තමන් අග්‍රාමාත්‍ය ධූරයේ සිටි කාලයේදී තමන් සතුව සෑබෑ බලයත් නොතිබුණු බවත් තමන්ට අවශ්‍ය පරිදි තීන්දු තීරණ ගැනීමට අවස්ථාවක් නෙතිබුණු බවත් පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසයි.
පසුගියදා විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එකවෙමින් ඉම්රාන් ඛාන් පළමු වරට අනාවරණය කළ අතර එහිදී පාකිස්ථානයෙ සෑබෑ බලය වෙනත් පාර්ශ්වයක් සතුව බවටද චෝදනාත්මක ස්වරූපයෙන් අදහස් දැක්වීමක් සිදුකර තිබිණි.
මගේ දෑත් බැඳලයි තිබුණේ. අපිට සෑම පැත්තකින්ම තර්ජන එල්ල වුණා. බලය අපි සතුව නෙමෙයි තිබුණේ. හැමෝම දන්නවා ඇත්තටම පාකිස්ථානයේ බලය තියෙන්න කා සතුවද කියලා. ඒ නිසා අපිට ඔවුන් මත යැපෙන්න වෙනවා. යනුවෙන් ඛාන් අදහස් දක්වා ඇති අතර එහිදී පාකිථානයේ තුළ සත්‍ය වශයෙන් බලය තිබෙන්නේ කා සතුවද යන්න ඔහු හුදෙක් ජනතාවට ඉඟි කිරීමක් තුළින් එත්තු ගැන්වීමට කටයුතු කර තිබේ.
තමන් බලයට පත්වන විටත් ආණ්ඩුව ඉතාම දුර්වල අස්ථාවර තත්ත්වයක පැවතිය බවත් ඒ අනුව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට සිදුවූ බවද ඛාන් එහිදී පෙන්වා දී ඇත. මෙහිදී ඛාන් පවසා ඇත්තේ තමන් යලිත් එවැනිම අවස්ථාවකට මුහුණ දුන්නහොත් යලි මැතිවරණයක් පවත්වා ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවත් එසේ නොමැති වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීමෙන් වැලකෙන බවද පවසා ඇත.
මෙම සම්මුඛ සාකච්ඡාවේදී ඛාන් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානයට ශක්තිමත් හමුදාවක් පැවතීම අතිශය වැදගත් බවත් පාකිස්ථානයට එල්ලවන බලපෑම් වලට ශක්තිමත් හමුදාවක් නොමැතිව මුහුණ දිය නොහැකි බවයි. එහෙත් ශක්තිමත් හමුදාවක් සහ ශක්තිමත් ආණ්ඩුවක් අතර යම් සමබරතාවක් පැවතිය යුතු බවටද ඔහු එහිදී වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ඒ අනුව ඛාන් මෙහිදී ව්‍යංගාර්ථයෙන් පාකිස්ථානයේ බලය එරට හමුදාව මත කේන්ද්‍රගත වී ඇති බවට පැවසීමට උත්සහ කළද එය සෘජුව පැවසීමට මැලිකමක් දක්වා තිබේ. නිදහසෙන් පසු පාකිස්ථාන ඉතිහාසයේ වැඩිම කාලයක් එරට හමුදා පලනය පැවති අතර එරට ආණ්ඩුවක් පිහිටුවීමට හුමුදා සහය අත්යා වශ්ය බවද පොදුවේ පිළිගන්නා මතයකි.







