ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අද (05) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමු වී ඇතැයි වාර්තා වේ.
ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මෙම හමුවේදී සාකච්ඡා කර ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි.
මේ අවස්ථාව සඳහා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ ඇතුළු මන්ත්‍රීවරුන් 12 දෙනෙක් සහභාගී වී ඇත.
අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂගෙන් කළ විමසීමක දී ඔහු ලංකාසරට පැවසුවේ බැසිල් රාජපක්ෂ පාර්ශවය 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසීමක් කළ බවය.
ඉදිරිපත් කිරීමට යන 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ප්‍රධානම කරුණක් වූයේ ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමේ අයිතිය අහිමි කිරීමය.







