අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home දේශපාලන

යූ.එන්.පී.ය බෝඩ් ලෑල්ලක් කරන අභ්‍යන්තර බල පොරය

by editor
මැයි 23, 2020 - Updated on මැයි 27, 2020
in දේශපාලන
Share on FacebookShare on Twitter

නොනවතින පොරයක් බවට පත්ව ඇති එක්සත් ජාතික පක්ෂයේ තනතුරු බෙදා ගැනීමේ  තරගය යළිත් කරළියට පැමිණ තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැර  සෙසු ඉහළ තනතුරු  කිහිපයක වෙනස්කම් සිදු කළ යුතු බවට එම පක්ෂය පසුගිය දා තීරණය කිරීමත් සමග මේ දිනවල  තනතුරු පොරය පක්ෂය අභ්‍යන්තරයේ සීතල යුද්ධයක් ලෙසින් මතුව ඇත.

සජිත් ප්‍රේමදාස දැරූ නියෝජ්‍ය නායක හැර තවත් නියොජ්‍ය නායක තනතුරක් ඇති කිරීමත්, අකිල විරාජ් කාරියවසම් දරන මහලේකම් තනතුරට තවත් අයෙක් නම් කිරීමත්, රවී කරුණානායක දරන පක්ෂයේ උපනායක තනතුරට වෙනත් කෙනෙක් නම් කිරීමත් ගයන්ත කරුණාතිලක එම තනතුරෙන් ඉවත් කර වෙනත් පුද්ගලයෙක් නම් කිරීමත්, කබීර් හෂීම් පක්ෂ සභාපතිත්වයෙන් ඉවත් කර  ඒ් වෙනුවට පක්ෂයේ තරුණ  ක්‍රියාකාරිකයෙක්  පත් කරීමත් සැලසුම් කිරීම සමග මෙම තනතුරු පොරය ඇරඹුන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මහාමාන්‍ය ඩී.එස් සේනානායක  ඒක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ යුගයේ සිට වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ දක්වා පක්ෂය අභ්‍යන්තරයේ වරින් වර ඇති වූ බල අරගල පක්ෂයට අවැඩක් සිදුවූවා මිස සෙතක් නොවූ බව අද වනවිට ප්‍රදර්ශනය වෙමින් තිබේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එක්සත් ජාතික පක්ෂය වරින් වර සිදු වූ සෑම බල පොරයකදීම දක්නට ලැබුණේ අරගලයේ ඉහළින් සිටින අයට ඉහළ තනතුරු ලබා ගැනීමට හැකි වීමය. ඒසේ තනතුරු නැතිනම් අලුතින් තනතුරු ඇතිකර ගැනීමය. පිරිසක්  පක්ෂය හැර යෑමය.

බල පොරයේ ප්‍රතිඵලයක් ලෙස එස්.ඩබ්ලියු.ආර්.ඩී.බණඩාරනායක, ලලිත් ඇතුලත්මුදලි, ගාමිණී දිසානායක, වැනි පතාකයන්ට පක්ෂය හැර යෑමට සිදු විය.  ජිනදාස නියතපාල වැනි පිරිස් පක්ෂයෙන් නෙරපා හරින්නට පක්ෂයට සිදුවිය.

එජාප බලපොරය නොවතින රැල්ලක් බවට පත් වූයේ වර්ෂ 1994 වත්මන් නායක රනිල් වික්‍රමසිංහ පක්ෂ නායකත්වය භාර ගැනීමත් සමගය. වර්ෂ 1004 වනවිට පක්ෂයේ සිටි ප්‍රධාන පෙළේ නායකයින් සියලු දෙනා ඒක්කෝ   මිය ගොස් සිටියිහ. නැතිනම් ඝාතනය කර තිබුණහ. පක්ෂය යළි ගොඩගත නොහැකි සේ  බිඳ වැටී තිබිණි. රනිල් වික්‍රමසිංහ පක්ෂය භාරගන්නා විට ඔහුට ශක්තියක් විය හැකි ශක්තිමත් පසුපෙළ හෝ ඉදිරිපෙළ නායකත්වයක් නොවීය.  සිටියානම් ඒ් ගාමිණී අතුකෝරළ පමණි. ඔහුගේ මිය යෑම සමග පක්ෂ නායකත්වය හුදකලා වූ ආකාරයක් පෙනුණි.

නායකත්වයේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයෑමට සිටිය යුතු ඉදිරිපෙළ හා පසුපෙළ නායකයන් මෑත ඉතිහාසය තුළ එජාපයේ සිටියේ නැත.  තනතුරු අපේක්ෂාවෙන්, එම  තනතුරුවලට කෙළ හලමින් නායකත්වයේ කකුලෙන් ඇදීම, එලෙස තනතුරු ලබාගත් උන් එම තනතුරු විසින් ආවරණය කරන  වගකීම් ඉටු නොකිරීම, ගමට ගොස් සිය ඡන්ද බල ප්‍රදේශ ශක්තිමත් කිරීම සිදු කළේ නැත. ඒ් නිසාම ඔවුන් නියෝජනය කරන මැතිවරණ දිස්ත්‍රික්ක මෙන්ම ආසන ඡන්ද දහස් ගණනින් පරාජයට පත් විය. මැතිවරණ ගණනාකවක දී ඒක දිගට පරාජයට පත් විය.  තමන්ට ඇති නොහැකියාව හෙළි නොකර නායකත්වයට චෝදනා කළහ.

එම චෝදනා ලබන්නට අවශ්‍ය පරිසරයක් ද එ.ජා.ප නායකත්වය විසින් නිර්මාණය කරගෙන තිබිණි. නායකත්වයේ දෘඩ අනම්‍යශීලී පිළිවෙත, අතිශය විශ්වාසවන්ත ලෙස සලකන අතලොස්ස පිනවීමට ගනු ලබන අතාර්කක උත්සාහය පක්ෂ අභ්‍යන්තරයේ තියුණු දෙදරා යෑම් මෙන්ම කලකිරීම් ඇති කිරීමට හේතු සාධක නිර්මාණය කළේය.  එහෙත් ඒ දුර්වලතා පදනම් කරගෙන ඉදිරිගාමී සංවාදයක් උපදවා පක්ෂය තුළ සාධනීය වටපිටාවක් ගොඩ නගා ගනු වෙනුවට ඉතාම පටු අවස්ථාවදය සහිතව සිය පැවැත්ම තහවුරු කරගැනීමේ අභිලාෂය සෑම ප්‍රධාන දේශපාලකයෙකුගෙන්ම කැපී පෙනුණි.

වර්ෂ 1994 සිට මේ දක්වා පැවති මැතිවරණ කිහිපයකින් ඒක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරනු ලැබීය. ඒ් සෑම අවස්ථාවකම නායකත්වයේ වරදක් නොකියනවා සේම පක්ෂයේ තනතුරුවලට පොරකෑම  ද මේ පිරිස් නවතා දැමූහ. තමන් ලබන ඇමතිකම් හෝ  වෙනත් වරප්‍රසාද නිහඬව වින්දහ. නායකත්වයේ කාර්යක්ෂම සහ දූරදර්ශී බව කතා කළහ. පරාජයෙන් අනතුරුව පක්ෂය තුළ බලය ඇල්ලීම සඳහා පොරය අරඹා අකාර්යක්ෂම පක්ෂ නායකත්වයක් ගැන චෝදනා කළහ.

මේ පොරයේ ආසන්නම ප්‍රකාශනය සජිත් ප්‍රේමදාස එජාපයෙන් බිඳී ගොස් සමගි ජනබලවේගය පිහිටුවා ගැනීමය.  සජිත් එජාප නායකත්වය ලබාගැනීමට ගෙන ගිය වැඩපිළිවෙළ විටෙක පක්ෂය බිංදුවට පහළ හෙළනු ලැබීය.  බොහෝ ගැටුම් ඇතිවිය. වරෙක සිරිකොත පක්ෂ මූලස්ථානය පවා විනාශයට පත් වූයේය.  ඒ් ගමන ඔහු අවසන් කළේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු 80  සමග එක් වී වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමෙනි.

අද වනවිට එක්සත් ජාතික පක්ෂය පැදුරෙන් බිමට වැටී ඇත. තව වැටෙන්නට තැනක් නැත. ඒවන් තත්වයකට පත්ව තිබියදීත් ඔවුහු යළිත් තනතුරු පොරයක් ඇරඹී ඇත. හාස්‍ය ජනකම කාරණාව වන්නේ බෝඩ් ලෑල්ලක් වෙමින් ඇති පක්ෂයක ප්‍රතිසංවිධානය පසෙක තබා සිදු කරන මේ මන්දබුද්ධික පොරය අවසනායේ දී මේ උදවිය අත්පත් කරගනු ඇත්තේ කුමක් ද යන්නය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී හමාරය.  එජාපය බෝඩ් ලෑල්ලක් වෙමින් ඇත. නව දේශපාලන ප්‍රවණතා ගොඩ නැගෙන්නට ඉඩ දී මේ කුණු වන සම්ප්‍රදායන් ඉවත් වීම රටට යහපත්ය. එහෙත් ඛේදවාචකය වන්නේ පරණ කුණු මත අලුත් ඉහඳ පණුවන්න උපදින්නා සේ  බලය අභිලාෂයෙන්  ගොඩනැගෙමින් ඇති මේ දේශපාලන ප්‍රවාහ තුළ කිසිම ජනතාවාදී නැවුම් අර්ථයක් නොමැති වීමය.

Share80Tweet43
Previous Post

නැගෙනහිර පුරාවස්තු රැකීමේ වගකීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න අතට

Next Post

නාවික හමුදා මුරපොළක් පිහිටුවා මුහුදු මහා විහාරයේ ගැටලුව විසඳිය හැකි ද?

Related Posts

Ali-khameni
දේශපාලන

ඉතිහාසගත වුණු අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය හෙවත් ශියා මුස්ලිම්වරුන් එක්සත් කළ දීර්ඝ සමුගැනීම!

ජූලි 11, 2026
දේශපාලන

සුගීෂ්වර බණ්ඩාර හිරේ ගියේ දේශපාලන පළිගැනීමකට ද?…

ජූනි 18, 2026
දේශපාලන

ඇමෙරිකා – ඉරාන යුද්ධයට තිත තැබෙන සාම රාමුවෙන් පසු…. ට්‍රම්ප් තමන් විසින්ම ඇදගත් අර්බුදයකින් ගැලවුනා ද?!

ජූනි 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.