කීර්ති ප්‍රනාන්දු –
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
පෙට්‍රල් 92 රුපියල් 02කින් ද, ලංකා සුදු ඩීසල් රුපියල් 03කින් ද, ලංකා භූමිතෙල් රුපියල් 05කින් ද ඉතා සුළු වශයෙන් අඩුවී තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපිරී ඩීසල් මිල සංශෝධනය වී නැත.
මිල ගණන් වෙනස් වූ අයුරු පහත දැක්වේ.








