බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අදින් ඇරඹී දින 44ක් පුරා පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණය….

by lankasara-editor
අප්‍රේල් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අමායා උඩුවැරැල්ල –

ලෝක් සභාවට සභිකයින් තෝරා පත් කර ගැනීම සඳහා වන ඉන්දියානු මහ මැතිවරණයේ පළමු අදියර අද දින එනම් අප්‍රේල් 19 වන දින ආරම්භ වූ අතර එය ජූනි 1 වන දා දක්වා අදියර හතකින් පැවැත්වීමට නියමිතයි.

පළමු අදියරේ ඡන්ද විමසීමේ දී ප්‍රාන්ත 21 ක සහ මැතිවරණ කොට්ඨාශ 102 ක ජනතාව, රට පුරා සිටින මීළඟ මන්ත්‍රීවරුන් තෝරා ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කරනු ඇති.  ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු උදෑසන 7 ට ආරම්භ වූ අතර සවස 6 ට අවසන් වූ බව සඳහන් වනවා.

එරට මාධ්‍ය වාර්තා කරන පරිදි මෙම මැතිවරණය, 2019 වසරේ පැවති ඉන්දීය මහ මැතිවරණය අභිබවා ගොස් ඉතිහාසයේ මෙතෙක් සිදු වූ විශාලතම මැතිවරණය යි. එය දින 44 ක් පුරාවට පවැත්වීමට නියමිත අතර දෙවැනි ධුර කාලය සම්පූර්ණ කළ වත්මන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මෙවර තම තුන්වැනි ධුර කාලය සඳහා ද භාරතීය ජනතා පක්‍ෂයෙන් තරග කරන බව සඳහන් වනවා.

ඉන්දියාවේ මිලියන 1440 ක ජනගහනයෙන් ආසන්න ලෙස මිලියන 970 ක  පමණ ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බව වාර්තා වනවා. මහ මැතිවරණයට සමගාමීව, ව්‍යවස්ථාදායක සභා 12 ක ආසන 25 ක් සඳහා වන අතුරු මැතිවරණය ද පැවැත්වීමට නියමිත බව එරට මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

ඉන්දියාවේ දේශපාලන පක්‍ෂ 2,500 කට වැඩි ප්‍රමාණයක් ඇති නමුත් ලෝක් සභාවේ සියයට 86 ක ප්‍රතිශතයක ආසන බලයක් දැරුවේ එයින් පක්‍ෂ 10 ක් ය. අදින් ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණයට ප්‍රධාන වශයෙන් ඉන්දියාවේ ජාතික පක්‍ෂ හයක් තරඟ කරන අතර ඒවා නම්, භාරතීය ජනතා පක්‍ෂය (BJP), ඉන්දියානු ජාතික කොංග්‍රසය (INC), ඉන්දියාවේ කොමියුනිස්ට් පක්‍ෂය (මාක්ස්වාදී) [CPI(M)], බහුජන් සමාජ පක්‍ෂය (BSP), ජාතික ජනතා පක්‍ෂය (NPP) සහ ආම් අදම් පක්‍ෂය (AAP) යි. සෙසු පක්‍ෂ ද තරඟ කරන බව සඳහන් වනවා.

RelatedPosts

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ලෝක් සභාව යනු ඉන්දියාවේ ද්විමණ්ඩල පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාව වන අතර එහි ඉහළ මන්ත්‍රී මණ්ඩලය හැඳින්වෙන්නේ රාජ්‍ය සභාව ලෙසයි. ආසන 543 කින් සමන්විත ලෝක් සභාවට මන්ත්‍රීවරුන් තෝරා පත් කර ගනු ලබන්නේ වැඩිහිටි සර්වජන ඡන්ද බලයකින් වන අතර, ඔවුන් වසර පහක් හෝ ජනාධිපතිවරයාගේ උපදෙස් මත සභාව විසුරුවා හරින තෙක් ඔවුන්ගේ ආසන දරන බව ද සඳහන් වනවා. ව්‍යවස්ථාදායක වගකීමක් ලෙස ලෝක් සභාවේ දී ඉන්දියාවේ නීති සම්මත කිරීම, අධීක්ෂණ වගකීමක් ලෙස විධායකය  එහි රාජකාරි සතුටුදායක ලෙස ඉටු කරන බව සහතික කිරීම ආදිය ලෝක් සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම් අතර වනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන ආකාරයට භාරතීය ජනතා පක්‍ෂය නියෝජනය කරන අගමැති නරේන්ද්‍ර මෝදි සහ කොංග්‍රස් නායක රාහුල් ගාන්ධි ඉන්දීය ජනතාවගෙන්  ඡන්ද බලය භාවිත කරන ලෙසට ඉල්ලීම් සිදු කර තිබෙනවා. කූච් බෙහාර්, ජල්පයිගුරි සහ අලිපූර්දුආර් යන ආසන තුනේ හි ඡන්ද විමසීම පැවැත්වෙන බටහිර බෙංගාලයේ අද පැවති මැතිවරණ කටයුතු අතරතුර වරින් වර ප්‍රචණ්ඩ සිදුවීම් වාර්තා වූ බව සඳහන් වන අතර අද පෙරවරු 10 පමණ වන විට භාරතීය ජනතා පක්‍ෂය සහ සමස්ත ඉන්දීය ත්‍රිනාමුල් කොංග්‍රසය යන දෙකම කූච් බෙහාර් ලෝක් සභා ආසනයේ ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කර ඇති බව සඳහන් වනවා.

කොලිවුඩයේ දැවැන්තයින් අද ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණ සිටි අයුරු

මැතිවරණ ප්‍රතිඵල එලඹෙන ජුනි 4 වන දින ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි සඳහන් වන්නේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔටාවා සමූහ ඝාතකයා ඇප එපා කියයි!

Next Post

පාලිත තෙවරප්පෙරුමගේ මළ ගෙදර පැමිණි නලින්ද ජයතිස්ස කළ සංවේදී කතාව….

Related Posts

boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.