බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජීවිතය සංස්කෘතිය

නාවික හමුදා මුරපොළක් පිහිටුවා මුහුදු මහා විහාරයේ ගැටලුව විසඳිය හැකි ද?

අක්කර 72 ක පුරාවිද්‍යා බිමෙන් ඉතිරිව ඇත්තේ අක්කර 6 යි... ඉස්තාලය වසා ඇත්තේ අශ්වයා පැන ගිය පසු ද?

by editor
මැයි 23, 2020
in සංස්කෘතිය
මුහුදු මහා විහාරයේ නටබුන්...

මුහුදු මහා විහාරයේ නටබුන්...

Share on FacebookShare on Twitter
මුහුදු මහා විහාරාධිපති වරකාපොල ඉන්දසිරි හිමි
නැගෙනහිර පළාත් ආණ්ඩුකා අනුරාධා යහම්පත්
ඉදිවෙමින් ඇති ප්‍රතිමා
අභිනවයෙන් ඉදිකළ දාගැබ් වහන්සේ

සුසන්ත අමර බන්දු –

නැගෙනහිර පුරාවස්තු ආරක්ෂා කිරීමේ වගකීම ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න වෙත පැවරී තිබේ.  එය උරුමය ආරක්ෂා කිරිම සම්බන්ධව ගත්  ඵලදායි ප්‍රවේශයක් ලෙස පෙනෙන්නේ නැගෙනහිර ගෝත්‍රික දේශපාලනයට මෙන්ම රාජ්‍ය තන්ත්‍රයේ දූෂිත ස්වරූපයට පෑගී රටේ නීතිය යටපත් වී ඇති ආකාරය පෙනුණ හෙයිනි.

එහෙත් උරුමය රක්ෂා කිරීම යනු අතිශය ශාස්ත්‍රීය කටයුත්තක් හෙයින් ඒ සම්බන්ධව ප්‍රමාණිකයන්ගේ දැනුම හා මැදිහත් වීම ලබාගෙන කටයුතු කළ හැකිනම්, එමෙන්ම මේ ප්‍රවේශය හුදු මැතිවරණ අභිලාෂ සහිතව සිංහල බෞද්ධ ජනතාව ප්‍රමෝදයට පත් කිරීමේ ලාභ ඉලක්කයෙන් ගත් තීන්දුවක් නොවේ නම් රට වෙනුවෙන් තබන ලද බර සාර අඩියක් බව පැහැදිලිය.

මුහුදු මහා විහාරය 

නැගෙනහිර උරුමය වැනසීම සම්බන්ධව කියැවුණ  ආසන්නම ප්‍රකට උදාහරණය පොතුවිල්  මුහුදු මහා විහාරය ය. මුහුදු මහා විහාරය යටතේ ඇති පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත්  ඉඩම් එලිපිටම කොල්ල කෑවේය.    දශක කිහිපයක් පුරා පුරා විද්‍යා බලධාරින්ගේ දැඩි නොසලකිල්ල නිසා හා ඇතැම් රාජ්‍ය නිළධාරින්ගේ  අකාර්යක්ෂම කටයුතු නිසාත්  අක්කර 72 ක් පමණ වූ පුරාවිද්‍යා රක්ෂිතයෙන්  මේ වන විට මුහුදු මහා විහාරයට ඉතිරිව ඇත්තේ ඉඩම් අක්කර   හයක් පමණි. ඒ ටික ආරක්ෂා කර දෙන්නට හා උරුම සංහාරය නැවැත්වීමට දැන් මුහුදු මහා විහාරය අසල නාවික හමුදා මුරපොලක් ස්ථාපිත කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ පොතුවිල නගර මධ්‍යයේ පිහිටා ඇති මෙම පුදබිම පුරා පුරාවස්තු රැසක් විසිර තිබෙන අතර ඉපැරණි පිළිම ගෙය සුවිශේෂී බවක් උසුලයි. ඒ සමග ඒ දෙපස ඇත්තේ මුරගල් යුගලයකි. 07 වන සියවසට අයත්යැයි සැලකෙන බුදුපිළිම වහන්සේගේ ප්‍රතිමාව දෙපස අවලෝකිතේශ්වර බෝධි සත්ව ප්‍රතිමා දෙකකි. තවද මීට වසර කිහිපයකට පෙර මෙම ප්‍රදේශයේ වැලිතලාවෙන් වැසි ගිය නටබුන් රැසක් මතු විය.

RelatedPosts

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ඉඩම් කොල්ලය

ජනවහර අනුව මුලින් පුදබිමට හිමිව තිබූ භූමි ප්‍රමාණය  අක්කර 264කි.   1951 ජනවාරි 26 දින ආචාර්ය සෙනරත් පරණවිතාන  විසින් මතුපිට පුරා විද්‍යා ස්මාරක සහිත භුමියක් ලෙස අක්කර 72යි රූඩ් 03යි පර්චස් 13 ක් භුමියක් ලෙස මෙම පුද බිමට වෙන් කර ගැසට් කරන ලදි.

එහෙත් නැවතත් 1965 මැයි 28 දින ගැසට් නිවේදනය නිසා මෙම භුමියෙන් ඉතිරිවුයේ අක්කර 30ක් පමණි. ඉතිරි පුරා විද්‍යා භුමියම අවට ප්‍රදේශවාසින් විසින් අත්පත් කරගෙන තිබුණි.  දැනට අක්කර 72 භූමිය තුළ නිවාස 350කට ආසන්න ප්‍රමාණයක් ඇත. අක්කර 30 සිමාව තුළ ජයභුමි ඔප්පු 41 එකකි. ප්‍රකාශිත ඔප්පු 65කි.  එහෙත්පු මේ බිම පුරාවිද්‍යා භූමියකි. ගැටලු එතැනය.

එතැන් සිට මේ වන තෙක් ගතවු කාලය පුරාම  මුහුදු මහා විහාරයේ ඉඩම් කොල්ලය නොනවැති සිදුවිය. දැන් පුදබිමට ඉතිරිව ඇත්තේ අක්කට 6කටත් අඩු භූමියකි. මේ බිම අල්ලා ගන්නට ද අවට පදිංචි කරුවෝ කටයුතු කරති.  පුදබිමේ ඉදි කරන ලද දාගැබ ආසන්නයේ මේ වන විටත් වැටක් ගසමින් ඇත. තවත් බිම් තිීරුවක් ඇතැම් පුද්ගලයින් විසින් අල්ලාගෙන සංවර්ධනය කරමින්  සිටී. ඒ දාගැබට අඩි තිහ හතලිහක් දුරකිනි.  එතැන කැණීම් සිදුවේ. එහෙත් බලධාරීන් නිහඬවය.

අන්තවාදී ප්‍රහාර

පුදබිමට එන මාර්ගය දක්වන පුවරුව නිරන්තරවම අන්තවාදීන් විසින් විනාශ කළේය.  ඇතැම් සමයක මුහුදු මහා විහාරයේ  බෞද්ධ කොඩියක්වත් දමන්නට නොහැකිව තිබුණි. ඒ සියල්ලම අන්තවාදින් ගලවා විනාශ කරන ලදි. ඒ නිසා මෙම පුදබිමේ වැඩ වාසය කරන   හිමිවරු  තහඩුවක අඳින ලද බෞද්ධ කොඩියේ අගලෙන් අඟලට ඇණ ගසා තැබුහ.

මූදු මහා විහාරය වසර 14ක කාලයක් තිස්සේ රැකගන්නට එවකට විහාරාධිපතිව සිටි    කතරගම සිලරතන හිමියන් මහත් වෙහෙසක් ගත්හ. ඇතැම් අවස්ථාවක අන්තවාදි පිරිස් පැමිණ සිලරතන හිමියන්ට පොලූ මුගුරු වලින් නොසැහෙන්නට දුන්හ. සිලරතන හිමියන් අපවත්වු පසු 2010 වසරේ සිට මෙම විහරස්ථානයේ වැඩ කටයුතු කරනු ලබන්නේ පුජ්‍ය වරකාපොළ ඉන්දසිරි හිමියන්ය. තවත් හිමිවරු දෙනමගේ සහයෙන් මෙම පුදබිම දිනෙන් දින දියුණු කරන්නට උන්වහන්සේ කැප වී සිටිති.  නව බුද්ධ මන්දිරය සහ තැන් තැන්හි පිළිම වහන්සේලා ඉදිවෙමින් ඇත.  රණවිරුවන්ගේ දායත්වයෙන් සහ පරිත්‍යාගශිලින්ගේ සහයෙන් ඉදිවුණ දාගැබ මේ වන විට මුහදුු මහා විහර්ස්ථානයට මහත් අභිමානයක් ගෙන දෙමින් ඇත. නමුත් අදටත් මෙ විහරස්ථානය වෙත එල්ලව ඇති තර්ජන නම් කිසිම අඩුවක් දක්නට නැත.

පොතුවිල මුහුදු මහා විහාරයේ විහාරාධීපති වරකාපොල ඉන්දසිරි නාහිමි මෙසේ කීහ.

“පසු ගියදා ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න මහතා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානින් සහ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධ යහම්පත් මහත්මිය ඇතුඵ පිරිසක් පැමිණ වත්මන් තත්වය ගැන හොයා බැලූවා. ඒ අනුව මෙම පුදබිමේ ආරක්ෂාවට නාවික හමුදා මුර පොලක් ස්ථාපිත කළා. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත මෙහි පැමිණිය බවත් ඉදිරියේදි පියවරරෙන් පියවර මෙම ගැටළුව විසඳන බවත් මෙහි වැලි කැටයක පවා වෙනස් වෙන්න ඉඩ නොදෙන බවත් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියා.

1951 ගැසට් නිවේදනය අවලංගු නොකර තමා 1965 ගැසට් නිවේදනයේ අක්කර 30 බවට පත් කර තිබෙන්නේ. මේ වන විට එය අක්කර 30 සීමාව තුල අනවසර නිවාස 41 හදලා. එම ඉඩම් වලට 2005 වසරේ චන්දිකා ජනාධිපතිතුමියගේ සමයේ ජයභූමි ඔප්පුත් ලැබිලා. කොහොමද පුරා විද්‍යා රක්ෂිතය තුල ඉඩම් වලට ජය භුමි ඔප්පු ලබා දෙන්නේ. පුරා විද්‍යාවේ නිලධාරින් සහ වෙරළ සංරක්ෂණයේ නිළධාරින් මේ ගැන නිසි ආකාරයෙන් කටයුතු කරන්නේ නැහැ. පුරා විදන්‍ාවේ නොසලකිල්ල නිසා තමයි මේ විනාශය සිදුවුනේ. පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ සහ අගමැති තුමාගේ උපදෙස් මත එස්. එම්. චන්දසේන ඇමතිවරයාද පැමිණ මේ පිලිබදව සොයා බැලූවා.

මෙම පුදබිමට අයිති ඉඩම දෙන්න යනවා කියලා කියනවා. හැබයි අපි කියන්නේ අක්කර 30 නෙවෙයි. 51 ගැසට් නිවේදනය අනුව අක්කර 72යි රූඩ් 03 පර්චස් 16 දෙන්න. ඒ භුමිය පුරා විසිරි තියෙන පුරා වස්තු සංරක්ෂණය කරන්න , කැණීම් කරන්න. අපි පොලිසිය , උසාවි ගානේ ගිහින් මරණ තර්ජන මැද උපවාස අරගල කරලා මෙම පුද බිම රැක ගන්න පුදුම වෙහසක් මහන්සියක් ගත්තේ අක්කර 30 ගන්න නෙවෙයි’. අක්කර 72 පුරා විසිරි තියෙන පුරා වස්තු රැක ගන්න.

අපිට අපේ ඉඩම වෙන් කරලා දිලා ඒ අයට වෙනත් ස්ථානයකින් විකල්ප ඉඩම් දෙන්න. මෙම පුද බිම දියුණු වෙද්දි ආර්ථික ප්‍රතිලාභ ලැබෙන්නේ මෙම ප්‍රදේශයේ ජනතාවටයි. මෙම ප්‍රදශයේ පුරා වස්තු රැක ගැනිමට කටයුතු කරන්න පුරා විද්‍යා සම්බන්ධිකරණ තනතුරක් වැනි දෙයක් ලබා දෙන්න.  වත්මන් ජනාධිපති තුමා සහ අගමැති තුමාගේ අවධානය දැන් මෙතෙන්ට යොමු වෙලා….මේ ගැටලුව නිසිසේ විසදා දෙයි කියලා අපි විශ්වාස කරනවා..

නැඟෙනහිර ආණ්ඩුකාර  අනුරාධා යහම්පත්   මෙසේ පැවසුවාය.

මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් කාලයක් තිස්සේ මෙම විහාරස්ථානයට මුහුණපා තිබෙන ගැටළුව පිළිබඳව මා හට දැනුම් දුන්නා. අක්කර 72ක් තිබ්බ ඉඩම 30 ක් වෙලා පස්සේ අක්කර 17ක් වෙලා දැන් ඉතිරිවෙලා තියෙන්නේ අක්කර 6ක් පමණයි. අල්ලා ගත් ඉඩම් වලට වැටවල් ගහලා සීමා මායිම් දාලා තියෙනවා. මම ආරක්ෂක ලේකම් තුමාගෙන් ඉල්ලීමක් කළා. ඒ අනුව ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ උපදෙස් මත ආක්ෂක ලේකම්තුමා ඇතුළු  ආරක්ෂක ප්‍රධානින් සමග අපි මුහුදු මහා විහාරයට පැමිණ වත්මන් තත්වය ගැන සාකාචිජා කළා. මෙම පුදබිමේ ආරක්ෂාවට ඒ අනුව නාවික හමුදා මුරපොළක් ස්ථාපිත කළා. මෙම පුදබිට අයිති සියළුම නීත්‍යානුකූල භුමිය රැක ගැනීමේ  සටන කිසිදා අත් හරින්නේ නැහැ “ ඇය කීවාය.

මේ වන විට මෙම පුදබිමේ ආරාවුල නිමා කිරිම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ අවධානය යොමුවීම අගය කළ යුතුය.   මේ ගැටලුව  මුළුමනින්ම විසඳා නොදැමුවොත් එය අනාගතයේ මහත් ව්‍යසනයක් කරනු ඇත.

මෙම මුහුදු මහා විහාරය සතු භූමිය කොල්ල කෑමට අන්තවාදීන් පමණක් නොව, ඇතැම් රාජ්‍ය නිළධාරින්ද සහය දක්වා තිබේ. එය පැහැදිලිවම ඔප්පු වන්නේ පුරාවිද්‍යා රක්ෂිතයක් සේ ගැසට් කළ භූමියකට   ජයභූමි ඔප්පු 41 ලබාදි තිබීමෙනි.  රටේ නීතිය යථාවත් කිරීමට නම්  මුහුදු මහා විහාරය සතුව නීත්‍යානුකූලව වෙන් කර තිබූ පුරාවිද්‍යා රක්ෂිතය වන අක්කර 72 ක භූමියය නැවත ලබා ගත යුතුය. එය ප්‍රායෝගිකව අසීරු කටයුත්තක් වුවත් නිසි වැඩපිළිවෙළක් තුළ මේ ගැටලු නිරාකරණය කර ගත හැක.

Share69Tweet43
Previous Post

යූ.එන්.පී.ය බෝඩ් ලෑල්ලක් කරන අභ්‍යන්තර බල පොරය

Next Post

කරච්චි ගුවන් යානයේ නියමුවා කී අන්තිම කතාව

Related Posts

vesak
සංස්කෘතිය

සිංහලයේ වෙසක් උත්සවය හෙවත් සහශ්‍ර දෙකකට අධික අඛණ්ඩ ජන උරුමයක සජීවී ප්‍රකාශනය! – මහාවංසය කියන කතාවක්…

මැයි 30, 2026
sri-maha-bodhi
සංස්කෘතිය

අමරිකාවට වැඩිය ජය ශ්‍රී මහා බෝධිය ටෙක්සාස් පොළොවේ පැල කරගන්න පඤ්ඤාකර හිමියන්ට උපකාර කරන විද්‍යාත්මක මෙහෙයුමේ කතාව….

මැයි 1, 2026
සංස්කෘතිය

මැකී ගිය යුග සලකුණ- ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ ගැන කතාවක්!

අප්‍රේල් 14, 2026 - Updated on අප්‍රේල් 15, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.