අග්‍රාමාත්‍යවරයා සහ ගුරු-විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් අතර හෙට (10) පැවැත්වීමට නියමිතව තිබු සාකච්ඡාව අවලංගු කර තිබේ.
අද පැවැති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ලේකම් ජොසෆ් ස්ටාලින් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ මෙලෙසය.
“හෙට පෙරවරු 11ට අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් තියෙන බවට කලින් දැනුම්දීලා තිබුණා. ඒක හෙට දිනයේ දී නොපවැත්වෙන බව දැනුම්දීලා තියෙනවා.
එතකොට ගුරු – විදුහල්පති වෘත්තීය අරගලයට දින 91ක් සම්පූර්ණ වෙනවා. විශේෂයෙන්ම මේ වන කොට පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සියලු පාර්ශවයන් සුදානම් කිරීමේ වාතාවරණයක තමයි රජය කටයුතු කරමින් ඉන්නේ. හැබැයි ගුරු – විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් තවමත් කිසිවක් කරන්නේ නෑ.”