විතරක් නෙවෙයි. අමාත්‍යාංශ ගණනාවකට. අඩුම තරමේ හමුදාවේ රණවිරුවන්ට කන්න දුන්නු සල්ලිවත් ගෙවලා තිබුණේ නැහැ. රෝහල් වල හිටපු රෝගීන්ට කන්න දුන්නු සල්ලිවත් ගෙවලා තිබුනේ නැහැ. ඒ තරමට මේ රටේ ආර්ථිකය වට්ටලා තිබුණේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජයග්‍රහණය කරාට පස්සේ එදා ඒ මුදල් ටික අගමැතිතුමා අනුමත කරලා පලවෙනි මාස 3දීම ගෙව්වා කියන එක අපි මතක් කරන්න ඕනි. එහෙම යුගයක් තිබුණේ. ඒවා අපි මතක් කරලා දෙන්න ඕනි. ඒ නිසා මම මතක් කරනවා කිලෝමීටර් 100000 වැඩසටහනේදී අපි දැන් වෙද්දී හදුනගන තියනවා, ඉල්ලීම් ඇවිල්ලා තියෙනවා පාරවල් 71468ක් එයින් අපි ඇස්තමේන්තු කරලා තියෙනවා පාරවල් 16705ක් අපි දැනට ටෙන්ඩර් කරලා දීලා තියෙනවා 10877ක්. මේ වෙලාවේදී අපි ටෙන්ඩර් කරලා තියෙනවා 468ක්. ඒවා ඉදිරියේදී අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඇස්තමේන්තු කරලා තියෙනවා තව 54763ක්. අපි පාරල් 4000ක් කිට්ටු වෙන් හදලා තියෙන්නේ. 1500ක් විවෘත කෙරුවා ජනාධිපතිතුමා සහ ඔබතුමාගේ ප්‍රධානත්වයෙන්. හැබැයි කබීර් හෂීම් අහුවේ කොහෙද පාරවල් හැදෙන්නේ කියලා. මොකද කබීර් හෂීම් මේ දවස් වල ඉන්නේ ගෙදර. එළියට බහින්නේ නැතිව. ඒකයි.. දන්නේ නැහැ දකින්නේ නැහැ රටේ පාරවල් හැදෙනවා. දැක්කත් නොදැක්කා වගේ තමයි යන්නේ. අපි ඒ වගේම වියදම් කරලා තියෙනවා බිලියන 90කට කිට්ටු මුදලක් පසුගිය මාස 10ට. ඒ නිසා මේවා දකින්න අකමැති මිනිස්සු තමයි අපිට මඩ ගහන්නේ. ඊගලට මෙතුමා කිව්වා අවුරුදු 100ක් විතර යයි කියලා හදන්න. මම කියන්නම් අපිට ඉංජිනේරුවරු 600ක් විතර හිටියා අපේ ජනාධිපතිතුමායි අගමැතිතුමායි අනුමත කරලා ඉවර වෙලා ඉංජිනේරුවරු 200ක් විතර අළුතින් ගන්න අවසර දුන්නා. කාර්මික නිලධාරීන් 150ක් ගන්න අනුමැතිය දුන්නා. ඒවගේ යම් යම් ප්‍රමාණවල් අනුමත කරලා වැඩිකරලා දුන්නා ඉන්න ප්‍රමාණය වැඩි කර ගන්න. එහෙම නැත්නම් මේ ඉන්න ඉංජිනේරුවරයන්ගෙන් පාරල් 71000ක් ඇස්තමේන්තු කර ගන්න හම්බ වෙන්නේ නැහැ. මේ රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරීන් තමයි ඇස්තමේන්තු සකස් කරන්න ඕනි. ඉතින් මේ ප්‍රශ්න ගිහිල්ලා කථා කරපුවහම ජනාධිපතිතුමා සංවේදීව ඇහුම්කන් දීලා අගමැතිතුමා සංවේදීව ඇහුම්කන්දීලා අනුමත කරලා දුන්නා. මේ මහාමාර්ග පද්ධතියට විතරක් නෙවෙයි අපේ ජනාධිපතිතුමා උපාධිධාරීන් 60000කට, රැකියා ලක්ෂයෙන් 37000කට රැකියා දුන්නා. ඒ දුන්නේ ආර්ථික වර්ධන වේගය ඉතාමත් ඉහල අගයක තියන රටක් හම්බ වෙලා නෙවෙයි. ඉතාමත් අමාරු කාලෙක. මේවා අපි අගය කල යුතුයි. මේවා කරන්න බැරි වුණු මිනිස්සු රට විනාශ කරලා අද මඩ ගහන්න හදනවා. අද ගෙදර ඉදන් අහගන ඉන්න විපක්ෂයට කියනවා තමුන්නාන්සේලා මඩ ගහන්න, තමුන්නාන්සේලා මඩ ගහලා රටක් වටින නායකයෙක්ව ගෙදර ඇරපු මිනිස්සු හැටියට ඉතිහාසගත වෙනවා. ඒ වගේම විපක්ෂයට මතක් කරනවා මේ ඔක්කොම දගලන්නේ තමුන්නාන්සේලා ගෙනාපු පනත් නිසා පළාත්සභා ඡන්දය පවත්වගන් බැරි නිසා කියලා. පළාත් සභා තිබ්බා නම් තමුන්නාන්සේලා දඟලන්නනේ නැහැ. විපක්ෂයේ ඉන්නවා බුද්ධිමත් අය. ඒ අය අපිට කතා කරලා කියන්නේ ඇමතිතුමා මුන්ට පිස්සු. මේ ආණ්ඩුවක් පෙරලන්න පුළුවන් මේ අවුරුදු දෙකෙන්. මෙහෙම මන්සි වෙලා අන්තිමට අපි හතිවැටෙනවා. හතිවැටුනහම අපි ආපහු විනාශ වෙනවා කියලා. ඉතින් මේක තෙරෙන්නේ නැති විපක්ෂ නායකවරයෙක් ඉන්නේ කියලා සමහර සජබ අය කියනවා. සමහර අය කියනවා විපක්ෂ නායකවරයා ඉන්න එක හොදයි ඔබතුමාලාට. චම්පික, ෆොන්සේකා එහෙම කකුලෙන් අදිනවා. කියලා සමහර සජබ අය ඇවිල්ලා කියනවා. එහෙම බුද්ධිමත් මන්ත්‍රීවරුත් සජබ ඉන්නවා.
අද උද්ඝෝෂණයක් කරන්න ගියා එහෙම යනකොට ඒ පක්ෂයේ මන්ත්‍රීවරු තුන්දෙනෙක්ම කතා කරලා කිව්වා මෙන් මෙහෙම වැඩක් කරන්න යන්නේ, ගේට්ටුව ගාව කියලා. ඔයාලා ගේට්ටුව ගාවට ආවොත් මේ අය ගේට්ටුව ගාව ඉන්නෙත් නැහැ කිව්වා. ඒ නිසා විහිළුකාර විපක්ෂයක් අද ඉන්නේ. මේ අය රාජ්‍ය නිලධාරීන් භය කරනවා. අවුරුදු 65ට දීර්ග කරපුවහම අළුත් අයට රස්සා ගන්න නැති වෙනවාලු.. උපාධිධාරී 60000කට රස්සා දුන්න ආණ්ඩුවකට මේ කියන්නේ. කවුද මේ බොරු ගොතන්න හදන්නේ රාජ්‍ය නිලධාරියා භය කරන්න. පොලීසියේ නිලධාරීන්ව භය කරන්න. කථානායකට ගහලා හරි බොරු ගොතලා හරි බලය ගන්න තමයි දැන් දගලන්නේ. මොනවාටද මහ බැංකුව හොරා කන්න, ව්‍යපෘති වලින් හොරා කන්න. ඒකයි මේ අයගේ බලාපොරොත්තුව. ඉවසීමක් නැහැ. මාස තුනේන මහබැංකුව හොරා කැවා. හොරකම් කරපුවා සිරිකොතට ලොරිය ගෙනල්ලා ගෝනි ගණන් බෙදුවේ. ඡන්දය කරන්න කබීර් හෂිම් තමයි බෙදුවේ. මලික් සමරවික්‍රම වාහනේ පිටිපස්සේ පටවගන ගියා මහබැංකුවෙන් හොරකම් කරපු ටික. ඒ ඔක්කොම සාක්ෂි අපි ගාව තියනවා. එහෙම විපක්ෂයක් අපිට ඉන්නේ. අපි ජනතාට කියනවා පොරොන්දු වෙච්ච සුරක්ෂිත රට, සංවර්ධිත රට අපි නිර්මාණය කරනවා. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500ක් මහාමාර්ග පද්ධතිය සංවර්ධනය කරන්න දුන්නා කියන එක මම මතක් කරනවා. අපිට ඩොලර් අර්බුදය තියනවා. එක අපි දන්නවා. අපේ මුදල් ඇමතිතුමා ඉංදියාවට ගියා. තව රටවල් වලට යනවා. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් පරිදි එතුමා ඉතාමත් හොදට මුදල් අමාත්‍යාංශය මෙහෙයවගන යනවා. එතුමා දන්නවා ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ බලාපොරොත්තුව මොකක්ද කියලා. ඔය තාවකාලික අර්බුද ඉක්මනින් අවසන් කරලා මේ රට දියුණු කරලා තමයි අපි ආපස්ස බලන්නේ කියන එක මම මතක් කරනවා. මේවාට උත්තර දෙන්න සදුදාටවත් ඇවිත් තමන්ගේ ජනතාව වෙනුවෙන් ඇවිත් කතා කරන්න කියලා අපි ආරාධනා කරනවා. තුටුටු දෙකේ දේශපාඥයන් වෙනුවෙන් පෙනී සිටින්නේ නැතිව බුද්ධිමත්ව කටයුතු කරන්න. පාර්ලිමේන්තුව තුලවත් පිටතදීවත් නැමෙන්නේ නැහැ කියන එක මම මතක් කරනවා. අගමැතිතුමාගේ පැමිණිමත්, මන්ත්‍රීවරුන්ගේ පැමීනිමටත් මම ස්තුති වන්ත වෙනවා.” යැයි අමාත්‍යවරයා කීය.
මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා කල ප්‍රකාශයට පිලිතුරු දුන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,
“ගරු කතානායකතුමනී, ….
ගරු මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා ප්‍රකාශ කෙරුවා. ඊයේ දින ඇතිවුණු ප්‍රශ්නය ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ වීඩියොපට ඒවට සාක්ෂි දරයි. ඊයෙ ඇතිවුණු සිද්ධියෙන් මනුෂ නානායක්කාර මන්ත්‍රිතුමා ඔබතුමා ගාවට දුවගන ආවා. මගේ යුතුකම ඔබතුමාව ආරක්ෂා කිරීම.
කරුණාකරලා අහන් ඉන්න පුරුදු වෙන්න. තමුන්නාන්සේලා කියන දේ අපි අහගෙන හිටියා. අපි කියන දේ අහන් ඉන්නත් හයියක් හදාගන්න. අහගෙන ඉන්නත් කොන්ද පන තියෙන්න ඕනා .
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට කිසිම අයිතියක් නැහැ ඔබතුමාට තර්ජනය කරලා වෙලාව ගැන අහන්න. ඒ වගේම මේ අය හිතන් ඉන්නවා මෙයාලගේ ආණ්ඩුවක් තියෙනවා කියලා. ඔබතුමා ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී කතානායක වරයෙක්. කරූ ජයසූරිය වගේ නෙවෙයි. එතුමන් හැසිරුණු ආකාරය අපට මතකයි. එදා විපක්ෂයට රීති ප්‍රශ්නයකටවත් (point of order) එකකටවත් ඉඩදුන්නේ නැහැ. ඔබතුමා අද රනිල් වික්‍රමසිංහ මහත්තයව අමතන්නේ හිටපු අගමැති තුමා කියලා. හැබැයි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කිව්වේ මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කියලා. ඒවා අපිට අමතක වෙන්නේ නැහැ. ගරු කථානායකතුමනි ඔබතුමාව රකින්න මම ආවේ. කිසිසේතම ඔබතුමාට අත තියන්න විපක්ෂයට අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක අපි මතක් කරනවා.
විපක්ෂ හැසිරෙන්නේ තොත්ත බබාලා වගේ. අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා ඔබතුමාට තර්ජනය කල මනුෂ නානායක්කාර ගැන පරීක්ෂණයක් කරන්න කියලා.”
කාංචන විජේසේකර මැතිතුමාගේ පියා සම්බන්ධයෙන් මනූෂ නානයක්කාර මහතා කල ප්‍රකාශයට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා,
“සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආපු එරාන් වික්‍රමරත්න මැතිතුමා මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ සිටීම ගැන මම ස්තුතිවන්ත වෙනවා හර්ෂ ද සිල්වා ම ගොඩක් ගරු කරන මන්ත්‍රීවරයෙක් එතුමා සෑම වෙලාවේම වංචා ගැන මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා. ඔබට මේ වගේ ප්‍රශ්න කවදාවත් ඇවිල්ලා නැහැ. එරාන් මන්ත්‍රීතුමාට මෙවැනි සිද්ධියකට මුහුණ දෙන්න වෙලා නැහැනේ මේ පාර්ලිමේන්තුවේ මේ කැබිනට් පත්‍රිකාව ගැන අපි සියලු දෙනාම දන්නවා ප්‍රසම්පාදන ක්‍රියාවලියට එකඟවෙලා නියමිත ආකාරයට.
කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා කැබිනට් මණ්ඩලය අනුමත කලේ හිර වෙලා තිබෙන කන්ටේනර් එකක් සම්බන්ධයෙන් .දැන් ඒක හොරකම් කළා කියලා චෝදනා කරනවා .මාළු මුදලාලි කෙනෙක් ඔරලෝසුවක් දුන්නා කියලා චෝදනා කරනවා. කාංචන මැතිතුමා ඔය කියන ඔරලෝසු අවුරුදු ගාණක ඉඳලා අතේ බඳිනවා. මඩ ගහන එකෙත් සීමාවක් තියෙන්න ඕනා .තමන්ගේ තාත්තා බෝම්බ ප්‍රහාරයකට ලක්වෙලා අසනීපයෙන් අද සිටින මොහොතක ඔවු දුක් විඳින්නේ ඒ හේතුව නිසා දැයි කියලා චෝදනා කරන එකට අපි විරුද්ධයි. මනුෂ නානායක්කාර කියන්නේ ඊයේ කතානායකතුමාට පහර දෙන්න ආපු කෙනා. අද විපක්ෂයට විවේචන වලට මුහුණ දෙන්න බැහැ . අන්න ඒ නිසා ඔවුන් අද පාර්ලිමේන්තුවෙන් පැනලා ගියා. ඔවුනට ඉදිරිපත් කරන කරුණු නැහැ. තිබෙන්නේ බොරුව. මොවුන් පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා ජාත්‍යන්තරයට කතා කරන්න හදන්නේ . මොවුන් කල්ලියක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මඩගහනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මේ රට පාලනය කරන ජනාධිපතිතුමාට මඩගහනවා. විපක්ෂය සෑම විටම කරන්නේ බොරුව. එරාන් වික්‍රමරත්න මැතිතුමා හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා, ඔහුට ඡන්දයක් ඉල්ලන්න වත් බැහැ .ජාතික ලැයිස්තුවෙන් තමයි පාර්ලිමේන්තු ආවෙ .දැන් ඇවිල්ලා අපිට උගන්වනවා ආණ්ඩුව කරන හැටි. මොවුන් බංකොලොත් දේශපාලනඥයෝ .මොවුනට ඇත්තටම මුහුණදෙන්න බැරි නිසා අද පැනලා යනවා. විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු දැන් මට කතා කරලා කිව්වා මොවුන්ට පිස්සු ඔන්න දැන් පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණයක් කරන්න හදනවා කියලා. දැන් සවස දෙකට පාර්ලිමේන්තුව අසල උද්ඝෝෂණයක් කරනවා. මනුෂ නානායක්කාරලා වැනි එහෙට මෙහෙට පනින අය ගෙනල්ලා මේ පාර්ලිමේන්තුව විනාශ කරනවා. දැන් පාර්ලිමේන්තු ඉස්සරහට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ කියලා. මේක විපක්ෂයේ විවාදය මේක අපේ නෙවෙයි. අපිට සියයට හතළිහක් හා විපක්ෂයට සියයට හැටක්. අපිට 159 යක ඉඳලත් හම්බ වෙන්නේ සියල හතළිහයි. විපක්ෂයට හම්බවෙන සීයට හැටක වේලාවෙන් කරන්නේ මඩ ගහන එක. විවාදය ඉල්ලපු ආයට විවාදය එපා කියනවනම් අපිට තීරණයක් ගන්න පුළුවන් ඉතුරු කාලය අපි දෙමළ සන්ධානයට ලබා දෙන්න පුළුවන්. විපක්ෂය නියෝජනය කරන දෙමළ පක්ෂ වලට විපක්ෂය සලකන්නේ නැහැ. ඔවුන්ගේ ඡන්ද ටික ලබාගෙන ඔවුන්ට නොසලකා හැරලා තියනවා. අද විපක්ෂය නියෝජනය කරන දෙමළ සංධානයට වෙන් කරලා තියන කාලය ඒ අය එපා කියනවනම් අපිට පුළුවන් පාර්ලිමේන්තුව වැඩකටයුතු අවසන් කරන්න. ඒකෙන් ඉතුරු වන මුදල් ටික ඉතුරු කරන ජනතාවට සලකන්න අපිට පුලුවන්.” යැයි ද අමාත්‍යවරයා කීය.