බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත කපා දැමූ යාපනයේ දැරියගේ සිද්ධියට සම්බන්ධ වෛද්‍ය කාර්ය මණ්ඩලය වහාම අත් අඩංගුවට ගන්න… නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටිති!

by editor
ඔක්තෝබර් 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

උණ රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට ගිය අට හැවිරිදි දැරියගේ අතක් කපා දැමීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් තුන් දෙනා වහාම අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට නියෝග කරන්නැයි    දැරියගේ අයිතිවාසිකම් වෙණුවෙන් පෙනී සිටින නීතිඥවරු ඊයේ (11)   යාපනය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම පිණිස පත් කොට ඇති කමිටු දෙක විසින්ම ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කොට නොමැත්තේ සිද්ධියට සම්බන්ධ සෞඛ්‍ය නිලධාරීන් ආරක්ෂා කර ගැනීමට බවට විශාල සැකයක් පවතින නිසා පොලීසිය ඔවුන්ව අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර ගැනීමට හැකි වනු ඇතැයි නීතිඥවරුන් අධිකරණය හමුවේ  කියා සිටියහ.

යාපනය රෝහලේ පාලන අධිකාරිය මෙන්ම උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීන් මෙම සිද්ධිය යටපත් කොට සිද්ධියට සම්බන්ධ පිරිස බේරා ගැනීමට කටයුතු කරගෙන යන බවට සාක්කි විශාල ප්‍රමාණයක් ඇති බවද නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.

දැරිය වාට්ටුවට ඇතුළත් කළ අවස්ථාවේදී ප්‍රධාන හෙදිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ඇමතුමක් ලබා ගෙන ඊට පිළිතුරු ලබා දෙමින් සිටි බවට ඇසින් දුටු සාක්කි කමිටුව වෙත ලැබී ඇති නිසා යාපනය ශීක්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු පිරිසට ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කලත් දැරියට වූ අසාධාරණය සම්බන්ධයෙන් මෙතෙක් පියවර ගෙන නොමැති බවද අධිකරණය හමුවේ ප්‍රකාශ වුණි.

මේ නිසා එම වාට්ටුව බාරව සිටි වෛද්‍යවරිය හෙදිය හා පිරිමි හෙද නිලධාරියා වහාම අත් අඩංගුවට ගත යුතු  බවද නීතිඥවරු පෙන්වා දුන්හ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

යාපනය මහෙස්ත්‍රාත් ඒ. ඒ. ආනන්දරාජා   නොවැම්බර් මස 7 වෙනිදාට පෙර කමිටු වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙස  නියෝග කළ අතර එදිනට මෙම නඩුව විභාගයට ගෙන අවශ්‍ය වුවහොත් අදාල නිලධාරීන් අත් අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරණ බවද  ප්‍රකාශ කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස් පරීක්ෂක බාලේන්ද්‍රසිංහ ඝාතන සැකකරු එස්.ටී.එෆ් වෙඩි පහරින් මිය යයි!

Next Post

දක්ෂිණ අධිවේගයේ එක් මංතීරුවක් විවෘත කර දෙන්න ඊයේ රෑ ඉඳන් වැඩ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.