සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන පත්කළ බැසිල්ගේ කමිටුවෙන් තීන්දු කීපයක්

by Lanka Sara Editor
පෙබරවාරි 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රජය කුමන ආකාරයේ බදු සහන ලබා දුන්න ද එම සහන පාරිභෝගික ජනතාවට නොලැබීමේ තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) මුදල් අමාත්‍යාංශයේ දී පැවැති රැස්වීමකදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබේ.

අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුවේ පළමු රැස්වීම එහි සභාපති මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

මෙහි දී වැඩි අවධානය යොමු වූයේ එළඹෙන උත්සවය සමයේ දී රෙදිපිළි සහ ආහාර ද්‍රව්‍ය හිඟයකින් තොරව පාරිභෝගික ජනතාවට ලබා දීම සම්බන්ධයෙනි.

ඇතැම් කූඨ වෙළෙඳුන් රජයේ සහන යටතේ ලබා ගන්නා භාණ්ඩ අධික මිල ගණන් යටතේ අලෙවි කරන බව මෙහි දී අනාවරණ විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට අමතරව ආනයනය කරන අත්‍යාවශ්‍ය භාණ්ඩ නිසි පරිදි පාරිභෝගික ජනතාව වෙත ලබා දීමේ යාන්ත්‍රණය තව දුරටත් විනිවිදභාවයට පත් කිරීම පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක් පැවතිය ද සෙසු සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණවත් තොග පවතින බව මෙහි දී අනාවරණ විය.

එකම භාණ්ඩය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය තුළ මිල ගණන් වල විශාල වෙනස්කම් සහිතව අලෙවි වීම පිළිබඳ මෙහි දී අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මුදල් අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළේ ය.

මෙමගින් පාරිභෝගිකයන් දැඩි අපහසුතාවට පත් වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා වහාම විසඳුමක් ලබා දිය යුතු බව කියා සිටියේ ය.

එහි දී අදහස් දැක් වූ ලසන්ත අලගියවන්න අමාත්‍යවරයා කියා සිටියේ ‘මිල දර්ශනය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය‘ නීතිය මේ වන විට රට තුළ ක්‍රියාත්මක නොවන බවයි.

එබැවින් ඇතැම් වෙළෙඳුන් සිය සිතැඟි පරිදි භාණ්ඩ මිල තීරණය කරන අවස්ථාව ද පවතින බව අනාවරණ විය.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ සම්පූර්ණ මිල දර්ශනය භාෂා තුනෙන් ම ප්‍රදර්ශනය කිරීම වෙනුවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිල ගණන් පමණක් හෝ ප්‍රදර්ශනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි.

මුදල් අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් දෛනිකව දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම අත්‍යාවශ්‍ය භාණ්ඩ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමේ වැඩ පිළිවෙළක් ඇති කිරීම වඩාත් ප්‍රායෝගික බවයි.

එමගින් ආනයනික භාණ්ඩ බෙදී යාමේ විෂමතා නිසි පරිදි හඳුනා ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේ ය.

රට තුළ පවතින විදේශ විනිමය හිඟය තාවකාලික තත්ත්වයක් බව සඳහන් කළ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එමගින් ජනතාවට ඇති බලපෑම අවම කිරීමට රජයේ අපේක්ෂාව බව ද කියා සිටියේ ය.

රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, කාංචන විජේසේකර යන මැති ඇමැතිවරු ද ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිලිනොච්චි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති සමුද්‍රජීව ගේ  තනතුර ගලවයි !

Next Post

මිය ගිය අබ්බාගේ ගෝලයින් 07 දෙනා 23 තෙක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.